ජාතික තවුහික් ජමාත් වැඩ ගැන වර්චුසා මෘදුකාංග ඉංජිනේරු අක්‍රම් වමාරයි !

2014 වර්ෂයේ සිට අයි. එස්. සහ මෙරට සම්බන්ධතා පවත්වන පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට තමා කටයුතු කර ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ ‍සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවකු වන අක්‍රම් අහක්කම් නැමැත්තා පොලිස් විමර්ශන හමුවේ ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.

 

පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය බාරයේ පසුවන ඔහුගෙන් ප්‍රශ්න කිරීම් දිගටම සිදුකරන අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මෙකේ හෙළි නොවූ කරුණු රැසක් හෙළිකරගෙන ඇති අතර තවත් තොරතුරු හෙළිකර ගත හැකි වෙතයි ත්‍රස්ත විමර්ෂන අංශය පවසයි.

 

2015 වර්ෂයේ දී කලුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ ඉස්ලාම් ආගම උගන්වන ස්ථානයකට ඔහු ඇතුළත් වී ඇති අතර එහි දී ඔහුට මේ වන විට අත්අඩංගුවේ පසුවන අහමඩ්, ආදිල් අමීස්, උමෙයිර්, ඉන්ෂාෆ්, සෂ්න මොහොමඩ් යන පුද්ගලයන් හමු වූ බව පවසයි.

 

සැකකරු සිටින ස්ථානයට පැමිණි ඉමාඩ් නමැති පුද්ගලයකු අයි.එස්. සමග එක්වීමට තුර්කිය බලා ගොස් ඒ ඇති අතර 2015 වර්ෂයේ මැද භාගයේදී නැවත මෙරටට පැමිණ තිබේ. මෙරටට පැමිණිමෙන් අනතුරුව දේශන මාලාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට දෙහිවල බෝම්බකරු වූ ජමීල් සහ ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරුණු එක් බෝම්බකරුවෙක් වූ ඉල්හාම් ඊබ්‍රහීම් සහභාගි වී ඇති අතර මෙම දේශන එකිනොගේ නිවෙස්වල පවත්වාගෙන ගිය බව අක්‍රම් හෙළිකර ඇත.

 

පසුව මෙලෙස කොළඹ ආශ්‍රිතව එකතු වූ පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් කල්මුණේ පදිංචි හුස්නි මුබාරක්ගේ විවාහ මංගල්‍යට ගොස් ඇති අතර ඔවුන්ට මොහොමඩ් සහරාන්ව හමුවී ඇත්තේ කාන්තන්කුඩි ප්‍රදේශයේ ඔහු පවත්වාගෙන ගිය ජාතික තවුහිද් කාර්යාලයේ දී ය.

ඉන් අනතුරුව සහරාන් හා ඔහුගේ සොහොයුරා වූ සෙයිනි ඇතුළු පිරිසකුත් සමග කොළඹ ඒකරාශී වූ පිරිස් අන්තවාදී කණ්ඩායමක් පිහිටුවා එහි නායකත්වය උමෙයිර් ලෙසින් හඳුන්වන ලද පුද්ගලයකුට පවරා දී ඇත.

 

2016 වර්ෂයේ අවසාන කාලයේ දී මල්වාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක දේශල ශාලාවක් වෙන්කර ගත් මෙම පිරිස දිවුරුම් දීමක් එහි දී සිදුකර තිබේ. එම වර්ෂයේ දී ඉල්හාම් ඊබ්‍රහිම්ගේ තඹ කර්මාන්ත ශාලාව ගංවතුරට හසුවීමෙන් වන්දි ලෙස ලැබුණු රුපියල් කෝටි පහක මුදලක් ඔහු ඔහු ලබා දී ඇති බවත් සැකකරු පාපෝච්චාරණය කර ඇත.

 

පසුව මහනුවර අරුප්පොළ ප්‍රදේශයේ නිවසකට එක්රැස් වූ පිරිස පන්සල්වල බුදු පිළිම කැඩිය යුතු බවටත් එවන් අවස්ථාවක දී යුදමය තත්ත්වයක් ඇති වුවහොත් මරාගෙන මැරීමටත් සූදානම් විය යුතු බවටත් එහි දී සාකච්ඡා කළ බව අක්‍රම් පවසා ඇත.

 

සැකකරු පවසන පරිදි පසුව වැඩමුළු කිහිපයක් පවත්වා ඇති අතර ඒවා අවසානයේ සහරාන් විසින් මරාගෙන මැරෙන කණ්ඩායමට සම්බන්ධ වීමට කැමති පිරිස පිළිබඳව විමසා ඇත. එහිදී දෙහිවල බෝමබකරු වූ ජමීල් සහ කොච්චිකඩේ බෝම්බකරු වූ මුආත් ඉදිරිපත් වූ බවත් අක්‍රම් පවසා ඇත.

 

2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී තමා සේවය කරන පෞද්ගලික ආයතනයට පැමිණි දෙහිවල හා කොච්චිකඩේ බෝම්බකරුවන් තමන් හමු වූ බව ද ප්‍රශ්න කිරීම් හමුවේ අක්‍රම් අහක්කම් හෙළිදරව් කර ඇත. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙම සැකකරු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රහාරය හෙළා දකිමින් විවිධ ප්‍රකාශ සිදු කර ඇති අතර ඔහු අබු කලීඩ් යන නාමයෙන් විවිධ සමාජ ගිණුම් පවත්වගෙන ගොස් ඇති අයුරු ද හෙළි වී ඇත.

දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින් විසින්ය

 

මනෝජ්

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *