රට යථා තත්වයට ගෙන ඒමට අගමැති සියලුදෙනාගේ සහය ඉල්ලයි

අයි එස් සංවිධානයට ශ්‍රී ලංකාවේ සංවර්ධනය, ආර්ථික දියුණුව සහ එදිනෙදා වැඩ කටයුතු කඩා කප්පල් කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ බෝම්බ පිපිරවීම්වලින් ජීවිත විනාශ කර රටේ සාමය, සංහිඳියාව බිඳ දමා ආර්ථික දියුණුව සහ සංවර්ධනය අඩාල කිරීම ත්‍රස්තවාදීන්ගේ උත්සහය බවයි.

දැන් සාමය ආරක්ෂා වෙලා. දැන් පැතිරී යන ප්‍රවෘත්ති නිසා කලබල වෙලා රටේ සංහිදියාවට ගැටළුවක් ඇතිවන්න දෙන්න හොද නැහැ. සංහිදියාව ආරක්ෂා කර ගත යුතුයි. එදිනෙදා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගන්න ජනතාව එදිනෙදා කටයුතු වලට යෙදෙන්න පටන් ගන්න අවශ්‍යයි. කිසිදු අවස්ථාවක අයි එස් සංවිධානයට රටේ සංවර්ධනය සහ ආර්ථික දියුණුව කඩා කප්පල් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි මෙහිදී අගමැතිවරය ප්‍රකාශ කර සිටියේ.

එදිනෙදා ජන ජීවිතය ඉදිරියට ගෙන ගොස් රටේ ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම සිද්ධිය මුල්කර ගනිමින් රටේ සංවර්ධන කටයුතු පසුබෑමකට හෝ කඩා වැටීමකට හෝ ඉඩ නොදිය යුතු බවද රත්නපුරයේ අද (12) පැවති උත්සවයකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

ත්‍රස්තවාදීන්ගේ අරමුණ වන රට අකර්මණය වීමට ඉඩ නොදීමට නම් සියලුදෙනා පළමුව සිදු කළ යුත්තේ සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමේ වෑයමට උපරිම සහය ලබාදීම බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *