බුර්කාව තහනම ගැසට්ටුව නිකුත් කෙරේ

බුර්කාව හෙවත් මුහුණ වැසෙන සේ ඇඳුම ඇඳීම පසුගිය දා හදිසි නීතිය යටතේ තහනම් කරනු ලැබූව ද ඒ පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් නොවීම ගැන සමාජයේ සාකච්ඡාවට බඳුන් විය.

ඒ කුතුහලය නිමා කරමින් ඊට අදාල ගැසට් පත්‍රය නිකුත් වී තිබේ. එහි සඳහන් ආකාරයට ‘යම් තැනැත්තෙකු, කණ්ඩායමක් හෝ තැනැත්තන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන යම් ත්‍රස්තවාදි ක්‍රියාවක් සාක්ෂාත් කර ගැනීම උදෙසා වෙනත් ක්‍රියාමාර්ගයක නිරත නොවිය යුතු අතර මේ නියෝග උල්ලංඝනය කරමින් ක්‍රියාකරන ඒ යම් තැනැත්තකු හා තැනැත්තන් කණ්ඩායමක් වරදකට වරදකරු වන අතර මහාධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර දහයකට නොඅඩු සහ වසර විස්සකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කරනු ලැබීමට යටත් විය යුතුය.‘ යනුවෙන් දක්වා ඇත.

කිසිම තැනැත්තෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයක දී ඒ තැනැත්තා හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි පරිදි ඒ තැනැත්තාගේ සම්පූර්ණ මුහුණ සඟවාලනු ලබන යම් ඇඟලුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය යුතුය යනුවෙන් ද විස්තරාත්මක අදාළ ගැසට් නිවේදනයට ඇතුළත් ය.

සම්පූර්ණ මුහුණ යන යෙදුමේ අර්ථ නිරූපණය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපණ ආදේශ කිරීමෙන් සම්පූර්ණ මුහුණ යන්නෙන් නළලේ මුදුනේ සිට නිකට අග දක්වා අතර ද (එහෙත් දෙකන් නො ඇතුළත්ව) යම් තැනැත්තෙකුගේ මුහුණ යනුවෙන් අදහස් වේ යන්න එහි අර්ථ නිරූපණය කර තිබේ.

බිනර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *