පොදු අපේක්සහකයෙක් නෑ ,ජනපතිවරණයට එජාප අපේක්ෂකයෙක් – මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරපත් කරන බවත් පොදු අපේක්ෂකයකුට සහය දෙන බවට පැතිරෙන අරන්චිවල සත්‍යතාවක් නැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය . ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කොට තිබු සාකච්චාවක් අතරතුර සිදු කතාබහකදී මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය .

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වනලෙස දැනුම් දී ඇතැයි පල වූ වාර්තා ප්‍රතික්ෂේප කළ වික්‍රමරත්න මහතා කීවේ වගකිව යුතු පක්ෂයක් වන එජාපය රාත්‍රී කෑම මෙසවලදී දේශපාලන තීන්දු නොගන්න්න බව ද කීය. ජනාධිපති අපේක්ෂකයා පිලිබඳ තීරණය ගන්නේ පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමකින් බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

එරාන් වික්‍රමරත්න ඇමතිවරයා කිවේ පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි ඉක්මනින්ම ප්‍රකාශයට පත්කරන බවයි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *