අප්‍රේල් 21 වෙනිදා වුණ දේ ගැන වගකිවයුත්තන් සෙවීම අත්‍යාවශ්‍යයි – විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝනි සරවනමුත්තු

මේ ඛේදවාතකය ගැන කෙටි යෙන් අදහස් ඉදිරපත් කරන්න කැමතියි. මම මෙක බලන්නේ වගවීම පිළිබඳව. අපි හිතනවා නම් එක්දහස් නමසිය අසූතුනේ ඛේදවාචකයෙදි කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැ. කවුරුවත් චාර්ජ් කෙරේ නෑ. කාටවත් දඬුවම් දුන්නේ නැහැ. ඊට පස්සේ අපිට අවුරුදු තිහක යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

අප්‍රේල් 21 වෙනිදා වුණ දේ ගැන, කවුද මේකට වග කියන්නේ? ම‍ගේ ස්ථාවරය මේකයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නම්, මේ වගේ දේවල්වලට වගකියන්න අත්‍යාවශ්‍යයි. නැත්නම් අනාගතයට යනකොට තව ප්‍රශ්න ඇතිවෙයි. ඕන දෙයක් කරන්න පුළුවන්. මොනවාවත් වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු දෙසිය පණහකට වැඩිය ජීවිතය දුන්නා. කවුද මේකට වග කියන්න ඕනැ. දැන් අපි බලනවා නම්, මේක ගැන ඉන්දියාවේ බුද්ධි අංශ අපිට දෙතුන් සැරයක් මේ ගැන කියලා තිබුණා. මේක වෙනවා විතරක් නෙමේ‍, මේ ගැන නම් දුන්නා. සේරම තොරතුරු දුන්නා. ඒක කොයි මට්ටමකට ගියා ද?

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සිකියුරිටි ඩිවිෂන් (ආරක්ෂ අංශවෙත) ගියාද? මහින්ද රාජපක්ෂගෙ සිකියුරි ඩිවිෂන් කට ගියාද? රනිල් වික්‍රමසිංහගේ සිකියුරිටි ඩිවිෂන් එකට ගියාද? මෛත්‍රිපාල සිරිසේන, කැබිනට් අමාත්‍යාංශ ඇයි මේක ඊට උඩට ගියේ නැත්තේ? තීරණයක් ගන්න පුළුවන් එක්කෙනෙකුට ගියේ නැත්තේ, මේ ඛේදවාචකය වලක්වන්න පුළුවන්? ඒක කාදිනල් මැල්කම් රංජිත්ට කිව්වා නම් කවුරුවත් යන්නේ නෑ. වගකීමක් අවශ්‍යයි. අත්‍යාවශ්‍යයි. කවුද මේක කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය නම් පාර්ලිමේන්තුව තමයි කරන්න ඕනැ.

යෝජනාවක් තියෙනවා පාර්ලිමේන්තුවට සිලෙක්ට් කොමිටි එක කැඳවන්න. ඒක කරන්නම ඕනෑ. ඒකේ වාර්තාව කියන්නම ඕනෙ. ඇයි මේක ගියේ නැත්තේ සුදුසු පුද්ගලයන්ට. දෙවනුව චෝදනා තියෙනවා රිෂාද් බද්දියුදීන් ගැන. හිස්බුල්ලා ගැන. තව මුස්ලිම් දේශපාලඥයන් කිහිප දෙනෙක් ගැන. ඒවා ඔක්කෝම පරීක්ෂා කරන්න ඕනෑ. එකක්වත් අතඅරින්න බෑ.

අපි දැනගන්න ඕනැ, මේ සහරාන් කියන පුද්ගලයා ගැන‍ චෝදනා කිහිපයක් තිබුණා, 2004දී, 2014දී මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණත් කළා. ඇයි මොනවත්වත් වුණේ නැත්තේ? චෝදනාවක් තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ බෑන්ක් එකවුන්ට් එකක් තිබුණා. ඒ බෑන්ක් එකවුන්ට් එකෙන් බොදුබල සේනාවටයි, තවුහිද් ජමාත් එකට සල්ලි දුන්නා කියලා. ඒක ඇත්තද නැත්ත ද? ඇයි ඒක කෙරුවේ? මොන හේතුවකට ද? ඒකත් එළිදරව් කරන්නම ඕනැ.

මේ අවුරුද්දේ නොවැම්බර් 4 ‍වැනිදා දෙසැම්බර් 4 වෙනිදා ඒ කාල සීමාව තුළ අපිට ජනාධිපති මැතිවරණයක් තියෙනවා. සුදුසු පුද්ගලයාව තෝරාගන්න. අපිට අවශ්‍ය තොරතුරු ඕනැ. දැන් කතා කරන්නේ සිංහල බෞද්ධකටිටියයි, මුස්ලිම් කට්ටියයි ඇති වූ කෝලාහල ගැන. ප්‍රධාන ප්‍රශ්නය දැන් පැත්තකට දාලා තියෙනවා. මේක සොයන්නම ඕනේ. පුරවැසියන් හැටියට අපි පුළුවන් තරම්, බලපෑම් කරන්න ඕනැ මේ තේරිම් කාරක සභාව පිහිටුවන්න. මේ ප්‍රශ්න ඔකකොම අහලා, හෙළිදරව් කරන්න. නැත්නම් අපි නිකම් විනාශ වෙලා යනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *