නායකයො දැනගෙන හිටියා මේක වෙනවා කියලා. ඒ ගැන මොකුත් කටයුතු කළේ නැහැ – වික්‍රමභාහු කරුණාරත්න

පාස්කු ඉරිදා ප්‍රහාර‍යෙන් මසක් පිරුණු ඊයේ දින (21) සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සංවිධාන කළ සම්මන්ත්‍රණ‍යේ දී වික්‍රමභාහු කරුණාරත්න මහතා කළ කතාව –

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ බලවතුන් සම්බන්ධ වෙලා, ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබුණා, ඒ ගොල්ලන්ගේ මොළවලට වැටෙන්නෙ නැතුව. නොයෙකුත් රටවල් වල ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න උඩ ගැටීම් ඇතිවෙලා තිබුණා. ඒ ගැටුම්වලදී තමයි අදහසක් පැනනැගුනේ මේවා ත්‍රස්තවාදය කියලා. වියට්නාමයේ ත්‍රස්තවාදය නැත්නම් මැදපෙරදිග ත්‍රස්තවාදය ආදී වශයෙන් ත්‍රස්තවාදය කියන වචනය පාවිච්චි කරන්න පටන් ගත්තේ ඒ විදිහට.

ඒ කාලේ කියුබානු විප්ලවයත් සමග ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මේකත් ත්‍රස්තවාදයක් තමයි. මේ චේ ගුවේරා ත්‍රස්තවාදය. මේවා වාමාංශික ත්‍රස්තවාදී එල්ලයක් හැටියට ඇති ත්‍රස්තවාදයක් හැටියට තමයි ඒ දවස්වල ත්‍රස්තවාදය සැලකුවේ. නමුත් පසුකාලීනම ලෝක පරිමානව ගෝලීය ධනවාදය හා විවෘත ආර්ථිකය වශයෙන් ලෝකෙ පුරාම පැතිරුනාට පස්සේ, අදහසක් ඇති වුණා, දැන් නම් ඒ වගේ ත්‍රස්තවාදයන් ඇති වෙන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් තියෙනවා ලෝකය පුරාම, වර්තමානයේ තියෙන විශාල අවබෝධයන්, දියුණුවිම් තාක්ෂණයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් ලෝකයක් සහ විවෘත ආර්ථිකය ඇති ලෝකයක් ඇති කරගන්න පුළුවන් කියලා. ඒ අදහස උඩ තමයි පසුකාලේ දී අපි දන්නවා දාර්ශනිකයො ඇවිල්ලා කිව්වා ඉතිහාසයේ කෙළවරකට ඇවිල්ලා තියෙනව, මනුෂ්‍යගෙ ගමන අවසානයි මෙතනින්, සියළු දේවල් නිෂ්පාදනය කරන්න, ඕන දෙයක් ගන්න තරමට විශාල ගමනක් ඇවිල්ලත් තියෙනව, ඒ නිසා ගමනක අවසානයක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය.

නමුත් ඇත්තටම ‍එහෙම උනාද? ඇත්තට එහෙම උනානම් මේ විදිහේ දරුණු ක්‍රියාවන්වලට තරුණයන් පෙ‍ළඹෙණ තත්ත්වය ආවේ කොහොමද කියලා බලන්නඩ ඕනෑ.

වාමාංශිකයො හැටියට අපි විශ්වාස කළා මනුෂ්‍යගෙ ගමන අවසාන වෙන්නේ, නැවතත් කොමියුන් එකකින්. ඒකයි අපිට දීපු පිළිතුර මාක්ස්වාදී සාකච්ඡාවල දී. මොකද ඒක කාන්තාවන්ගෙන් ඇරඹුන කොමියුන් එකක් වෙන්න ඕන. මොකද අපි ආරම්භ වුණේ කාන්තාවන්ගේ ශක්තියෙන් තමයි අපි වානරයන්ගෙන් වෙන්වෙලා මනුෂ්‍යයො බවට පත්වුණෙත්. ඒ නිසා එවැනිම සමාජයකට ආපසු යනවනම් මිසක මෙකේ ගැලවුමක් නෑ කියලා.

ඇත්තටම දැන් අපිට පේනවා මේ ඉතාමත් දියුණුයි කියන ලෝකය තුළ තමයි, ඒක අරාබිකරයෙන් මතුවෙනවා කියලා කිව්වට යුරෝපයේ සහ අනෙකුත් රටවල් වලත් දැවැන්ත ගැටළුවක් තියෙනව තරුණයන්ට හා කම්කරුවන්ට හා ජනතාවට මොකක්ද අපේ අවසානය කියලා. මේ අවසානය ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් සමාජය කිව්වට එකේ කිසිම නෑ, මේකෙ අයුක්තියට විරුද්ධව අපි කතාකරන්නේ කියලා. ඒ අදහස ඇතිවෙලා තිබෙනවා. ඒක තමයි මේකෙ මුල. ඒ මුල ඉඳලා ඒ ගොල්ල කල්පනා කරනවා, මොකක්ද අපිට කරන්න පුළුවන් මේ සමාජය තුළ ඉදිරියට යන්න කියලා. දැන් මේ ත්‍රස්තවාදය කියලා අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදයට ගිය අය අල්ලලා ප්‍රශ්න කිරීමේ දී ඒ ගොල්ල කියන්නේ කුමක්ද? මේ ලොකේ තියෙන ගමන අසාධාරණයි. අපිට මේකෙන් කිසිම සාධාරණයක් පේන්නේ නෑ. මේකෙන් අපිට ස්වර්ගයකට යන්න බැහැ. ඒ නිසා අපි ස්වර්ගයකට යන්න අපිම හදාගත්ත ක්‍රමයකින් යන්ඩ වෙලා තියෙනවා කියලා, ඔවුන් සොයාගෙන යන ගමනක් බවට පත්වෙලා. මේ ගොල්ල විශේෂයෙන්ම කියන්නේ අපේ මනුෂ්‍ය සමාජයේ හොඳ හිතක් නෑ. විශ්වාසයක් නෑ. අපි කතාකලාට, කෑවා බිව්වට මනුෂ්‍යයෝ හැටියට සම්බන්ධයක් නැහැ. ඇයි මේ? ඒක ලබාගන්නේ කොහොමද? කියලා ඔවුන් දැවැන්ත නිර්මාණ කරන්න ගිහිල්ලා ස්වර්ගය හැටියට පුපුරවාගෙන ඔක්කොමලා මරාගෙන යන්න ඕනැ කියන අදහසකට අවිල්ලා තියෙනවා.

මේක අපි තේරුම්ගත යුතුව තිබෙන විශාල ප්‍රශ්නයක්. මේක මේ මුස්ලිම් ජනතාවගෙන් ආපු ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නය සියලුම ආගම්වලින් නිරත වෙලා තියෙන කටයුත්තක් හැටියට එන එකක්. මම කියන්නෑ, කාල් මාක්ස් කියපු හැටියට සමාජවාදයට ගියහම මේක ඉවර වෙනවා කියලා. නමුත් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනැ. මනුෂ්‍යයා ලෝකේ පුරා පැතිරිලා හිටියට ඒගොල්ලන්ට එකිනෙකා පිළිබඳ විශ්වාසයක්, දයාවක් ඇති කර ගන්න බැරි වෙලා තියෙනව. එහෙනම් ඒක හරිගස්ස ගන්නෙ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍යයි. අපි සෑම මනුෂ්‍යයෙක්ම තමන් ජීවත් වෙන්න කැමතියි. නමුත්, අනෙකා ජීවත් වෙනවට කැමතිද කියලා ඇහුවොත් ‘ඔව්’ කියලද, ඒක ආරක්ෂා කරනවා කියලද කියන එකයි ප්‍රශ්නය.

ඊළඟට මනුෂයෙක් මේ ලෝකේ කොටසක් අයිතියි මට. මගේ පාවිච්චියට ‍මගේ ජීවිතයට අවශ්‍යයි කියලා, එ වගේම අනෙකාට කොටසක් අවශ්‍යයි. ඔහුටත් ඒය ආරක්ෂා කර දියයුතුයි කියලා හිතනවද? මගේ නිර්මාණයට මගේ ජයග්‍රහණයට මම සත‍ටුවෙනවා. ඒ වගේම අනෙකාගේ නිර්මාණයට ජයග්‍රහණයට සතුටුවෙනවද? එහෙම සතුටුවෙන්න පුළුවන් විදිහටද ඉන්නේ? ඒ වගේම අවසානයේ දී කියනනවා නම්, මගේ බිඳවැටීමකින් මගේ පරාජයට, මට වැරදුණු තැනට මම සමාව දෙනවා. අනෙක් අයට සමාව දෙන්න අපි ලෑස්තිද කියන ප්‍රශ්නය තියෙනව. මේ ආගම් ඔක්කොම උගන්වන්නේ ඕක තමයි. බුදුහාමුදුරුවොත් ඇවිල්ලා ඊටත් පෙර තිබිච්ච, ද්‍රවිඩ සමාජයේ තිබිච්ච විවිධ තොරතුරු හොයලා බලලා තමයි මේ විදිහට කිව්වේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා ගති තියෙන සමාජයක් හදන්න ඕන කියලා. ඒක හැම ආගමක් ඊට පස්සේ කිව්වා. දැන් අපි ඉන්න පශ්චාත් නූතන සමාජයේ, නූතන සමාජයට ඇවිල්ලා අපි ඒක පහු කරගෙන යන්නේ. අපිට පුළුවෙන් වෙලා තියෙනවද අර කියන විදිහට මම කැමතියි මගේ ජීවිතයට. උඹත්, උඹේ ජීවිතයට කැමතියි. මම ඒක ආරක්ෂා කරනවා. ඒ විදිහට ඒ කරාණාවලට එකඟ වෙන්න පුළුවන් කමක් තියෙනවද? මේක තමයි ධර්මයක් කියලා සාකච්ඡා කරනවද? ඇයි උඹ මේකට බැඳුනෙ? උඹ මොකක්ද කරන්න හදන්නේ? ‘මම යාළුවොත් එක්ක හිටියා. මට අර්ථයක් නෑ ජීවිතේ.’ මම මනුෂ්‍යයෙක් හැටියට මොකක්ද කළ යුතතේ? ඊට පස්‍සේ ‍කොහෙද මම යන්නේ? මට යන්න පුළුවන් ද ස්වර්ගයට? කියන එක ගැන විශාල අර්භුදයක් ඇවිල්ලා තියෙනව.

ප්‍රැන්සිස් කියන ආර්ථික විද්‍යාඥයා කිව්වා. ඔන්න හැමෝටම නිදහස තියනවා. හැම එකම වෙළෙඳ පොලෙන් ගන්න පුළුවන්. දියුණු වෙන්න ඕන නම් දියුණු වෙන්න පුළුවන්. වැටෙන්න ඕන නම් වැටෙන්න පුළුවන්. ඔන්න සමාජය කියලා.

එහෙම සමාජයක් ඇත්තටම ඇතිවෙලා තියෙනවද ලෝකේ? ඒක නැතිකමේ විපාකයත් එක්ක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතිහස‍යේ අවසාන නෑ ඒකෙන්. ඉතිහාසෙ අවසාන වෙන තැනට අපි ඇවිල්ලා කතා කරන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කාරණාව ගැන අපි බරපතලව හිතන්න ඕනැ.

තරුණයො පිරිසක් ඇවිල්ලා කතෝලික පල්ලි ටිකකට මෙහෙම ගැහුවා. ඒ කතෝලික පල්ලි ඒ ගොල්ලන්ට සම්බන්ධත් නෑ. ඒ කතෝලික පල්ලි ගැන එහෙම වෛරයකුත් නැහැ. මොකවත් නැහැ. ඇවිල්ලා මෙහෙම ගහලා මෙහෙම විනාශයක් කළා. ඒක ලෝක කුමන්ත්‍රණයක් කියලා අපිට කියන්න පුළුවන්. අපේ අයත් වැරදි කරලා. මේ නායකයො දැනගෙන හිටියා මේක වෙනවා කියලා. ඒ ගැන මොකුත් කටයුතු කළේ නැහැ. ඒ නිසා මේ ජනාධිපතිට විතරක් අපිට කියන්න පුළුවන්. මෙයා දැනගෙන හිටියා කිව්වේ නැති නිසයි මේක වුණේ කියලා. නමුත් අපිට එහෙම කිරීමෙන් පමණක් නිකන් ඉන්න බෑ. ඊට වැඩිය බරපතළ ප්‍රශ්නයක් මේක තුළ තියෙනව. අපිට මේ තැනෙන් ඉදිරියට යන්න නම්, අපි සෑම විදිහකටම කල්පනා කරලා බලන්න ඕන, කොහොමද මනුෂ්‍යයෝ අතර අපේ සම්බන්ධ කම අරගෙන කොහොමද මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාවෙන් බැඳුණු සම්බන්ධයක් බවට පත්කර ගන්නෙ කියලා.

ම‍නෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *