“නැතිවූ” ගමන් බලපත්‍රයකින් රට යන්න ගොස් වීරවංශ “නැතිවෙයි”

මීට වසර ගණනාවකට පෙර අස්ථාන ගතවූ බවට විමල් වීරවංශ මහතා විසින්ම දන්වා අවලංගු කරවාගෙන තිබූ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් උපයෝගී කොටගෙන විදේශ ගතවීමට ගිය විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුව තවත් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කීරීම නිසා රක්ෂිත බන්ධනාගාර ගතනොවී අනු නවයෙන් බේරුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම නිසා බව වාර්තා වෙයි .ගමන් බලපත්‍ර දෙකක් ලග තබා ගැනීම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වරදකි .මෙහිදී සිදුව තිබෙන්නේ වීරවංශ මන්ත්‍රීවරයා විසින්ම ගමන් බලපත්‍ර දෙකක් ඉදිරිපත් කිරීමයි .ඉන් එකක් අද උදේ ලබාගත්තක් බවද වාර්තා වීය .

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විදේශ ගතවීමට අවශ්‍ය වීසා  ලබාගෙන ඇත්තේ නැතිවූ බව කියා අවලංගු කරවාගෙන තිබූ ගමන් බලපත්‍ර යටය . එය ලබාගත් ආකාරයද ප්‍රශ්න කාරී බව කියති .එම තත්ත්වය යටතේ මෙරටින් ඔහු පිටත්කර යැවුවද එතෙර ගුවන් තොටුපලකදී ආපසු හරවා එවන්නට සිදුවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි .රටේ නීති හදන තැන මන්ත්‍රීවරයකු නීතියට ජල්තරයක් කරන්නට ගොස් නාගත් මොහොතක් ලෙස විචාරකයෝ මෙය හදුන්වති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *