වෛද්‍ය සාෆි ගේ LRT උහත්කෝටිකය – වෛද්‍ය ආසිරි මුණසිංහ

මේ වන විට මහත් ආන්දෝලනයට තුඩුදී ඇති කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහ ඔහු සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ සිදුවීම ගැන මේ වන විට වෛද්‍ය ක්ශේත්‍රයේ වෘත්තිකයන්ගේද අවධානයට යොමුව ඇත.

මේ ඒ සම්බන්ධව තවත් වෛද්‍යවරයකු සිය ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහනකි.

වෛද්‍ය සාෆි ගේ LRT උහත්කෝටිකය !

මේ දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන කටගැස්ම බවට පත්ව ඇත්තේ වෛද්‍ය සාෆි සහබ්දීන්ය .

බොහෝ දෙනා ඔහු සහරාන් ,බදුර්දීන් අසාද් සාලි, හිස්බුල්ලා ටත් වඩා දරුණු මට්ටමේ ද්‍රෝහියෙකු බව බවට මත පළ කරමින් සිටි…

ඔහුට විරුද්ධ ව ඇති චෝදනා අතුරෙන් විශාල වත්කම් හිමිව තිබීම , රෝහල තුලදී දරුවන් මාරු කිරීමට උත්සාහ කිරීම,අන්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම, LRT ක්‍රියා කිරීම සඳහා සමහර රෝගීන්ට බලකර සිටීම යන කරුණු පිළිබඳ ව මා කිසිවක් නො දනිමි ..ඒවා සත්‍යයක් නම් වැඩි කල් නොගොස්ම පරීක්ෂණ තුළින් එළි වේවී යැයි සිතමි ..

එහෙත් අර වඳ සැත්කම් 4000 පිළිබඳව යම් කිසිවක් ප්‍රකාශ නොකළ හොත් එය අඩුවක් මෙන් සිතූ වූ නිසා අවසානයේ මුනිවත රැකීමට වඩා මා අදහන සත්‍යය පැවසීමට සිතුවෙමි ..

මා වෛද්‍ය සාෆි හඳුන ගත්තේ මීට වසර දහයකට පමණ පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලහි රෝහලේ නේවාසික වෛද්‍යවරයෙකු ලෙසින් සේවය කළ කාලයේදී ය.කනිෂ්ඨ ,ජේෂ්ඨ,කම්කරු සියලුම දෙන හටම ම උදවු උපකාර කරමින් රෝගීන් හට අවශ්‍ය සේවය ලබා දුන් වෛද්‍යවරයෙකු ලෙසින් මා ඔහු හඳුනාගෙන සිටියෙමි . එලෙසින් මිත්‍රයෙකු ලෙසින් අප දැන හදුනාගෙන සිටි වෛද්‍ය සාෆි ගේ දෑත් වලට මාංචු දමා,පොලිසියෙන් රැගෙන යන අයුරු ජන මාධ්‍යයේ නැවත නැවතත් විකාශනය වන අයුරු දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි …

ඔහු සේවය කළ ප්‍රසව හා නාරි අංශයේ ස්කෑන් කිරීම් ,ප්‍රසූත කිරීම් ,සිසේරියන් සැත්කම් මෙන්ම අනෙකුත් ශල්‍යකර්ම වලදී ඔහු කළ සේවය සාමාන්‍ය මට්ටමක පැවතුනි.

එහෙත් ඔහුට විරුද්ධව මේ දිනවල නැගී ඇති වඳ සැත්කම් 4000 ක කතාවෙන් මා ද වික්ෂිප්ත වීමි.ඉන් නොනැවතුණු මා ඔහුගෙන් පෞද්ගලිකවම ඒ පිළිබඳව විමසුවෙමි ..ඔහු එම මතය එක හෙලාම ප්‍රතික්ෂේප කළේය ..

වර්තමානයේ පලවන අදහස් වලට අනුව ඔහු සිදුකර ඇත්තේ සාමාන්‍ය ක්‍රමයේ LRT කිරීමක් නොව පැලෝපීය නාල මත අඩුවකින් හෝ ඇඟිලි දෙකින් බාහිර පීඩනයක් යොදවා ඒවාගේ ක්‍රියාකාරීත්වය සදා කාලික ලෙසම අඩපණ කර දැමීමකි.

නමුත් මෙය කොතරම් දුරකට අන්‍යයන් ගේ ඇස් වලට වැලි ගසා සිදු කළ හැකිදැයි මම නොදනිමි .ඔහු එසේ සිදු කළත් එය කොතරම් දුරකට සාර්ථක වන්නේ ද යන්න සැක සහිතය.

නියම වෘත්තීය වෛද්‍ය සේවාවක අවශ්‍යතාවය පැන නගින්නේ මෙබඳු අවස්ථාවල දී ය .ශ්‍රී ලංකා නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය මෙම කරුණ පිළිබඳව සොයා බලා (college of Gynecologist and obstetricians ) වහාම මේ පිළිබඳ ව තම නිගමනය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට පෙන්විය යුතු ය .

එමෙන් ම මෙලෙසින් තාවකාලිකව පීඩනයක් යෙදීම මගින් වඳ භාවයට පත්වීමේ ප්‍රතිශතය පිළිබඳව විද්‍යාත්මක කරුණු හැදෑරීමක් සිදුකොට සිදු කොට ඒ පිළිබඳ ව සත්‍ය සමාජයට හෙළි කළ යුතු ය ..

එපමනක් නොව ඔහු විසින් සිසේරියන් සැත්කම් වලට පහුගිය වර්ෂ 10 තුළ දී භාජනය කරන ලද මව්වරුන්ගෙන් ද්විතීක වඳභාවයට ලක්ව ඇති මවුවරුන්ගේ ප්‍රතිශතය සමග අනිකුත් වෛද්‍යවරුන්ගේ සිසේරියන් සැත්කම් කිරීමෙන් පසු ද්විතීක වඳභාවයට ලක්වූ ප්‍රතිශතය හා සංසන්දනය කොට චෝදනාවේ සත්‍ය අසත්‍ය අසත්‍යභාවය විමසිය යුතුය..

විශේෂඥ වෘත්තිය සංගම්වල යුතුකම වන්නේ තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා ක් මෙන්ම මෙවැනි සංකීර්ණ ගැටලු විසදා දීම සඳහා තම සහාය ලබා දීමය .

මෙවැනි උහත්කෝටික ගැටලු ගැටළු විසඳිම ගැටලු විසඳීම සාමාන්‍ය ජනතාවට තබා වෛද්‍යවරුන් අපහට වත් පහසු නො වේ .

ඒ නිසා මෙවැනි ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඇතැමුන් නගන ප්‍රකාශ සහ ජනමාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාර මුළු මහත් සමාජය ම අවුල් කරන මට්ටමේ හාස්‍ය ජනක ඒවාය ..එනිසා මෙම ගැටලුවේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු ය .

එහෙත් පසුගිය මාසයක කාලය තුළ අසන්නට දකින්නට සහ සොයාගන්නට ලැබුන දේ අනුව නිර්මාණය වූ වාතාවරණය තුළ කවුරුන් විශ්වාස කරමු ද කවුරුන් විශ්වාස නොකරමු ද යන්න තවමත් සිතා ගත නොහැකිව ඇත .

සත්‍ය හෙළි වීමට තවත් කාලයක් ගත වනු ඇත.එතෙක් අපට කළ හැක්කේ උපේක්ෂා සහගතව නිහඬව බලා සිටීම පමණි..යම් හෙයකින් මෙය සත්‍යක් වුවොත් ඔහු සිදු කර ඇත්තේ මහ පොළොව නුහුලන අපරාධයකි ඊට ලබා දීමට සුදුසු දඬුවම් සතර අපායේ වත් නොමැති වනු ඇත .අනිවාර්යයෙන්ම ඔහුට දැඩි දඬුවම් ලැබිය යුතුමය..

එහෙත් මෙම සත්‍ය වෛද්‍ය විද්‍යාවේ හිපොක්‍රටීස් දිවුරුම උඩුයටිකුරු කරවන , වෛද්‍ය විද්‍යාවට තවත් කළු පැල්ලමක් එක් කරන අන්දමින් අන්දමේ තිත්ත ඇත්තක් නොවේ යයි විශ්වාස කරමි..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *