කොහුවල , ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරිම ලබාදුන්නේ ” සැපයුම්කරුගේ ණය ” ක්‍රමය යටතේ – මාර්ග සංවර්ධන අමාත්‍යාශය

මාර්ග තදබදයට විසදුම් ලෙස ඉදිකෙරෙන  කොහුවල හා  ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරිම හංගේරියානු සමාගමකට  ලබාදුන්නේ ” සැපයුම්කරුගේ ණය ” ක්‍රමය යටතේ බව  මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍යාශ ආරංචි මාර්ග කියයි . මෙම ක්‍රමය යටතේ ක්‍රියා කිරීමේදී ටෙනඩර් කැඳවීම අවශ්‍ය නොවන බවත් ලැබෙන යෝජනාව වාසිදායකද යන්න සලකා බලා තීරණ ගන්න බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි . මෙම කරුණු අනාවරණය වුයේ ටෙනඩර් කැදවීමකින් තොරව මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ලබා දී ඇති බවට නැගෙන චෝදනාව ගැන අප කළ විමසුමකදීය .

මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරිම සදහා ණය ලබාදෙන්නේ හංගේරියානු රජය වන අතර කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ එරට සමාගමකටය .ඒ සදහා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍ය කබීර් හසීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීය .

මෙබදු ව්‍යාපෘති සදහා ණය ගැනීම පහසු කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරියට ලබා ගත හැකි ණය ප්‍රමාණයද ඉහල දමා ඇත . මාර්ග සංවර්ධනය වේගවත් කිරීම එහි අරමුණ බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *