ලංකාවේ සිටි අයි.එස්. ත්‍රස්තවාදීන් 15 ක් ඉන්දියාවට පනියි.

අයි.එස්. ත්‍රස්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ලක්ෂදීප් දූපතට පැමිණ ඇති බවට පලවන බුද්ධි අංශ වාර්තාවලට අනුව කේරළ වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීමට එරට පොලීසිය ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයි.එස්.ත්‍රස්තවාදීන් 15 දෙනෙකු පමණ යාත්‍රාවක් මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සිට ලක්ෂදීප් දූපතට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මේ හේතුවෙන් කේරළ වෙරළ තීරයට දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

වෙරළ තීරයට පැමිණෙන යාත්‍රා සම්බන්ධයෙන් සහ වෙරළබඩ ප්‍රදේශයේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබදව ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *