පහරදීම් ගැන බිංගිරිය පොලිසියෙන් ඇල්ලූ සැකකරුවන් 6 දෙනාව දයාසිරි නිදහස් කරවලා

වයඹ පළාත තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇති කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීමේ චෝදනාව යටතේ බිංගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 06 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පොලිස් ඇප මත නිදහස් කරවාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

පෙරේදා (12) රාත්‍රියේ දී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් පිරිස බිංගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් වැඩි ආරක්ෂාව සඳහා හෙට්ටිපොල පොලිස් ස්ථානයේ රඳවා තැබීමට පියවර ගෙන තිබිණි.

ඊයේ (13) පෙරවරුවේ හෙට්ටිපොල පොලිසිය වෙත පැමිණ ඇති දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අදාළ සැකකරුවන් පිරිස යළි බිංගිරිය පොලිසිය කරා රැගෙන ගොස් එහිදී පොලිස් ඇප මත නිදහස් කරවාගෙන මුදා හැර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *