වැනල් 4 වාර්තාව බොරුවක් විය නොහැක – පරණගම වාර්තාව කියයි

ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රතික්ෂේපකර වසර ගණනාවකට පසුව,  ශ‍්‍රි ලංකාවේ යුධ අපරාධ සහ නීතියට පිටින් ඝාතනය කිරීම පිළිබඳ වැනල් 4 වාර්තාව පදනම් කරගත් සාක්ෂි, ව්‍යාජ ඒවා  විය නොහැකි බව පරණගම වාර්තාවේ සඳහන් වේ. යුධ මුක්ත කලාපයේ මරා දැමීම් ඇතුලත් චැනල් 4 වාර්තාමය වීඩියෝ පටයට පදනම් කරගත් සාක්ෂි ව්‍යාජ ඒවා බව පවසා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව එය ප‍්‍රතික්ෂේප කළේ ය.

කල් ඇරීමෙන් පසුව අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමට මහින්ද රාජපක්ෂ විසින්ම පත්කරන ලද විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු මැක්ස්වල් පරණගම කොමිසමේ වාර්තාව පසුගිය බ‍්‍රහස්පතින්දා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ( මහින්ද රාජපක්ෂ මේ වාර්තාව ප‍්‍රසිද්ධ නොකළ බව ද කිවයුතුය*

මෙම වාර්තාවේ සඳහන් ආකාරයට වැනල් 4 හී සඳහන් පෞද්ගලික සිද්ධින් විභාග කිරීමට ශ‍්‍රි ලංකා ආණ්ඩුව ඉතා ඉක්මනින් විශ්වාසදායි පරික්ෂණයක් ආරම්භ කළ යුතුබව සඳහන් ය. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප‍්‍රවෘත්ති නිවේදිකාව මෙන්ම රංගන ශිල්පිණියක වන ඉසිප‍්‍රියාගේ මරණය පැහැදිළි ලෙසම තනි කැමැත්තට කළ ඝාතනයක් බව පරණගම වාර්තාව අවධාරණය කර  ඇත.

ප‍්‍රභාකරන්ගේ 12 හැවිරිදි බාලපුතා වන බාලචන්ද්‍රන්  ප‍්‍රභාකරන්  ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අත්අඩංගුවට පත්වී පණපිටින් සිටින   සහ පපුවේ වෙඩි සළකුණු සහිතව මියගොස් සිටින රූප රාමු වැනල් 4 වීඩියෝ පටයේ ඇත. මේ වීඩියෝ පටය අව්‍යජ එකක් බව විශේෂඥ මතය වේ. මෙම වරද ඔප්පු වුවහොත් එය පැහැදිළි ලෙසම ජාත්‍යාන්තර යුධ නීතිය කඩකිරීමකි. මෙයට අමතරව යටත්වු හෝ අල්ලාගනු ලැබූ සිරකරුවන් නිරුවත්කර දෑත් බැඳ වෙඩිතබා මරණ ලද දර්ශන ද  සැක නොකිරීමට තරම් සාධක බව වාර්තාවේ සඳහන් ය.

වගවීමේ ක‍්‍රියාදාමයක් සඳහා පරණගම කොමිසම නිර්දේශ ගණනාවක් ඉදිරිපත්කර ඇත. එහෙත් මහින්ද රාජපක්ෂගේ ජාතිවාදි හවුල අතර ඒ පිළිබඳව මතභේද හටගෙන ඇත. නීති විශාරදයින් දක්වන ආකාරයට පරණගම වාර්තාවේ සඳහන් කරුණු අනුව සෘජු ජාත්‍යාන්තර පරීක්ෂණයකට පවා සාධක තිබේ. එහෙත් මෛත‍්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුව මේ වනවිටත් එවැනි පරික්ෂණයක් පැවැත්වීම ප‍්‍රතික්ෂේපකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *