නව ව්‍යවස්ථාවට එතෙරිනුත් උපදෙස්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දීමට ඔහු විසින් පත්කෙරුණූ කමිටුවට උපදෙස් ලබාගැනීම සඳහා මහාචාර්ය සූරි රත්නපාල පසුගිය දා ලංකාවට පැමිණි බව වාර්තා වේ. මෙම කමිටුවේ සභාපති ලෙස ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කටයුතු කරන අතර දෙමළ සන්ධානයෙන් නීතිඥ සුමන්තිරන්, මුස්ලිම් කොන්ග්‍රසයෙන් නිසාන් කාරියප්පර්. එජාපයෙන් මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා ඇතුළු පිරිසක් ක්‍රියාකරති.
ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වූ මහාචාර්ය සූරි රත්නපාල ඔස්ටි්‍රලියාවේ බි්‍රස්බෙන් විශ්ව විද්‍යාලයේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකි. රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි මහාචාර්ය රත්නපාල, අගමැතිවරයාට උපදෙස්දීම සඳහා පත්කළ කමිටුව සමග සාකච්ඡා පැවැත් වූ බව වැඩිදුරටත් සඳහන් ය. කෙසේ නමුත් නව ව්‍යවස්ථාවේ ව්‍යුහය කෙසේ වියයුතු ද යන්න පිළිබඳව ඔහු කිසියම් උපදෙසක් දුන්නේ ද යන්න වාර්තා නොවේ.
උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහාලේකම් නිසාන් කාරියප්පර් සමග මීට පෙර කළ සාකච්ඡාවක දී යුක්තියට කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රමවේදය පිළිබඳව තම කමිටුව විසින් අගමැතිවරයාට වාර්තාවක් ලබා දී ඇති බව ය. 1972 මෙන් පවතින ව්‍යවස්ථාවෙන් පිටනොගොස් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළහැකි ක්‍රමවේදයක් ඒ වාර්තාවෙන් ඉදිරිපත් කළ බව නීතිඥ කාරියප්පර් එහි දි කියා සිටියේ ය. f
යුධ අපරාධ නිරීක්ෂණ යාන්ත්‍රණය පිහිටුවීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ු පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව වාර්තාවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *