|

මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳ කෝප් පරීක්ෂණවලදී හෙළි වූ දේ

බොහෝ දෙනා ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳව 21දින ප‍්‍රහාරයෙන් අනතුරුව විශාල කතාබහක් ඇතිවිය. මේ තත්වය සැලකිල්ලට ගත් කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති එම විශ්වවිද්‍යාලයට අදාළ පරීක්ෂණ කෝප් කමිටුවේදී සිදුකිරීමට තීරණය කළේය. අනතුරුව පසුගිය විසිඑක්වෙනිදා අධ්‍යාපනය අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතන කෝප් කමිටුව හමුවට කැඳවිණි. ශ‍්‍රී ලංකා හීරා පදනම විසින් කළ ඉල්ලීමකට අනුව මඩකලපුව විශ්වවිද්‍යාල පෞද්ගලික සමාගම යනුවෙන් ආයතනයක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙන බව පරීක්ෂණවලදී හෙළිවිය. මේ පෞද්ගලික ආයතනයක් ලෙස ආරම්භ කොට තිබෙන අතර අවස්ථා කිහිපයකදී නම වෙනස් කර තිබේ. මෙම හීරා පදනම අයත්ව තිබෙන්නේ වත්මන් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාට සහ ඔහුගේ පුත‍්‍රයාටය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට කොටස් අයිතිය තිබෙන ආකාරයෙන් උක්ත ආයතනය ලියාපදිංචි කොට තිබෙන අතර එම කොටස් අයිතියද ගැටලූ සහගතය. එනම් ඇතැම් ලියකියවිලිවල 90% හා 10% වන අතර ඇතැම් ලියකියවිලි වල එය 95% සහ 5% ලෙස සඳහන් බවද හෙළිව තිබේ. කෙසේ වෙතත් මහවැලි අධිකාරිය විසින් අදාළ ඉඩම මුදාහැර ඇති අතර වෘත්තීය පුහුණු අධිකාරිය ව්‍යාපෘතියට විරෝධය පළ කර තිබියෙදී ඩලස් අලහප්පෙරුම අදාළ අමාත්‍යවරයා ලෙසත් හිස්බුල්ලා හීරා පදනමේ සභාපති ලෙසත් ගිවිසුමට අත්සන් කර ඇති බවද පරීක්ෂණවලදී හෙළිව තිබේ. කෙසේ වෙතත් පරීක්ෂණ ඉදිරියට පැවැත් වෙන අතර ඉදිරියේදී හීරා පදනම, බැටිකලෝ යුනිවර්සිටි ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ පාලනාධිකාරිය, මහවැලි අධිකාරිය කෝප් කමිටුවට කැඳවීමට නියමිතය.

ජවිපෙ විශ්වාසභංගයට ශ‍්‍රීලනිප ඒකාබද්ධ මන්ත‍්‍රීවරුන්ගේ සහය

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමට ජවිපෙ තීරණය කළේ අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් මාසයක් ගතවන මැයි 21දින දීය. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් දේශපාලන මණ්ඩලය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට බදුන් කළේය. ”21 ප‍්‍රහාරයට මුළු ආණ්ඩුවම වගකියන්න ඕනෑ. ජනාධිපති හරි අගමැති හරි ආරක්ෂක ඇමති හරි කියලා වෙන් කරන්න බැහැ. මුළු ආණ්ඩුවට වගකීමක් තිබුණා. මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්න. බුද්ධි අංශ තොරතුරු ලැබී තියෙද්දිත් ආණ්ඩුව පියවර ගත්තේ නැහැ. පොලිස්පති, ආරක්ෂක ලේකම් පැහැදිලිව කියලා තියෙනවා ඒ අය මේ තොරතුරු නිවැරදි ලෙස දැනුවත් කළා කියලා.” ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කීවේය. ”දැන් සිදුවීම වෙලා මාසයකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. එකපැත්තකින් ආණ්ඩුවට ප‍්‍රහාරය වළක්වාගන්න බැරි වුණා. මාසයක් ගතවෙලා අඩුම තරමේ ආණ්ඩුවට බැරි වුණා ජනතාවට රටේ ආරක්ෂාව ගැන නිල ප‍්‍රකාශයක් කරන්න. ඒ වගේම සිදුවීමෙන් පස්සේ ජාතිවාදී ගැටුම් වර්ධනය වෙන මතයක් පෝෂණය වෙමින් තිබුණා. ඒවා පාලනය කරන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ඒ නිසා එක එක්කෙනාට චෝදනා එල්ල කරනවාට වඩා හොඳම දේ ආණ්ඩුවට චෝදනා එල්ල කරලා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන එක.” අනුර දිසානායක කියා සිටියේය. ”රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ ගැනත් සංවාදයක් ඇති වෙලා තියෙන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කීය. ”ඒක හරි. ඒත් මේ මුළු ප‍්‍රහාරයේ වගකීම එක්කෙනෙක්ට ලඝු කරන්න පුළුවන්ද? මේක මුළු ආණ්ඩුවක නොහැකියාව. ඒ නිසා අපි විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරමු. රිෂාඞ් එරෙහි විශ්වාසභංගය මුලින් භාරදීපු නිසා ඒක මුලින් සාකච්ඡුාවට ගනී. අපි අපරාධකාරයින් ආරක්ෂා කළ යුතු නැහැ. රිෂාඞ් ඉන්නෙත් ආණ්ඩුව ඇතුළේ. අපි රිෂාඞ්ට විශ්වාසභංගයක් ගෙනාවානම් මේ අය කියාවි අපි ආණ්ඩුව බේරන්න පුද්ගලයෙක් ඉලක්ක කළා කියලා.” විජිත හේරත් කීය.
කෙසේ වෙතත් මේ වනවිට ජවිපෙ විශ්වාසභංගය පිළිබඳව විශාල කතාබහක් එල්ලවී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ඊට දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් තිබේ. කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා ගුවන්විදුලි නාලිකාවකට පවසා ඇත්තේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දිය යුතු බවයි. එමෙන්ම සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කොට ඇත්තේද ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන කුමන යෝජනාවකට වුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම සහය ලබාදිය යුතු බවයි.

මධුමාධව ගියේ සිංදුවකට තනුවක් දාන්නද?

පසුගියදා මිනුවන්ගොඩ, කුලියාපිටිය, මීගමුව, හලාවත ඇතුළු ප‍්‍රදේශ කිහිපයකදී සිදුවුණ ජාතිවාදී පහරදීම් සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය. කුලියාපිටිය ප‍්‍රදේශයේ සිදුවූ කඩ ගිනිතැබීම්, දේපළවලට හානි සිදුකිරීම් සම්බන්ධව සොයා බැලූ ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න, විජිත හේරත් මන්ත‍්‍රීවරයා දැනුවත් කිරීමට කටයුතු කළේය. ”මේ ජාතිවාදී ප‍්‍රහාර ඉතාම සැලසුම්සහගතව කරපු දේවල්. හදිසි නීතිය තියෙද්දිත් ආණ්ඩුවට මේවා පාලනය කරන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි මේ ජාතිවාදී මතය දිගටම පෝෂණය වෙමින් තිබුණා. ආණ්ඩුවට අඩුම තරමේ 21 ප‍්‍රහාරයෙන් පස්සේ මෙවැනි ගැටුමක් ඇතිවිය හැකියි කියලා අනුමානයක් වත් තිබුණේ නැද්ද? ඇතැම් මාධ්‍ය ආතනවලින් ජාතිවාදී මතය පෝෂණය කළා.” අනුර දිසානායක කීවේය. ”මමත් මිනුවන්ගොඩ ගියා. පල්ලිවලට ගියා. කඩසාප්පුවලට ගියා. එක කඩයක් තිබුණා මම යනකොටත් බුදුපිළිම ගිනිගනිමින් තිබුණා. බැලූ බැල්මට හිතන්න පුළුවන් මේක ඉතාම සංවිධානාත්මකව කරපු ප‍්‍රහාරයක් කියලා.” විජිත හේරත් කීය. ”ගම්මන්පිලගේ පක්ෂයේ මදුමාධව අරවින්දත් එදා ඒ ප‍්‍රදේශයේ ඉඳලා තියෙනවා. එයා ගියේ සිංදුවකට තනුවක් දාන්නද?” සුනිල් හඳුන්නෙත්ති කීය. ”මදුමාධව ඒ ප‍්‍රදේශයේ ගෙවල්වලට ගිහින් මිනිස්සු අවුස්සන වැඬේ කරලා තියෙනවා.” ලාල්කාන්ත කීය. ”ආගමික අන්තවාදී වැඩ වගේම දේශපාලන අන්තවාදී වැඩ ඉතාම භයානකයි. රට පුරා අවුළුවන ජාතිවාදී ගින්නට එරෙහිව අපි සියලූ බලවේග එකතු කරමු. ගන්න පුළුවන් හැම ක‍්‍රියාමාර්ගයක්ම ගමු. කොයිතරම් දුෂ්කර වුණත් මේ වෙලාවේ ජාතික සමගිය පැත්තේ හිටගන්න අපි පැකිළෙන්න ඕන නැහැ.” බිමල් රත්නායක කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *