ෆේස්බුක් ප්‍රකාශයක් නිසා නොසන්සුන් වු හලාවත

හලාවත අද ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් හෙට උදෑසන 4.00 දක්වා හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

නොසන්සුන්තාවට හේතු වන පරිදි ප්‍රකාශයක් සමාජජාල වෙත මුදාහැරි පුද්ගලයෙකුද අද දින පොලිස් අත්අඩංගුවට ගැනුණි.

අද දහවල් හලාවත නගරයේ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වූයේ එක් පුද්ගලයෙන් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියක් මුල් කර ගනිමිනි.

ප්‍රදේශවාසීන් ඔහුට විරෝධය පළ කිරීමත් සමඟ නොසන්සුන්තාව හට ගෙන ඇත.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනුණි.

නොසන්සුන්තාවට හේතු වූ ප්‍රකාශය සමාජජාල වෙත මුදාහැරි හලාවත පදිංචි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්මර් නමැති අයෙකි.

ඔහුට හදිසි අවස්ථා රෙගුලාසි නීති ක්‍රියාත්මක කරන අතර මේ වනවිට හලාවත තත්ත්වය සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

හෙට උදෑසන 4.00 දක්වා හලාවතට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *