කොපයේ ඩියූගේ ජාතිවාදයට එරෙහිව අගාගෙන් කැරැල්ලක්

දිනේශ් හා වීරවංශගේ ජාතිවාදි පෙරමුණට එක්වීමට ශ‍්‍රී ලංකාවේ කොමියුනිසට් පක්ෂය ගෙන ඇති තීන්දුවට එරෙහිව එම පක්ෂයේ ජේ්‍යෂ්ඨයෙකු වූ අගා ජයසේන දේශපාලන මණ්ඩලයෙන් හා ඔහු දැරූ තනතුරු වලින් ඉල්ලා අස් වූ බව  පසුගිය දා වාර්තා විය. අගා ජයසේනට සහයෝගය දක්වන සැළකිය යුතු පිරිසක් කොමියුනිස්ට් පක්ෂයේ මෙම ජාතිවාදි නැඹුරුව එරෙහිව  එළිපිට කටයුතු කිරීමට සුදානම් බව ද පැවසේ. පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වූ කොමියුනිස්ට් පක්ෂයේ ඞී. ඩබ්ලියු. සුභසිංහ ගේ පාර්ශවය සමග අගා ජයසේනගේ පාර්ශවය ඉදිරියේ දී එක්ව වැඩ කිරීමේ සූදානමක් ඇති බව ද කියැවේ.

මේ අතර ජිනීිවා ප‍්‍රශ්නය පිළි්බඳව,  ලංකා සමසමාජ පක්ෂයේ බහුතර පාර්ශවය සමග සුභසිංහ පාර්ශවය එක්ව වැඩ කිරීමට පසුගිය දා පැවතී හමුවක දී එකග වූ බව වාර්තා වේ. ලංකා සමසමාජ පක්ෂයේ ලාල් විජේනායක මේ පිළිබඳව යුක්තිය කළ විමසීමේ දී  ඒ බව සනාථ කළේ ය.
මීට පෙර කොමියුනිස්ට් පක්ෂයේ පිරිසක් වෙන්වී වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය දීමට ඉදිරිපත් වීය .එමෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ  විශාල පිරිසක් ද  වෙන්වී වෙනම කටයුතු කරමින් සැටියි. මේ වනවිට මෙම පක්ෂවල නිළ නායකත්වය යටතේ සිටින්නේ ඉතා සුළු පිරිසක් බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *