මේ කවුද ? මොනවද කරන්නෙ ?

🔷මම කළේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු දෙන එක විතරයි. හානේ ඕගොල්ලො රට ගිනි තියනව ද ?

🔷මම කළේ Facebook එකේ පොඩි දෙයක් ලියන එක විතරයි. හානේ ඕගොල්ලො කඩ පේළියක් ම ගිනි තිබ්බ ද ?

🔷මම කළේ මගේ ජාතිය ගැන පොර ටෝක් එකක් දීපු එක විතරයි. හානේ ඕගොල්ලො අනෙක් ජාතියෙ එකෙක්ගෙ කණ පළන්න ගියා ද ?

🔷මම කළේ මගේ චැනල් එකේ Ratings වැඩි කරගන්න උත්සාහ කරපු එක විතරයි. හානේ ඕගොල්ලො ඒව බලලා ලේ කෝප කරගෙන සොම්බි කෙනෙක් වෙලා ද ?

🔷මම කළේ මගේ ජාතිය වෙනුවෙන් අතේ පැළවෙන බොරුවක් press එකක කිව්ව එක විතරයි. හානේ ඕගොල්ලන්ට මල පැන්න ද ?

🔷මම කළේ ඉන්න උන්ට හෝ එන්න හිතාගෙන ඉන්න උන්ට Ground clear කරන එක විතරයි. හානේ ඕගොල්ලො ඇඳිරි නීතිය අස්සෙ කඩ කඩන්න ගියා ද ?

🔷මම කළේ දවල් තිස්සෙ fb එකේ ගේම ඉල්ලපු එක විතරයි. හානේ බයේ ගැහි ගැහි රෑ තිස්සෙ නිදි මරන්න වෙයි කියල කවුද හිතුවෙ ?

🔷මම කළේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න කියල ඉල්ලපු එක විතරයි. හානේ ඒක දෙපැත්ත කැපෙන පිහියක් ද ? ඒක යටතෙ කොයි වෙලේ හරි අපිටත් බඩු හම්බ වෙයි ද ?

🔷මම කළේ මනුස්සකම ගැන කතා කරපු උන්ව ජෝක් කරපු එක විතරයි. හානේ ඒක නැතිවෙනකොට අපේ දරුවනුත් අනාරක්ෂිත වෙනව ද ?

🔴මේ කවුද ? මොනවද කරන්නෙ ?

විමල් කැටිපෙආරච්චි

( කාටූනය – විනී හෙට්ටිගොඩ )

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *