පාසල් යැවීම

මොනවද ලොක්කා ? මෙච්චර අමාරුවෙන් කරගෙන ආව  වැඩේ අබ්ලික් කරන්නද හදන්නේ? කියා  සාටක රජාගෙන්  ඇසුවේ   කිසි දිනක පාසල් නොගිය පොහොට්ටු කාරයෙකි.

ඔහේ කියන්නේ මොකක් ගැනද? රිෂාඩ්ගේ විශ්වාසභංගයට මම අත්සන් නොකළ එක ගැන ද කියා ඇසූ සාටක රජා කීවේ, ඔන්න බලහං ඔය විශ්වාසභංගයෙන් රනිල්ට ගෙනාපු විශ්වාසභංගයටත් වඩා සාර්ථක විදියට අපේ එවුන් කෙලවගන්නවා.  මම ඕකට අත්සන් නොකළේ  අන්න ඒ නිසයි කියාය.

විශ්වාසභංගයෙ නෙමෙයි ලොක්කා මේ වැඩේ හින්දා ලොක්කා ගැන අපට තියෙන විශ්වාසයත්භංග වෙනවා කියා එවිට පොහොට්ටුකාරයා කීවේය

උඹ ඔය කියන ලබ්බ  මක්කද? කියා මට තේරෙන්නෙ නැහැ කියා එවිට සාටක රජා කීවේය.

එතකොට ලොක්කා විසිඑක්වෙනි දා  ළමයි ඉස්කෝලේ යවන්න හදනවා කියලා පත්තරේ තිබ්බේ බොරුවක් ද කියා පොහොට්ටු කාරයා  ඇසුවේය?

ඉස්කෝලෙ යවන්න ළමයි මට කොහෙද ඉන්නෙ? මට පුලුවන්නම් පොහොට්ටු කාරයෝ  ඔක්කොම ඉස්කෝලේ යවනවා කියා සාටක රජා කීවේය.

යවන්න ඕනේ කාලේ ළමයි හරියට ඉස්කෝලේ යැවුවා  නම් තජුඩින්  තාමත් ජීවතුන් අතර කියා සිතූ පොහොට්ටුකාරයා උන් හරියට ඉස්කෝලේ ගියානම් දළදා මාලිගාව වටේ රේස් පදිද? කියා සිතූ නමුත් ඒ බව සාටක රජාට කියන්නට ගියේ නැත

ළමයින්ට ආරක්ෂාවක්ව මදි කියලා ලොක්කා දවසක් පාර්ලිමේන්තුවේදී කීවා නේද? යැයි පොහොට්ටු කාරයා ඇසුවේය

ඔව් මම කිව්වා ඇයි ප්‍රශ්නයක්ද? කියා  සාටක රජා  ඇසුවේය.

එහෙම කතා කරන්න එපා ලොක්කා. ලොක්කගෙ කතාව  ඇත්ත කරන්න  අපි කොච්චර ලොකු ගේමක් දුන්න ද? එහෙම තියෙද්දී 21 වෙනිදා  ළමයි ඉස්කෝලෙ යවන්න කටයුතු කරනවා කියලා ලොක්ක ම කියනවා. එතකොට අපි ගත්තු පියවර ඔක්කොම හබක් කියලා ලොක්කාට තේරෙන්නෙ නැද්ද? කියා පොහොට්ටු කාරයා  ඇසුවේය.

මොනවද උඹල ගත්තු පියවර? බෝම්බ පුපුරවා ගත්තද කියා එවිට සාටක රජා  ඇසුවේය

ඕකනේ ලොක්කා ලොකුම වැරැද්ද. දහතුන් වැනිදා ඉස්කෝල වලට ළමයි එවන්න  කියලා ආණ්ඩුව කීවම ඉස්කෝලවල  ආරක්ෂාව නැහැ කියලා කියන්න අපි මොන තරම් කට්ට කෑවද?  අනික  විසි එක් වෙනිදා ඉස්කෝල පටන් ගන්න එක නතර කරන්න අපි හලාවත ගැහුවා, ගම්පහ ගැහුවා, දැන් ලොක්ක ළමයි ඉස්කෝලේ යවනවා කීවම අපි කරපු වැඩ සේරම ගඟට කැපුව වගේ යැයි පොහොට්ටු කාරයා කීවේය.

බොට මොලේ නැති වුණාට මට මොළේ තියෙනව. දැන් ළමයි සති දෙකක් ඉස්කෝලේ ගියා රතිඤ්ඤයක්වත් පත්වුණාද ?උඹලා භීතිය වපුරන්න කොච්චර දැඟලුවත් මිනිස්සු වෙසක් බලන්න පෝලිමේ යනව. ඒ නිසා උඹලා අපි කීවත් නැතත් විසි එක් වෙනිදා ළමයි ඉස්කෝලේ යනවා. මම වහාම තැටිය මාරු කළේ ඒ නිසයි. සාටක රජා හේතුව පැහැදිලි කළේය.

ඒත් ලොක්කා දැන් කියන කතාවල හැටියට අපේ  අනාගතය බොහොම දුක් බරයි කියලා මට හිතෙනවා යැයි පොහොට්ටු කාරයා  කීවේය. මොනවද මම කියන කතා කියා එවිට සාටකරජා  ඇසුවේය.

වචනයකින්වත් අනුන්ගේ හිත් රිදවන්න එපා කියලා ලොක්කා වෙසක් පණිවිඩයේ  කියලා තිබුණා දැක්කා. හිත් රිදවන්නෙ නැතුව අපි කොහොමද කොල්ලො කෙල්ලො දූෂණය කරලා පාට් දමන්නේ? හිත රිදවන්නෙ නැතුව කොහොමද සංචාරකයෝ මරලා පෙම් පෙම්වතිය දූෂණය කරන්නේ? අලුත්ගම කේස් එක වගේ ගේමක් දෙන්නෙ නැතුව ජීවත් වෙන්නේ කොහොමද? කියා හිතාගන්නවත් අමාරුයි කියා  පොහොට්ටු කාරයා කීවේය

යකෝ කියන හැම දෙයක්ම  කරන්න ඕනි කියලා නීතියක් තියෙනවද? මම වැඩ කරන්නේ  කතාව දෝලාවෙන් ගමන පයින් ක්‍රමයට  කියලා උඹලා තවමත් දන්නෙ නැද්ද කියා එවිට සාටක රජා ඇසුවේය?

පොහොට්ටු  කාරයා ඊට උත්තර දුන්නේ තේරුනේ නැහැ කියාය.

තේරුනේ නැත්නම් ඔන්න අහගනින් . මුලින්ම සාටක චින්තනය දාලා මම බලය ඉල්ලුවේ රටේ අයිතිකාරයා නෙමේ  භාරකාරයා කියලා අන්තිමට මං වැඩ නතර කළේ භාරකාරයා නෙමේ මහා භාරකාරයා වෙලා. මම ඒ විදිහට වැඩ කලේ නැත්නම් ෂැන්ගීලා හෝටලයට තියෙන තැන් අදත් තියෙන්නේ හමුදා මූලස්ථානේ. අයිතිකාරයා නෙමෙයි භාරකාරයා කියලා  රට බාර අරන් මස්සිනාකාරයට ගුවන් සේවායක් දුන්නා. වටේ පිටේ හිටපු උන්ට  හිතපු  හැටියට  කන්න දොරවල් ඇරලා දුන්නා. මානව හිමිකම් පෙන්නලා බලයට ඇවිල්ල, මානව හිමිකම් කොමිසමට  සරම උස්සල පස්ස පෙන්නපු කොල්ලා මම කියලා උඹලට මතක නැද්ද? බය නැතුව හිටපල්ලා කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.

ඒ උනාට ඉස්කෝලේ තව ටික දවසක් වහලා තියාගත්තා නම් රටේ  අනාගතයට හොඳයි කියා පොහොට්ටු කාරයා කීවේය.

කොච්චර හොඳ වුනත් ඒක කරන්න අමාරුයි දැන් සති දෙකක් ළමයි ඉස්කෝලේ ගියා කිසිම කරදරයක් උනේ නැහැ ළමයින්ගෙ ඉගෙනීම් කඩාකප්පල් වෙනවාට අම්මා තාත්තා කැමැති නැහැ ඉස්කෝලේ හයර් ටික නැතුව ඉන්න ඉස්කෝලේ බස් කාරයෝ කැමති නෑ. ළමයි ඉස්කෝලේ යාම නවත්වන්න මටත් බැරි වුණා. ජෝසප් ස්ටාලින් ටත් බැරි වුණා. අඟහරුවාද ළමයි ඉස්කෝලේ යනවා. ඒක චාන්ස් එකක් කරගන්න මම වැඩක් සෙට් කළා. සාටක රජා කීවේය.

මොකක්ද වැඩේ කියා පොහොට්ටු කාරයා  ඇසුවේය.

ළමයි ස්කෝලෙ යනකොට උඹල ඉස්කෝලේ ගේට්ටුව ළඟට ගිහිල්ලා ළමයි ඉස්කෝලේ ආවෙ මගේ වැඩපිළිවෙළ නිසා කියලා මවා පෙන්නනවා. අපේ ඔඩොක්කුවෙ ඉන්න මීඩියා කාරයො ටික අගය කරල දෙනවා. එතකොට ළමයි ඉස්කෝලේ ගිය එකේ චාන්ස් එක  ඉබේටම අපේ අතට එනවා යැයි සාටක රජා  කීවේය.

වැඩක් නෑ ලොක්කා ඔය තුරුම්පුව හබක් පොහොට්ටුකාරයා  කීවේය.

ඒ මොකද කියා සාටක රජා ඇසුවේය.

ළමයින්ට ගැටලුවක් නැතුව ඉස්කෝලේ යන්න පුළුවන් කියලා අකිල කාරයා දැන් පෙන්නලා ඉවරයි. ලොක්කගේ  හීනෙත් ගෝඨාගේ හීනෙ වගේ  දිය වෙනවා මට දුකයි. පොහොට්ටු කාරයා  කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *