පොදුජන පෙරමුණේ මන්ත්‍රී හාමුදුරුවෝ රාජ්‍ය වෙසක් උළලේ වේදිකාවට බලෙන් ගොඩවෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලපිටිය ප්‍රාදේශීය සභා  මන්ත්‍රීවරයකු වන බලපිටියේ ධම්මික හිමියන් රාජ්‍ය වෙසක් උළලේ වේදිකාවට අනවසරයෙන් ගොඩ වී දේශනයක් කර ඇත . සිරගතව සිටින ඥානසාර හිමියන් වෙසක් දිනයේ නිදහස් කරන ලෙසත් බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනෙකු නිදහස් කරන ලෙසත් ඉල්ලු උන් වහන්සේ ලිපි ගොනුවක් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට භාර දුන්නේය . ලිපි ගොනුව පෙරලා බලු ඇමතිවරයා කිවේ ” මේකේ තියෙන්නේ ඔබ වහන්සේගේ දහම් පාසැල දියුණු කරන්න කියලයි . ඒ ගැන අපි කටයුතු කරන්නම් ” යනුවෙන් පිළිතුරු දී ඇත  .

බුද්ධි අංශ නිලධාරීන් 45ක් නිදහස් කරන්නයි හාමුදුරුවෝ කීවද මේ වනවිට සිරගතව සිටින්නේ නව දෙනකු පමණක් බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *