උත්සව සැනකෙළි වලින් තොර අධ්‍යාත්මයට මුල්තැන දෙන වෙසක් සමයක් – අහිංසා ශ්‍රී ලංකා සත්ත්ව හිමිකම් හා සුභසාධන සංවිධානයේ කැඳවුම්කරු – ප්‍රවීන මාධ්‍යවේදී තිලක් සේනාසිංහ

තවත් වෙසක් උදාවක් ළඟ ළඟම එයි. නමුදු ආරක්ෂක හේතූන් වෙසක් පොහොය නිමිත්තෙන් ජනතාව ඒකරාශීනොවිය යුතු බවට රජය අනතුරු අඟවා ඇත.

 

එහෙත්, ඔබ ඉන් මන්දෝත්සාහි විය යුතු නොවේ. මෙම වෙසක් පො‍හොය නිමිත්තෙන් ඔබ ජීවත්වන ගෘහාශ්‍රිත පරිසරය මුල් කොට සිදු කළ හැකි වැදගත් කටයුතු රැසකි. ත්‍රිපිටකයට අයත් සංයුක්ත නිකායේ වනරෝප සංයුක්තයේ එන පරිදි රුක් රෝපණය, මංමාවත්, ඒ දඬු, පාලම්, වැව්, පොකුණු ආදිය තැනීම සහ ප්‍රතිසංස්කරණය ඇතුළු සියළු ප්‍රාණීන් ගේ හිතසුව පිණිස වන කටයුතු නිති සිත් වැඩෙන ක්‍රියාවන්ය. මජ්ජිම නිකායේ සාලෙය්‍යක සුත්‍රයේ බුදුන් වදාරා ඇත්තේ ද සියළු ප්‍රාණීන්ගේ හිත සුව පිණිස කටයුතු කරව් (සබ්බේ සු පාණභුතේසු හිතානුකම්පී විරහථ) යනුවෙනි.

 

ඒ හැරුණු කොට නිවාස අහිමි සුනඛයන් ඇතුළු අසරණ බවින් යුතු සියළු සතුන්ට ආහාරපාන ලබා දීමත් ඒ සම්බන්ධයෙන් සුළු හෝ නිරන්තර මෙහෙවරක් ඇරඹීමත් ඔබගේ මෙන්ම ඔබේ දරුවන් ගේද මානසික යහපැවැත්මට ඉවහල් වනු ඇත. එමෙන්ම විවිධ පුද්ගලයන්, ආයතන සහ සංවිධාන මගින් ශබ්ද විකාශන ආදියෙන් පරිසරයට මුදා හරින අධික ශබ්ද ද විවිධ ප්‍රාණීන්ගෙත් ජීවීන්ගේත් යහපැවැත්මට අහිතකර ලෙස බලපාන බව නවීන විද්‍යාවෙන් තහවුරු වී ඇත.

 

එමෙන්ම පරිසරයට බලපෑම් කරන මෙවන් අධික ඝෝෂාවන් බුදු දහමින් ද අනුමත නොකරන බවත් බුදුවරුන් නිහඬතාවය මිස එවන් ඝෝෂාවන් ප්‍රිය නොකරන බවත් දීඝ නිකායේ බ්‍රහ්මජාල  සූත්‍රයෙන් බුදුන් අවධාරණය කොට ඇත. ඒ අනුව උත්සව, සැණකෙළි වලින් තොර හුදෙක් අධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙන වෙසක් සමයක් ගත කිරීමට ඔබ සැමට හැකි වේවායි අපි සුහද සිතින් පතමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *