උතුර විතරක් නෙමේ ප‍්‍රශ්න නොවිසඳුනහොත් දකුණත් නොසන්සුන් වෙයි – පාක්‍යසෝති සරවනමුත්තු –

පාක්‍යසෝති සරවනමුත්තු ජනවාරි 8 වෙනිදා, වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අගෝස්තු මාසෙ 18 වෙනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු රජයත් ජනතාව බලයට පත්කර ගන්නේ  බලාපොරොත්තු රැුසක් ඇති ව. මේ වන විට එම බලාපොරොත්තු ඉටුකිරීමේ ප‍්‍රවනතාවයක් රජයේ තියෙනවද? එහෙම නැතිනම් එම බලාපොරොත්තු කඩ කර ජනතාවගේ විශ්වාසය නැතිකරගෙන තියනවද?

බලාපොරොත්තු ඉටු කිරීමේ ප‍්‍රවනතාවයක් තියනවා. මේ වන විටත් බලාපොරොත්තු ඉටු කරමින් ඉන්නවා. එහෙත් අතපසු කළ කටයුතු රැුසක් තියන බවත් කියන්න  ඕනෑ. ¥ෂිතයන් පිළිබඳ පරීක්‍ෂණ කඩිනමින් සිදුවෙන්නෙ නෑ. ඔවුන්ට තවම නඩු පවරලා නැහැ. අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැන සූදානමක් තවම නෑ. තොරතුරු ලබාගැනීමේ පනත ගෙන ආයුතුව තිබෙනවා. මේ වගේ තව කළ යුතු වැඩ රැුසක් තියෙනව.

වත්මන් පාළනය සිදුවෙන්නේ රටේ ප‍්‍රධානතම දේශපාලන පක්‍ෂ දෙකේ සංයෝගයෙන්. අගමැති ඉන් එක් පක්‍ෂයකුත්, ජනාධිපති එක් පක්‍ෂයකුත් නියෝජනය කරනව. ඔවුන් දෙදෙනාගේම යටි අරමුණත් කියන බව පේනවා තම තමන්ගේ පක්‍ෂය ශක්තිමත් කිරීමට. මේ තත්වය යටතේ ජනතා බලාපොරොත්තු ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තු තියන්න පුලූවන්ද?

ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට දැනුම්වත්කමින්, කඩිනමින් කටයුතුයි. දැනට අවබෝධයෙන් කටයුතු කරන බවක් පේනවා. කඩිනම් බව අඩුයි. දේශපාලන පක්‍ෂ ගොඩනැගීම පසෙක තැබිය යුතුයි. වැඩ කරගෙනයන ආකාරය අනුව ජනතාව තීන්දු කරයි. කොයි පක්‍ෂයද? කවුද රටට අවංකව ආදරය කරන්නෙ කියල.

අද ආර්ථික හා සෙසු සමාජ ප‍්‍රශ්න පසුකරමින් ජාතික ප‍්‍රශ්නය පෙරමුණට ඇවිත් තියෙනව. මේ ප‍්‍රශ්නයේදී මේ ඒකාබද්ධ රජය කටයුතු කරන්නේ කුමන ආකාරයෙන්ද?

ජනපති හා අගමැති යන දෙදෙනාටම අවංක වුවමනාවක් තියන බව පේනවා මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න. ජිනීවා යෝජනා දැන් කරළියට ඇවිත් තියනවා. ඒ අනුව කටයුතු කරමින් යනවා.  මෙම අවසන් අවස්ථාව පැහැර හැරීම නොකළයුතු බව දෙදෙනාම හොඳින් දන්නවා. මෙහිදී යම් සාධනීය තත්ත්යක් බලාපොරොත්තු විය හැකියි.

ඒවගේම මෙම ජාතික ප‍්‍රශ්නයට හා රටේ විවිධ විෂයයන් ගැන හොඳ අධ්‍යයයයකින් පසුව, නව ව්‍යවස්ථාවක් සම්පාදනය ගැනත් අවධානය යොමු කළ යුතුයි. හැම පක්‍ෂයකින්ම මේ පිළිබඳ අදහස් විමසිය යුතුයි. ද්‍රවිඩ සංවිධානයත් මෙහි පාර්ශවකරුවෙක් වියයුතුයි.

අද මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ප‍්‍රමුඛ පසුගිය රජයට දොස් කිව්වට  පසුගිය රජය සමයෙත් මෙම ප‍්‍රශ්නය විසඳන් යම් උත්සාහයක් ගත්තා නේද? උතුරු වසන්තය වගේ දෑවැන්ත ව්‍යාපෘති පවා කරළියට ආවා.

යම් වැඩ කොටසක් කළ බව ඇත්ත. ආර්ථිකමය හා භෞතික සංවර්ධනය අතින් වැඩ කොටසක් කෙරුවා. පාළම්, පාරවල් හැදුවා. ආරක්‍ෂාව ස්ථාපිත කළා. විනාශ වූ ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය කෙරුවා. නැත්නම් ඒ වෙනුවට අලූත් ගොඩනැගිලි හැදුවා. ඒත් ජනතාවට අවශ්‍ය දේවල්, ජනතාවගේ හදවතට දැනෙන දේවල් කෙරුවෙ නෑ.

ජතික ගීය ගැන ප‍්‍රශ්නය, ජනතාවගේ ඉඩම් ප‍්‍රශ්නය, නිදහසේ ජීවත්වීම  වැනි ප‍්‍රශ්න ගැන කිසි සැලකිල්ලක් දැක්වුවෙ නෑ. වගවීම ප‍්‍රතික්‍ෂේප කෙරුවා. මිනිස්සුන්ට කෑම බීම, ඉඳුම් හිටුම් වලට වැඩිය අවශ්‍ය වුනේ ඒ දේවල්.

උතුරේ ජනතාවගේ ඉල්ලීම් මොනවද? ආර්ථිකය ශක්තිමත් වෙනවා නම්, කෑම බීම නිවාස ලැබෙනවා නම් එය ප‍්‍රමානවත් නේද?

නෑ. ඔහුන්ගේ හදවතට දැනෙන මානසික ගැටලූ රැුසක් තියනවා.
* ගොඩක් පවුල්වල අතුරුදහන් වූ අය ඉන්නව. ඔවුන් ජීවත්වෙනවද? මියගිහින්ද කියල දැන ගැනීමේ අයිතියක් තියනව. කඳවුරු වල ඉන්නෙ කවුද කියල දැනගැනීම අවශ්‍යයි. ඒවා ලැයිස්තුගත කළ යුතුයි.
* ඉඩම් ප‍්‍රශ්නය. ඔවුන්ගෙන් පවරාගත් පුද්ගලික ඉඩම් නැවත ඔවුන්ට දියයුතුයි.
* කාන්තාවන්ට, ළමුන්ට විශේෂ ප‍්‍රශ්න තියනවා. ඒවා අධ්‍යයනය කර මනෝවිශලේෂණයක් කර විසඳීමට කටයුතු කළ යුතුයි.
* යුධමානසිකත්වයෙන් ඔවුන් මුදවාගැනීමට මනෝවිද්‍යා සායන පැවැත්විය යුතුයි.
* උතුරේ හමුදාකරණය අඩු කළ යුතුයි.
* මෙහිදී වගවීම දැරිය යුතුයි. මේ ගැටළු විසඳීමේ වගවීම ගැන ඔවුන්ට සහතික විය යුතුයි.
මේ ගැටළු විසඳන අතර ඔවුන්ගේ ජන ජීවිතයද ගොඩනැංවිය යුතුයි.

මේ ඉල්ලිම් ඉටුකර ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ උතුරේ ජනතාවටද? නැත්නම් ඩයස්පෝරාඑකටද?

මේ ගැටළු නිරාකරණය කර ගැනීමේ උවමනාව තියෙන්නේ උතුරේ වැසියන්ට. එයාලගේ දේශපාලන, සමාජයීය හා සංස්කෘතික නිදහසයි ඔවුන් ඉල්ලන්නේ.

උතුරට වසන්තය ගෙන එද්දිත්, පසුගිය රජයට ජිනීවා යෝජනා වලින විශාල තෙරපුමක් ඇති කරන්නෙ ඇයි?

මම කලින් සඳහන් කෙරුවා වගේ අවශ්‍ය මූලික කරුණු ඉෂ්ට වුනේ නෑ. 2012, 2013 වසර වලදී ඔවුන් ගෙනාවේ ලිහිල් යෝජනා. රජය ඒවා තැකීමක් නොකරන විට තමයි 2014 ඒවා බැ?රුම් විදිහට ඉදිරිපත් කෙරුවේ. ලේසියෙන් විසඳගන්න තිබුණ තත්ත්වයක්, නොසලකා හැරීමත්, අවංක භාවයක් නොමැති වීම නිසා තමයි මහින්ද රාජපක්‍ෂ ඉතා බැ?රුම් තත්ත්වයකට මේ ප‍්‍රශ්නය අරගෙන ගියේ.

දැන් ජිනීවා යෝජනා ලිහිල් වෙලා තියෙනවා. කලින් යෝජනාවේ චෝදනා ලැබිය යුත්තන්ගේ තිබුණ නම් ලැයිස්තු පවා ඉවත්වෙලා තියෙනවා. මේ වතාවේ එසේ වූයේ ඇයි?

මේ සැරේ යෝජනා ඡුන්දයකට පවා නොගොස් සම්මත වුණා. සහන රැුසක් ලැබුණා. ඒ සියල්ල සිදුවුනේ ජනාධිපතිතුමා කෙරහිත්, අගමැති තුමා ප‍්‍රමුඛ මේ ආණ්ඩුව කෙරෙහිත් ජාත්‍යන්තුරය තුළ ඇති වී තිබෙන ප‍්‍රසාදය. අද රට ජාත්‍යන්තර මට්ටමෙන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනව. මෙය විශාල ජයග‍්‍රහණයක්. මෙම ප‍්‍රශ්න විසඳලා ඇති වූ තත්ත්වයෙන් ප‍්‍රයෝජන ගත යුතුයි.

කලක් යටපත් වී තිබූ උදුලාගම කොමිසමේ වාර්ථාව, පරණගම කොමිසමේ වාර්ථාව දැන් කරළියට ඇවිත් තියෙනව. මෙම වාර්තා පසුගිය රජය කාලයේ අධ්‍යයනය කර ක‍්‍රියාත්මක කළ යුතුව තිබූ ඒවා නේද?

හිටපු ජනාධිපතිතුමා තමයි මේ වාර්තා සැකසීමට බාර දුන්නේ. ඔවුන් එම කටයුත්ත සාර්ථකව කළ බවයි හැෙ`ගන්නේ. එහි නිර්දේශ ක‍්‍රියාත්මක කළයුතුයි. ප‍්‍රතික්‍ෂේප නොකළ යුතුයි. 2006 එළිදැක්වෙන මේ වාර්තාව ගැන අවුරුදු 8 ක් යනතුරු ක‍්‍රියාත්මක වුනේ නෑ. මෙම වාර්ථාව එළිදැක්වුවෙත් නෑ. ‘අපිම පත්කරපු වාර්තාව අපි ගැනම කතා කරලා තියනවා. මේක බොරු කියලා කියන්න අපිට බෑ’ කියල හිතන්න ඇති. වත්මන් රජයෙන් එය එළියට ඇවිත් තියෙනව. ඒ වාර්තාව ජිනීවා යෝජනාවලටත් වැඩිය එහා ගිහින්ද දන්නෙ නෑ.

දරුස්මාන් වාරතාවේ වත්මන් තත්ත්වය කෙසේද?

එය බෑංකීමූන්ට උපදෙස් ලබාගැනීම සඳහා සකස් කරන ලද වාර්තාවක්. දැන් ඉදිරියට ඇවිත්තියෙන වැදගත් වාර්තාව තමයි ජිනීවා වාර්තාව. රජය ඒ අනුව ක‍්‍රියාත්මක වීමේ වගකීමක් තියෙනව.

මේ ප‍්‍රශ්නය විසඳීමට දේශීය යාන්ත‍්‍රණයකට බැරිද? ඇයි මෙයට විදේශ නියෝජනයක් අවශ්‍ය?

මීට පෙර මෙරට යුධ අපරාධ පිළිබඳ පරීක්‍ෂණයක් පැවැත්වී නෑ. ඒ ගැන අත්දැකීම් නෑ. ඒ නිසා උදව් ගැනීම අවශ්‍යයි. පරීක්‍ෂණ ක‍්‍රමවේද, තාක්‍ෂණික ක‍්‍රම වේද හා මේ ගැන දැනුම්වත් පිරිසකගෙ සම්පත් දායකත්වය මේ සඳහා අවශ්‍යයි.

අනික් අතින් දේශීය යාන්ත‍්‍රණයකින් පමණක් මෙය ඉටු කළොත් එය නිසියාකාරව ඉටු වුණා කියලා උතුරු නැගෙනහිර ජනතාවත්, ජාත්‍යන්තරයත් පිළිගන්නෙ නෑ. එම නිසා ජාත්‍යන්තර වශයෙන්ද නිරීක්‍ෂකයන් පත් කරගත යුතුයි. සේයා සදෙව්මිනි ඝාතනය පිළිබඳව පරීක්‍ෂණත් ගැටළු සහතගත නම් මේ වගේ පුලූල් පරාශයක කරන විමර්ශන වල තත්ත්වය ගැන කතාකරන්න දෙයක් නෑ.

මේ ප‍්‍රශ්නය පිළිබඳ මාධ්‍යවල විවිධ අදහස් ප‍්‍රකාශ වෙනවා. දේශපාලන පක්‍ෂ විවිධ මත දරනවා. අදහස් ප‍්‍රකාශ කරනවා. මේ යෝජනා මොනවද? රටට හිතකරද? අහිතකරද? කියලා ජනතාව දැනුම්වත්ද? මේ පිළිබඳව බහුතර ජනතාවට අවබෝධයක් තියනවද?

එහෙම නැති එක ලොකු අඩුපාඩුවක්. රජය ජනතාව සම`ග මේ ප‍්‍රශ්නයේදී සංවාදයක් ගොඩනැගිය යුතුයි. එවැනි සංවාදයක් පවත්වාගෙන යායුතුමයි. ඒ සඳහා ඇති මනෝගනේෂන් ඇමතිතුමාගේ ජාතික සංවාද අමාත්‍යාංශය තුළින් ලොකු මෙහෙවරක් කළ හැකියි. මංගල සමරවීම ඇමතිතුමා කියල තියනව ඔක්තෝම්බර් මස සිට ජනවාරී දක්වා එවන් සංවාදයක් පැවැත්වෙන බව. එය අගය කළ යුතුයි. ඒ සම`ගම රටට ගෙන එන අලූත් ව්‍යවස්ථාව පිළිබඳවත්, ජනතාව අතර සංවාදයක් අවශ්‍යයි.

යම් අපරාධයක් සිදු කළ පුද්ගල යෙක් ඇත්නම් ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කර නඩු විභාග කර නීත්‍යානුකූලව දඬුවම් දීම රටක ක‍්‍රියාපිළිවෙතයි. ත‍්‍රිවිධ හමුදාවට එහි වලංගුබාවයක් නැද්ද?

එය සෑම පුද්ගලයෙකුට මෙන්ම, ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ටත් එය වළං`ගුයි. වින්දිතයාගේ ප‍්‍රශ්නයට සාධාරණයක් ඉටු වියයුතුයි. 1971 කැරැුල්ලේ ප‍්‍රසිද්ධ පේ‍්‍රමවතී මනම්පේරී ඝාතන සිද්දියේ සැකකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා දඬූවම් දුන්නා.
යුද්ධයක් සිදුකිරීමේ දී ජාත්‍යන්තර නීති රීති තියෙනවා. ඒවා පිළිපැදිය යුතුයි. ත‍්‍රිවිධ හමුදාව සම්පූර්ණයෙන්ම වැරදි කරලා නැහැ. යම් යම් අය වැරදි කරන්න ඇති. වැරදි කිරීමට නියෝගය දුන්නෙ කවුද කියා ද සොයා බැලිය යුතුයි.

හමුදාව අතින් පමණද අපරාධ සිදුවුනේ? එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අපරාධ සිදුවී නැද්ද?

සිදුවුණා. ඒවා පිළිබඳවද පරීක්‍ෂණ කළ යුතුයි. කවුරුවත් ඒ ගැන පරීක්‍ෂණ නොකළයුතුයි කියා කියන්නෙ නෑ.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ වැඩි නායකයන් වැඩි දෙනෙක් මිය ගිහින්. එහි ප‍්‍රධානියා ප‍්‍රභාකරන් ද ජීවතුන් අතර නෑ. කාටද මේ පිළිබඳව චෝදනා කරන්නෙ.

එල්.ටී.ටී.ඊ. එකේ දැනට ජීවත්ව සිටින නායකයන් ගෙන් එය ප‍්‍රශ්න කළ යුතුයි. කේ.පී. දැනට ජීවත් වෙනවා. කේ.පී. එල්.ටී.ටී.ඊ. එකේ ප‍්‍රධානියෙක්. පසුගිය රජය මොකද කළේ කේ.පී. සම`ග හිතවත්කම් පාමින් ඔහුට ආරක්‍ෂාව හා වරප‍්‍රසාද ලබා දුන්නා.

උතුරේ ජනතාවගේ මතය නියෝජනය කරන්නේ කවුද? සම්ප‍්‍රදායික ද්‍රවිඩ දේශපාලන පක්‍ෂද? ජනතාව අතරින් වෙනත් සංවිධානයක් ඇතිවෙයිද?

පහුගිය මැතිවරණ දෙකේදීම ටී.එන්.ඒ. එක ඔවුන්ගේ නියෝජිතයන් වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරාගෙන තියෙනව. ඔවුන් තෝරාපත්කර ගන්නා ටී.එන්.ඒ. එක ඔවුන්ගේ නියෝජිතයන් බව පිළිගත යුතුයි.
1971 ජනතා විමුක්ති පෙරමුණේ ආයුධ සන්නද්ධ නැගිටීමෙන් පසුව රජයේ මර්ධනය හමුවේ ඔවුන් විනාශ වුණා. යළිත් කිසිදාක අපේ රටේ සන්නද්ධ අරගලයක් ඇති නොවන බව හැමෝම පාහේ හිතුවා. එහෙත් 1989 දී යළිත් එවන් නැගිටීමක් සිදුවුණා. ඒ වගේම යළිත්

උතුරේ ජනාතව සන්නද්ධ අරගල මාවතකට අවතීර්ණ වෙන්න බැරිද?

එහෙම වෙනවද? නැද්ද? කියන්න බැහැ. රජය ඔවුන්ගේ ප‍්‍රශ්න සාධාරණව විසඳීම තුළයි ඒ දේවල් තීරණය වෙන්නෙ. ප‍්‍රශ්න නොවිසඳුනහොත් උතුරේ විතරක් නෙමේ දකුණෙත් ජනතාව නොසන්සුන් වේවි. අපේ රටේ විතරක් නෙමේ ලෝකෙ  ඕනෑම රටක වෙන්න පුලූවන්.

දැන් තියෙන්නෙ එදා තිබුණ තත්ත්වය නෙමේ. ප‍්‍රශ්න නිරාකාරණය නොවුනත්, ඞී.වී.ඞී. ප්ලේයර් තුළින් සිනමාව වැනි විනෝද මාධ්‍යය, අන්තර්ජාල පහසුකම්, ස්මාර්ට් පෝන් මගින් පවා අන්තර්ජාල පහසුකම්, ෆේස් බුක් වගේ වගේ විනෝද මාධ්‍යය තියෙනවා. මේ තත්ත්වය යටතේ එවැනි ප‍්‍රචණ්ඩත්වයකට හෝ අරගලයකට අවතීර්ණ වෙන්න පුළුවන්ද?

ඒවා පරිහරණ කරන බව ඇත්ත. ඒත් ඒවාගෙන් ප‍්‍රශ්න විසඳෙන්නෙ නෑ. ඒවා මෙහෙත් තිබුණා. හිටපු ජනාධිපතිවරයා පරද්දන්න එම තාක්‍ෂණික මේවලම් විශාල වශයෙන් උපකාර වුණා. ඔවුන්ට දරාගන්න බැරි පීඩනයක් එල්ලවුණොත් ගන්න ක‍්‍රියාමාර්ග ගැන අද කියන්න බෑ. හොඳම දේ ප‍්‍රශ්නය විසඳීම මෙවලම් වලින් යටපත් නොකර සාධාරණ විදිහට ප‍්‍රශ්නය විසඳීමයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *