පාස්කු බෝම්බයේ ජනාධිපතිගේ කෙරුවාව ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් හෙළිවෙද්දී ගමරාළ ටීවී විකාශය කපයි..! කතානායකට පැමිණිලි කරයි. – ලංකා ඊ නිව්ස්

ලංකා ඊ නිව්ස් -2019.මැයි.30, පෙ.ව.10.10) පාස්කු බෝම්බ මාලාව පුපුරුවා හැරීමේ ඛෙදවාචකයේ දී ජාතික ආරක්ෂාවේ සිදුවූ අඩුපාඩු සහ අනතුර දැනුම් දී තිබියදීත් අනතුර වලක්වා ගැනීමට නොහැකිවූයේ මන්දැයි සෙවීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද විශේෂ තේරීම් කාරක සභාවේ ප්‍රථම සාක්ෂි විමසීම ඊයේ (29) සිදුකෙරුණු අතර එහිදී ජාතික ආරක්ෂාව බිඳ වැටීමේ දී ජනාධිපතිවරයාගේ වගකීම් විරහිත භාවය හෙළිදරව් වෙද්දී පියෝ ටීවී මගින් විකාශය කරමින් තිබූ කාරක සභා සජීවී විකාශය ජනාධිපතිගේ නියෝග අනුව අතරමගදී අත් හිටුවන ලදැයි වාර්තා වේ.

සිද්ධිය වූයේ ජනාධිපතිගේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිටින ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂිය ප්‍රකාශ කරමින් සිටින අතරතුර දී ය. විකාශය කපා දැමීමට හේතු ලෙස පවසා ඇත්තේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු ජනතාවට විවෘත වීම නිසා බවයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කතානායකතුමාට දුරකථනයෙන් අමතා දොස් කියා ඇතැයිද දැන ගන්නට තිබේ.

වාරණය කළ යුත්තේ ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්වන කාරණා මිස ජාතික ආරක්ෂාවට සම්බන්ධ කාරණා නොවේ..
——————————————-
කෙසේ වෙතත් ලංකාවේ ප්‍රථම වරට ජාතික වැදගත් කමකින් යුතු මෙවැනි විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක කටයුතු මාධ්‍ය මගින් ජනතාවට විවෘත කෙළේ ප්‍රථම වරට ය. එහිදී ප්‍රථමයෙන්ම ජාතික ආරක්ෂාව අභියෝගයකට ලක්වන කරුණු හෙළිදරව් වේ නම් මාධ්‍ය ඉන් ඉවත් කළ හැකි යයි කාරක සභා ප්‍රධානීහු සාක්ෂිකරුවන්ට ප්‍රථමයෙන්ම දැනුම් දී තිබිණ. මෙම විශේෂ කාරක සභාව සොයා බලන්නේ ජාතික ආරක්ෂාව බිඳ වැටුනේ ඇයිද කියා බැවින ජාතික ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු සාකච්ඡා වීම වැළැක්විය නොහැකිය. එවැනි කාරණා පාර්ලිමේන්තුවේ දී ද අනන්තවත් සාකච්ඡා කරනු ලැබෙයි. විවෘත නොවිය යුත්තේ ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්වන කාරණා මිස ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණා නොවේ. ජනාධිපති ගමරාළ මෙහිදී තමන්ගේ වැරැද්ද හෙළිදරව් වෙන බැවින් ජාතික ආරක්ෂාවට මුවා වී සත්‍ය දැන ගැනීම ජනතාවගෙන් වසන් කිරීමට ක්‍රියා කර තිබෙන බව පැහැදිලිය.

මේ තත්ත්වයට සත්‍ය දැන ගැනීමට අවශ්‍ය ජනතාව විරුද්ධ විය යුතුය.

ඊයේ සාක්ෂි විමසීමේ දී හෙළි වූ කාරණා මෙසේය.

අනතුර දැනගෙනත් ආරක්ෂක ‌ලොක්කන්ට ඒක ප්‍රධාන මාතෘකාවක් වෙලා නෑ..
——————————
තව්හිද් ජමාද් අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වන බව අප්‍රේල් 4 වෙනිදා රාජ්‍ය බුද්ධ අංශ (SIS) ප්‍රධානී නි.පොලිස්පති නිලන්ත ජයවර්ධනට (ඉන්දියාවෙන්) ප්‍රථම වරට දැනුම් දීමෙන් පසු අප්‍රේල් 9 වෙනිදා ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සමග සියළු බුද්ධි අංශ ප්‍රධානීන්ගේ රැස්වීමේ දී ඒ අනතුරු ඇඟවීම ගැන ප්‍රධාන කාරණයක් ලෙස හෝ අප්‍රධාන කාරණයක් ලෙස හෝ සාකච්ඡා නොකෙළේ යයි ජාතික බුද්ධි ප්‍රධානී (Chief of National Intelligence) අගම්පොඩි නන්ද සිසිර මෙන්ඩිස් මහතා පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ ප්‍රකාශ කෙළේය.

තමාට එස්.අයි.එස් ප්‍රධානී නිලන්ත ජයවර්ධනගෙන් ඒ පිලිබඳව අප්‍රේල් 8 වෙනිදා ප්‍රථම වරට ලැබුණු අනතුරු ඇඟවීමේ ලිපියේ ඒ ගැන සඳහන් කර තිබුනේ බරපතල කාරණයක් ලෙස නොවන නමුත් 9 වෙනිදා රැස්වීම අවසන් වීමට යද්දී තමා මේ ගැන සාකච්ඡාවට ගත් නමුත් ඒ ගැන පොලිස්පතිට දැනුම් දී ඇති බව පැවසීමෙන් පමණක් සාකච්ඡාව නතර වූ බව හේ වැඩි දුරටත් කීය. ආරක්ෂක ලේකම්ට 8 වෙනිදාම තමන් මේ ගැන දැනුම් දුන් නමුත් 9 වෙනිදා රැස්වීමේ දී ඔහු හෝ ඒ ගැන සාකච්ඡාවට නොගත් බවද සිසිර මෙන්ඩිස්ගේ සාක්කියේ දී හෙළි වින.

ජනාධිපති ආරක්ෂක කවුන්සිලය ‌බෝම්බය පුපුරුන තුරුම කැඳවා නෑ..
——————————-
මෙහිදී හෙළි වූ අපූරු සිද්ධිය නම් මේ අනතුර ගැන බෝම්බ ප්‍රහාරයට පෙර කිසිදු ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී සාකච්ඡා වී නැති බවයි. ඊට ප්‍රධාන කාරණය වී ඇත්තේ රටේ ආරක්ෂාව බාර ජනාධිපතිවරයා විසින් කැඳවිය යුතු ආරක්ෂක මණ්ඩල රැස්වීම බෝම්බ ප්‍රහාරයට පෙර අවසන් වරට රැස්වී ඇත්තේ පෙබරවාරි 19 වෙනිදා තරම් ඈත දිනයක දී නිසා ය. අප්‍රේල් 4, 10, 16, 20 සහ 21 දින ප්‍රහාරයට පැය 2 කට පෙරත් අනතුර ගැන දැනුම් දී තිබියදී ජනාධිපති වරයා ආරක්ෂක කවුන්සිලය රැස්කර මේ ගැන සාකච්ඡා කර නැත. ජාතික බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන හෝ පොලිස්පති හෝ ආරක්ෂක ලේකම් හෝ ආරක්ෂක කවුන්සිලය රැස් කරවීමට උත්සාහයක් ගෙන ද නැත. කෙසේ වෙතත් කුමන්ත්‍රණ ආණ්ඩුව කඩා වැටීමෙන් පසුව ජනාධිපතිවරයා පොලිස්පතිවරයාව ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවා ද නැති බව මීට පෙර හෙළි වී තිබිණ.

ටීඅයිඩී නාලක රිමාන්ඩ් කරන්නේ ඔහු සහරාන් අත් අඩංගුවට ගන්න අධිකරණ වරෙන්තු පවා අරන් තිබියදී…
——————————
සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්කියේ දී හෙළි වූ තවත් කාරණාවක් වන්නේ 2016 දී තරම් ඈත වකවානුවක සහරාන් පිලිබඳ තොරතුරු වාර්තා වී තිබී ඇති බවත් පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හෙවත් TID ය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඒ ගැන පරීක්ෂණ කර සහරාන් අත් අඩංගුවට ගැනීමට සාක්ෂිද ලබා ගෙන ඔහු අත් අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක්ද ලබා ගනිමින් සියල්ල සූදානම් කර සිටියදී නාලක සිල්වාව අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලද බවයි. නාලක සිල්වා බොරු චෝදනා නගා රිමාන්ඩ් කරන ලද්දේ ජනාධිපති ගමරාළගේ මෙහෙයැවීමෙන් ජනාධිපති කාර්ය සාධක අංශයකින් වැටුප් ලැබූ ජනාධිපතිගේ හෙංචයියෙකු වන නාමල් කුමාර නමැත්තෙකු ජනාධිපති සහ ගෝඨාභය ඝාතනයට නාලක සිල්වා කුමන්ත්‍රණය කරන ලදැයි කියමින් ඉදිරිපත් කරන ලද බොරු පටිගත කිරීම් වාගයක් පාදක කර ගනිමිනි. ඒ කිසිවක එවැනි ප්‍රකාශයක් සටහන්ව නොතිබිණ. මේ අනුව ඉතාමත් හොඳින් පැහැදිලි වන්නේ මේ බෝම්බ පිපිරීමට ජනාධිපති ගමරාළගෙන් පහසුකම් සැපයීමක් සිදුව තිබෙන බවයි.

ජනාධිපති දේශද්‍රෝහියෙකු යයි ලංකා ඊ නිව්ස් මුල සිටම පවසන්නේ එබැවිනි.

ජාතික බුද්ධි ප්‍රධානියාට බලයක් දී නෑ..
———————————-
ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂියෙන් හෙළි වූ තවත් වැදගත් කාරණයක් වන්නේ අප්‍රේල් 8 වෙනිදා නිලන්ත ජයවර්ධනගේ අනතුරු ඇඟවීමේ ලිපියේ පිටපත ඔහුට ලැබෙන්නටත් පෙර ඔහු විසින් අප්‍රේල් 4 වෙනිදා සහරාන් සහ පිරිස අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාන්විතයක් කළ යුත්තේ කෙසේද කියා පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවයටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ත්‍රස්ත විමර්ශන අංශයටත්, විශේෂ කාර්ය බලකායටත් සංකල්ප පත්‍රිකාවක් යවන ලද බවයි. එවැන්නක් යවා තිබියදී එය ක්‍රියාත්මක නොකෙළේ ඇයිදැයි කියා ප්‍රශ්න කිරීමට තමන්ට බලයක් ලබා දී නැතැයි ඔහු කියා සිටියේ ය. පසුගිය රජය කාලයේ නම් ජාතික බුද්ධි ප්‍රධානියාට එවැනි බලයක් තිබූ නමුත් ජනාධිපති ගමරාළ ආරක්ෂක ඇමැති වීමෙන් පසු ජාතික බුද්ධි ප්‍රධානියාට එවැනි බලයක් තබා ජනාධිපතිට හෝ කරුණු වාර්තා කිරීමට බලයක් ලබා දී නොතිබූ බවද ඊයේ සාක්කි විමසීමේ දී හෙළිදරව් විය.

ජනාධිපති ගමරාළ පියෝ ටීවී විකාශය අත්හිටැවූයේ මේවා හෙළිදරව් වෙද්දී ය.

කෙසේ වෙතත් ලබන අඟහරුවාදා විශේෂ කාරක සභාව යළි රැස්වීමට නියමිත අතර එදින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සාක්කි විමසීමට කැඳවා තිබේ.

ජඩමාධ්‍යකාරයන්ගේ බාධා..
——————————
ඊ‌යේ සාක්කි විමසීමේ දී දක්නට ලැබුණු ඉතාමත් අසංවර දසුන නම් සාක්කි කරුවාට තම සාක්කිය නිදහසේ ලබා දීමට බාධා කරමින් කළ මාධ්‍ය කැමරා කරුවන්ගේ අසංවර හැසිරීමයි. ‌ලෝකයේ ‌කොහේවත් සාක්කි කරුවෙකුගේ අසලම ඔහු පිටුපසට වී සාක්කිය අතරතුරදී ඔහුගේ සහ ඔහු‌‌ගේ ලිපි ‌ලේඛන ‌සේයාරූ ගන්නා මාධ්‍යකාරයන් නැත. ‌මේ තත්ත්වයේ දී කමිටුවේ සිටි ආචාර්ය ජයම්පතී කැමරාකරුවෙකුට අවවාද කළද ඔහු එය ගණන් ගත් බවක් ‌නොපෙණින. ‌මේවා ජාත්‍යන්තරයේද ප්‍රචාරය වන බැවින් ජඩමාධ්‍යකාරයන්ගෙන් තම මාධ්‍ය නිරාවරණය සංවර කර ගැනීමට අදාල කමිටු ප්‍රධානීන් වග බලා ගත යුතුය.

මේ ව්‍යසනය ගැන තොරතුරු ලංකාවේ නිලන්ත ජයවර්ධනට සහ පූජිත ජයසුන්දරට කලින්ම ලබා දුන් එක් අයෙකු වන ශ්‍රී ලංකාවේ තිබෙන ඉන්දීය තානාපති කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාරව සිටින ඉන්දීය ජාතික උසස් පොලිස් නිලධාරියාවද මෙකී කාරක සභාවට කැඳවිය හැකි නම් එය කළ යුතුම දෙයක් බව ලංකා ඊ නිව්ස් අවධාරණය කරමු.

සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්කි විමසීම පහත දිගුවේ ඇති වීඩියෝවේ දැක්වේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *