|

පෙබරවාරියෙන් පසු මට ධම්මික පෙරේරා හමු වී නැහැ – අගමැති රනිල් වික්‍රමසිංහ

පෙබරවාරියෙන් පසු තමාට  ධම්මික පෙරේරා මහතා  හමු වී නැති බව  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත . පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ මහතා සහ ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවති බවට හා එහිදී එජාපෙ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ධම්මික පෙරේරා මහතාට ආරාධනා කළ බවට සමාජ මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාර සම්බන්ධයෙන් රවුෆ් හකීම් ඇමතිවරයා කළ විමසුමකට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත . රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ පොදු අපේක්ෂක වෙන්න ආරාධනා කළ කතාව සම්පුර්ණ බොරුවක් බවයි .

මේ අතර ධම්මික පෙරේරා මහතා දැන් ප්‍රකාශ කොට ඇත්තේ තමන් තරග නොකිරීමට නම් තමාටද සහය දියහැකි අපේක්ෂකයකු ඉදිරිපත් කලයුතු බවයි .

පසුගිය පෙබරවාරි මාසයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා  ධම්මික පෙරේරා මහතා හමුවුයේ කොළඹ ගලදාරි හෝටලයේ පැවති ව්‍යාපාරික සමුළුවකදීය . එහිදී ආර්ථිකය සංවර්ධනයට ගතයුතු පියවර ගැන  ධම්මික පෙරේරා මහතා දිගු කතාවක් කළේය . එයට කෙටි පිලිතුරක් දුන්  රනිල් වික්‍රමසිංහ මහතා සභාවේ සිනා හා අත්පොලසන් මැද කීවේ ” ධම්මික පෙරේරා මහතා අපට බොහෝ දේ කිවා . නොකීවේ එකම දෙයයි . මේ වැඩට මුදල් සොයාගන්න හැටි ඔහු අපට කිවේ නැහැ ” යනුවෙනි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *