මුදල් අමාත්‍යංශයේ කොටසක් පුද්ගලික අංශයට – මුදල් ඇමැති කියයි

මුදල් අමාත්‍යංශයේ කොටසක් ලෙස පුද්ගලික අංශයේ වැඩ කටයුතු සදහා වෙන්වූ වෙනම දෙපාර්තමේන්තුවක් ලබන ජනවාරියේ සිට ආරම්භ කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කොට ඇත .ආර්ථික කටයුතුවලදී පෞද්ගලික අංශයේ උපරිම දායකත්වයක් ලබාගැනීම සදහා පරිසරය සැකසීම මෙම අංශයේ කාර්යභාරය වනු ඇතැයි කියති .

ආර්ථිකයේ රජයේ අධිපත්‍යය අවසන් කොට පුද්ගලික අංශයට සාධාරණව හා තරගකාරීව කටයුතු කිරීමේ අවස්ථා සලසා දීම සදහා ලබන අයවැය මගින් පියවර ගන්නා බවද මුදල් ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත . පෞද්ගලික අංශයට ණය දීමේදී බැංකුවලින් පනවන දැඩි කොන්දේසි ලිහිල් කිරීමටත් , ඇප ඉල්ලා සිටීම අවම කිරීමට ත් අයවැය මගින් පියවර ගන්නා බව කියති .

රජයේ මෙම නව ආර්ථික දැක්ම ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මස මුලදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය .මීලග අයවැය සකස්වන ප්‍රතිපත්ති රාමුව එමගින් ප්‍රකාශයට පත්කරන බව කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *