බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වර්චුසා ආයතනයේ සේවය කළ ආදිල් අමීස් !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධයැයි සැකකෙරෙන වර්වුසා ආයතනයේ සේවය කළ මුස්ලිම් ජාතිකආදිල් අමීස් නමැති තරුණයා ප්‍රහාරයෙන් දින 04කට පසුව  අත්අඩංගුවට ගත් රහස් පොලීසිය විසින් මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර ඒ අනුව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

 

ඔහු ආදිල් අමීස් නමැති 24 වියැති පුද්ගලයකු බවත්, ඔහු මෘදුකාංග ඉංජිනේරුවකු වශයෙන් සේවය කරමින් මෙම ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ වී ඇති බවත් මීට වසර 03කට පෙර ඉන්දීය බුද්ධි අංශ මගින් ද ඔහු පිළිබඳව විමර්ශනය කර ඇති බවත් හෙළිකර ගැනීමට සමත් වී ඇත.

 

250කට අධික පිරිසකට මරුකැඳවමින් දේවස්ථාන හා හෝටල් ඉලක්කර කරමින් එල්ලකට ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු මොහු බවට ද මේ වන විට සොයාගෙන ඇත.
මොහු අත්අඩංගුවට ගත් බව දේශීය මාධ්‍යයන්ට හෙළි නොකළ මුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රහාරයෙන් දින 04කට පසුව එනම් අප්‍රේල් 25 වැනිදා ඔහු අත්අඩංගුවට ගත් බව රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

 

ආදිල් වෘත්තීය මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන ඇති බවත් වෙබ් නිර්මාණ ශිල්පියෙකු ලෙසත් මෘදුකාං ඉංජිනේරුවකු ලෙස ද කටයුතු කර ඇති බවත් එක්සත් ජනපද විශ්ව විද්‍යාලයක විද්‍යාවේදි උපාධිධරයකු වශයෙන් පෙනී සිටි බවත් සොයාගෙන ඇත.

 

ආදිල් වෙනුවෙන් තවම නීතිඥයකු ඉදිරිපත් වී නොමැති බවත් ප්‍රහාරයෙන් පසුව පනවන ලද හදිසි නීති රෙකුලාසි යටතේ දින නියමයක් නොමැතිව ඔහු රඳවාගැනීමේ හැකියාව පවතින බවත් වාර්තාවේ.

අලුත්ගම ප්‍රෙද්ශයේ ජීවත් වන ආදිල්ගේ පියා වන එම්. ආමීස් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඔශුට විරුද්ධව ඇති චෝදනාවන් බොරු ඒවා බවයි.

2016 සිට ඉන්දියානු බුද්ධි අංශ ආදිල් ව අධීක්ෂණය කර ඇති අතර ඉන්දියානු උසාවි දෙකක ආදිල්ට ඉස්ලාමීය රාජ්‍ය (I.S.) ක්‍රියාකාරී කටයුතු ගැන චෝදනා ගොනුකර තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තාකරන පරිදි අහමාබාද් ප්‍රෙද්ශයේ යුදෙව් දේවස්ථානයකට පහර දීමට සැලසුම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සබඳතා පැවැත් වූ බවට ආදිල් හට චෝදනා එල්ලවී ඇත.

ඉන්දියානු බුද්ධි අංශ මඟින් අප්‍රේල් මාසයේ දී එල්ල වීමට නියමිත ප්‍රහාර සම්බන්ධයෙන් තුන් වතාවක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇතැයි ද සඳහන්.  ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් දෙදෙනෙකු සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සහ ආදිල් යන කණ්ඩායම් දෙක අතර ඇති සම්බන්ධතාවය කුමක් ද යන්න හෙළිකර ගැනීමට දිගින් දිගටම පර්යේෂණ කටයුතු කරන බවයි.

අන්තර් ජාලය භාවිතා කරමින් ආදිල් පෙනී සිට ඇත්තේ මාධ්‍යෙව්දියකු ලෙස බවත් ඔහු සියලු කටයුතු මෙහෙයවා ඇත්තේ නිවසේ සිට බවට ද තොරතුරු හෙළිකරගෙන ඇත. එමෙන්ම ඔහු ත්‍රස්තවාදීන් ගේ පුහුණුව හා සන්නිවේදනය සම්බන්ධයෙන් ද කටයුතු කර ඇතැයි එළිදරව් කර ගෙන ඇතැයි පැවසේ. ඔහු අත්අඩංගුවට පත්වන විට ඔහුගේ පරිගණකයේ ඇති සියලුම ගොනු මකාදමා ඇති බවත් ඒවා නැවත ප්‍රති උත්පාදනය කිරීමට කටයුතු කරගෙන බවත් දැනගන්නට ඇත.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *