ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් කිරිඇල්ලගෙන් නිවේදනයක්

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 වසරේ දී දේශීය ත්‍රස්තවාදය වැළැක්වීම සදහා සැකසුනු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට හැකි බවට මතයක් රෝපණය කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් උත්සාහ දරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.

ත්‍රස්තවාදය ගෝලීය තලයට ව්‍යාප්ත වීමත් සමග ලොව බොහෝ රටවල් ඊට සරිලන අයුරින් තම රටවල නීති රීති වෙනස් කිරීමට පියවර ගත් අතර එක්සත් රාජධානියේ ත්‍රස්තවාදය වැළැක්වීම සදහා  වන පනත පමණක් අවස්ථා 10කදී යාවත්කාලීන කර ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසයි.

ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සදහා නව නීති රීති හා අණපනත් ගෙන ඒමේ ක්‍රියාවලියට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විරුද්ධ වීම තුළ ගෝලීය ත්‍රස්තවාදය වැළැක්විමට එම පාර්ශවයට අවශ්‍යතාවක් නොමැති බව පෙනී යන බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේය.

ශරියා නීති රීති ගැසට් කිරීම, මඩකලපුව විශ්ව විද්‍යාලය සදහා අවසර ලබාදීම, අන්තවාදය වපුරවන පාසල් පිහිටුවීම සදහා පසුබිම සකස් කිරීම යන කටයුතු සිදුකළ මහින්ද රාජපක්ෂ මහතාට ඒවා සිදුකිරීමට යම් යම් හේතු තිබෙන්නට ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයක් තුළ ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රති ත්‍රස්ත පනත ගෙනඒමට විපක්ෂ නායකවරයා විරුද්ධ වන්නේ එම හේතු නිසා බවට සැකයක් මහජනතාව තුළ ඇති වීම වැළැක්විය නොහැකි බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *