සහරාන් කල්ලියේ පළමු පෙළ මියගිහින් ; දෙවන පෙළ ඇතුළේ ; තවත් ප්‍රහාරයකට ඉඩක් නෑ – බුද්ධි අංශ කියයි

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් හෂීම් කල්ලියේ ප්‍රධාන නායකයන් සියලු දෙනාම මේ වනවිට මියගොස් ඇති බවත් දෙවන පෙළ නායකයන් ඇතුළු කල්ලියේ සියලු දෙනාම පාහේ අත් අඩංගුවට ගෙන ඇති බවත් හමුදාවේත් , පොලිසියේත් බුද්ධි අංශ ප්‍රකාශ කරයි . බුද්ධි අංශ කියන්නේ තවත් ප්‍රහාරයක් කිරීමේ හැකියාව ඉතාමත් අල්ප බවයි .

මෙම කණ්ඩායම සම්පුර්ණයෙන්ම වගේ දේශීය වශයෙන් බිහිවී ඇති බවත් , බෝම්බ නිපදවීමට අවශ්‍ය ටී ඒ ටී පී පුපුරන ද්‍රව්‍ය නිපදවීමද මෙරට දී සිදුකොට ඇති බවත් හෙළිදරවු වී ඇත . එයට අවශ්‍ය දැනුම පමණ පිටරටින් ලබාගන්නට ඇතැයි විශ්වාස කෙරෙයි . සහරාන් කල්ලියට බොහෝ මුදල් ලැබී ඇත්තේ දේශීය ව්‍යාපාරිකයින්ගෙන් බවත් සංග්රිලා ප්‍රහාරයෙන් මියගිය ඉල්හාම් ඉබ්‍රහිම්ගේ ව්‍යාපාරය සහරාන්ගේ ප්‍රධාන මුදල් සැපයු ආයතනය වූ බවට ද හදුනාගෙන ඇති බවත් කියති .

සංවිධානයේ ප්‍රධාන නායකයන් අට දෙනෙක් ප්‍රහාරයේදී බෝම්බ පුපුරුවාගෙන මිය ගියහ . ඉතිරිව සිටි භයානක තැනැත්තා වූ රිල්වාන් හෂීම් ( සහරාන්ගේ සොහොයුරෙකි ) අප්‍රේල් 26දා කල්මුනේ අසල ප්‍රදේශයක නිවසක් තුළ දී මියගියේය . සංවිදානයේ ඉදිරි කටයුතු සදහා ලබා දී තිබු වශාල මුදලක්ද ඔහු සතුව තිබී හමුවීය .

සහරන් කල්ලියේ කාන්තාවන් හා දෙනකු ඇතුළු 90ක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය . හමුදාපත් මහේෂ් සේනානායක මහතාද කීවේ සහරාන් කල්ලියට තවත් ප්‍රහාර කිරීමේ හැකියාවක් ඇති බව තමන් විශ්වාස නොකරන බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *