ඇමරිකාවෙන් බෞතීස්ම කරලා එවන අය මෙහෙ රාජ්‍ය නායකයෝ වෙන්න බලාගෙන ඉන්නවා. අහු වෙන්න හොඳ නෑ – දයාසිරි

ඇමරිකාවෙන් බෞතීස්ම කර එවන පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ඊළඟ රාජ්‍ය නායකයින් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වුවමනාව අනුව ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මිනිසුන් පැල කිරීමේ වැඩසටහනට හසු නොවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් ලෙස නොව, ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ජාතීන් විසින් කළ කුමන්ත්‍රණයක් ලෙස තමන් දකින බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

හම්බන්තොට වරාය චීනයට බදු දීම නිසා ඉන්දියාව සහ ඇමරිකාව අප රට සමඟ විරසක වූ බවත් ශ්‍රී ලංකාව තුළ තමන්ට අවශ්‍ය ක්‍රියාදාමය සකස් කිරීම සඳහා චීන බලපෑම නැති කිරීමට ඇමරිකාවට වුවමනා වූ බවත් පැවසූ මන්ත්‍රීවරයා ඇමරිකාව සහ චීනය අතර අර්බුදයෙන් අවසන් ප්‍රතිඵලය ලෙස හානි සිදුවූයේ ලංකාවට බවත් පැවසීය.

ඒනිසා මෙය ජාතීන් අතර ප්‍රශ්නයක් කර නොගෙන ඇමරිකානු බල අරගලයෙන් රට බේරාගැනීමට අප සූදානම් විය යුතු බව පැවසූ ඒ මහතා ඇමරිකාවට ගැතිකම් කරන පුද්ගලයින් ගෙනවිත් පැල කිරීමෙන් එය කළ නොහැකි බවත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *