ජනාධිපති කැනඩා නොයයි, ඉන්දියා යයි .

කැනඩාවේ ඔටාවා නුවරදී මෙම 29 සිට 31 දක්වා  පැවැත්වෙන විවෘත ආණ්ඩුකරන සහභාගිත්ව සමුළුවට සහභාගිවීම සදහා  කැනඩාවට යාමට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරතිබූ සැලසුම් අතහැර දම ඇති බව වාර්තා වෙයි . කැනඩා  අගමැති ජස්ටින් ට්‍රරුඩෝ මහතා හමුවීමට අවස්ථාවක් ලබා නොදීමත් බටහිර නායකයින්ගේ අයහපත් ප්‍රතිචාරත් මෙම තීරණයට හේතු වී ඇති බව කියති  . මෙය සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමට තම නොසතුට ප්‍රකාශ කිරීමට බටහිර නායකයින් ගත්  පියවරක් බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියති .

පසුගියදා චීනයේ සංචාරයට පිටත්ව යාමට පෙර ජනාධිපතිතුමා තම කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබුණේ කැනඩා සංචාරය හොදින් සුදානම් කරන ලෙසයි . එසේ වුවද කැනඩා අගමැතිවරයාගෙන් හමුවක් ලබාගැනීමට හැකි වී නැති අතර අනිකුත් රාජ්‍ය නයකයින්ගෙන්ද යහපත් ප්‍රතිචාර ලැබී නැත. එ බැවින් සංචාරය අතහැර දමන්නට සිදුව තිබේ .

ජනාධිපති තුමා මෙම 30දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වන බව නිවේදනය කොට ඇත .

විවෘත ආණ්ඩුකරන සහභාගිත්ව සමුළුව යනු ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 79ක් එක්ව පිහිටුවාගෙන ඇති සංවිධානයකි . එහි අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී , විවෘත ආණ්ඩුකරණය වඩා ශක්තිමත් කිරීමයි .ප්‍රජාතන්ත්‍රවාදී , විවෘත ආණ්ඩුකරණය ගරුකරන රටවල රාජ්‍ය නායකයෝ හා නියජිතයෝ එයට සහභාගී වෙති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *