බුද්ධ චීවරය පෙරට දමා තමාගේ නිරුවත වසා ගැනීමට අගමැතිට නඩු පවරන්නට යන මෛත්‍රීගේ තකතීරු දේශපාලනයේ ඇතුළාන්තය

මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති ත්‍රස්තවාදී භීතිකාවට රජයක් වශයෙන් සියලු පාර්ශව වගකීම භාරගත යුතු බව සදහන් කළ යුතුමය.විශේෂයෙන්ම රටේ ආරක්ෂක අංශ වල භාරකරුවා වශයෙන් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිට සියලු වගකිවයුත්තන් මේ සඳහා අනිවාර්යයෙන් වගකීම භාර ගත යුතුමය.

එවැනි පසුබිමක පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය වගකීම පැහැර ඇති බව පවසමින් ඒ මහතාට එරෙහිව ජාතික සංඝ සම්මේලනය විසින් අද (14) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියත් ඒ පිළිබඳ ක‍්‍රියා නොකිරීම, ආණ්ඩුව පිළිබඳ තමන්ගේ වගකීම පැහැර හැරිම ආදී කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම පැමිණිල්ල ගොනු කළ බව ජාතික සංඝ සම්මේලනයේ සම සභාපති රජවත්තේ වප්ප හිමියෝ එහිදී පැවැසූහ.

මෙම චෝදනා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසද උන්වහන්සේ සිය පැමිණිල්ල මගින් තවදුරටත් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් මෙම අවස්තාව සඳහා සහභාගී වූ පිරිස සම්භන්දයෙන් පුළුල් ලෙස විමසා බලන විට මෙම කණ්ඩායම සෘජුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්භන්ද පිරිසක් බව අනාවරණය වේ.එනම් ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන සභාපතිවරුන් දෙදෙනෙක් සිටින අතර ඉන් රජවත්තේ වප්ප හිමියෝ එක් සම සභාපතිධුරයක් ධරණ අතර අනික් සම සභාපති වශයෙන් කටයුතු කරන්නේ ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලබා ගනිමින් ජනාධිපතිවරයාගේ සම්භන්දිකරන කටයුතු සිදුකරන පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ය.ඒ අනුව ආනන්ද සාගර හිමියන්ගේද සෘජු මැදිහත් වීම මත මෙම කණ්ඩායම අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බව මැනවින් ඔප්පු වේ.

එසේම මෙම අවස්ථාවට ජාතික සංඝ සම්මේලනයේ සංඝයා වහන්සේ නමක් නොවන පුද්ගලයෙකුද සම්භන්ද වී ති බවට වන කතා බහක් නිසාවෙන් උක්ත කරුණ තවදුරටත් තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී ඇත.එම පුද්ගලයා කලක සිට දේශපාලන කරලිය තුළ නොයෙකුත් ආකාරයේ ක්‍රියාවලීන් වෙත දායක වී ඇති ප්‍රියන්ත පතිරණ නමැති අයෙකි.

ප්‍රියන්ත පතිරණ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග සෘජුව දේශපාලනය කරමින් මේ වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්භන්දීකරන ලේකම්වරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමගද ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කරන මෙම පුද්ගලයා සංඝ සම්මේලනයට කිසිඳු සම්භන්දයක් නොමැති අයෙකි.කෙසේ වෙතත් ඔහු මෙම පැමිණිල්ල සඳහා සහභාගී වන්නේම ජනාධිපතිවරයාගේ උවමනාවට බව ඒ අනුව මනාව පැහැදිළිය.

රටක් වශයෙන් ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැළි කරා රට ගමන් කිරීමට යළිත් ආරම්භ වී ඇති මොහොතක ආරක්ෂක අංශ සියල්ලේම භාරකරුවා වශයෙන් ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින වටපිටාවක මෙම ප්‍රහාර වල වගකීම අගමැතිවරයා වෙත පැටවීමට මේ ගන්නා උත්සාහය කොතරම් නම් නින්දිත එකක්ද යන්න රටේ ජනතාව තේරුම් ගත යුතුය.එකිනෙකා මත වරද පටවා ජනාධිපතිවරයා මේ උත්සාහ ගන්නේ තමා අතින් සිදුවූ වරද වසා ගැනීමට නම් එය හුදෙක් දුහුල් කඩතිරකින් නිරුවත වසා ගැනීමක් පමණක් බව අපගේ හැඟීමය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමට යන අවස්තාව

 

sl story

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *