මහින්ද ආණ්ඩුවේ කීමට මිනීමැරූ හැටි පිල්ලෙයාන් වමාරයි !

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බලවතුන්ගේ ඉල්ලීම් අනුව විවිද පුද්ගලයන් ඝාතනය කළ ආකාරය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හෙළිකරමින් සිටින බව ආරක්ෂක ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග කියයි . එම පුද්ගලයින් ඝාතනය කිරීමට හේතු තම නොදන්නා බවත් තමන් කළේ ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකිරීම පමණක් බවත් පිල්ලෙයාන් ප්‍රකාශ කොට ඇතැයි කියති . එවකට ඇමැතිවරයකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ උත්සාහයක් ගැනද ඔහු හෙළිදරවු කළ බව වාර්තාවෙයි .

හමුදා බුද්ධි අන්ස මගින් අත් අඩංගුවට ගත් අතමුන්ද තමන්ට භාරදුන් බවත් , ඇතැම්විට තමන් එක්ව මෙහෙයුම් කළ බවත් පිල්ලෙයාන් හෙළිදරවු කොට ඇත .කෙසේ වෙතත් ඔහු තවමත් පවසා ඇත්තේ තොරතුරු ස්වල්පයක් බව විශ්වාස කෙරෙයි. ඇතැම් සිදුවීම් ගැන විස්තර තමන් නොදන්නා බවත් එම විස්තර දන්නේ වෙනත් අය බවත් පිල්ලෙයාන් ප්‍රකාශ කොට ඇත.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය ගැන අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින පිල්ලෙයන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරෙමින් පවතියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *