බර්ටිගේ ගෝලයින් අල්ලාගත් රජයේ ඉඩම් ආපසු ගන්නයි මෛත්‍රිගෙන් නියෝගයක් !

උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති ලෙස බර්ටි දිසානායක මහතා කටයුතු කළ සමයේ දේශපාලන බලයෙන් ගෝල බලයන් විසින් අල්ලාගෙන මේ වනවිට අනවසර ඉදිකිරීම්ද කර ඇති රජයේ ඉඩම් ආපසු රජයට පවරා ගන්න ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නියෝග කොට ඇත . රජයේ ඉඩම්වල ඇති අනවසර ඉදිකිරීම් කඩ ඉවත්කරනලෙසද ජනාධිපතිවරයා වැඩි දුරටත් නියෝග කට තිබේ .

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත්ව තිබී දේශපාලන බලයෙන් අත්පත් කරගෙන සිටින අක්කර හතක ඉඩම් ප්‍රමාණයක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මෙම නියෝගය කළේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි . එම අවස්ථාවේ එහි සිටි දුමින්ද දිසානායක ඇමතිවරයා කිසිවක් කර කියාගත නොහැකිව බල සිටි බවවර්ත වෙයි . මෙම ඉඩම් ප්‍රශ්නය ගැන ප්‍රදේශයේ දේශපාලඥයන්ගේ අදහස් විමසු අවස්ථාවේ දුමින්ද ඇමතිවරයා කිසිවක් නොකීවද පළාත් ඇමැති එච් බි සේමසිංහ මහරහ පවසා ඇත්තේ තමන් මෙම ඉඩම් කොල්ලයට මුල සිටම විරුද්ද වූ බවයි .

මෙම ඉඩම් ප්‍රශ්නය මතුවුයේ අනුරාධපුර රෝහලේ පිළිකා වාට්ටුවේ ඉඩකඩ මදිකමත් එය පුළුල් කිරීමට ඉඩම් නැතිකමත් ගැන සාකච්චා කළ අවස්ථාවේදීය . එහිදී හෙළිදරවු වුයේ රෝහල පුළුල් කිරීමට තිබූ ඉඩම් පසුගිය කාලයේ දේශපාලන බලය මත ඇතැම් පිරිස් විසින් අනවසරයෙන් අල්ලාගෙන ගොඩනැගිලි පවා ඉදිකොට ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *