මහජනයා ඉල්ලුවේ ඉතා ශක්තිමත් යහ පාළනයක් – ආපු වෙලාවේ ඉඳලා කළේ රාජ්‍ය දුර්වල කිරීම – සිවිල් සංවිධාන එකමුතුවේ පූජ්‍ය දඹර අමිල හිමි

බොදු බලසේනාවේ මතවාදය වලක්වලා රාජපක්ෂලගෙ මතවාද වලක්වලා මේ රටේ මධ්‍යස්ථ ජනතාවගේ සහභාගීත්වයෙන් මේ රටට නියම පාළන තන්ත්‍රයක් ගෙනල්ලා කීවේ, මෛත්‍රිපාල සිරිසේනට ඒක හරියට කරනවා කියලා. අපි අරයගෙන් ගලවලා එයාට රට බාර දුන්නේ රට ගෙන යමු හරි මගක කියලා. ගෝඨාභයලා, මහින්ද රාජපක්ෂලා කරගෙන ගියපු වහාබ් අන්තවාදය හා මුස්ලිම් අන්තවාදයට අවශ්‍ය සරුපස හැදීමේ දෙවන කොටස එයත් පටන් ගත්තා.

මෛත්‍රිපාල සිරිසේන පටන්ගත්තේ මොකක්ද? ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කිරීමේ ව්‍යාපෘතිය පටන් ගත්තා. මහජනයා කිව්වේ ඉතා ශක්තිමත් යහ පාළනයක් කරගෙන යන්න කියලා. ආපු වෙලාවේ ඉඳලා කරන්න පටන්ගත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කිරීම. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට පෝෂණය වෙන්න සරුපසක් අත කරන්න දෙවෙනි පියවර මෛත්‍රිපාල සිරිසේන පටන් ගත්තා. එයා තමයි දෙවෙනි කොටස්කරුවා. දෙවෙනි විත්තිකරුවා. එයා දිගටම ඒක අරගෙන ගියා.

පළාත් පාලන මැතිවරණය වෙලාවේ දි තමන්ව පත්කරපු ආණ්ඩුවේ කොටසකට දිගට හරහට පහර එල්ල කරන්න පටන් ගත්තා. ජනතාව හිතන්න පටන් ගත්තා මේ දෙගොල්ලට සමගිව ඉන්න බෑ මේ රටේ කියලා. ඒකෙන් විශාල කලකිරීමක් සමාජය තුළ ඇති කරන්න පටන් ගත්තා. එක පැත්තකින් රාජ්‍ය දුර්වල වෙන ලකුණු සම්පූර්ණයෙන්ම පහළ වුණා.

ගිය අවුරුද්දේ ඔක්තොම්බර් මාසේ 26 වෙනිදා ජනතාව දැක්කා ඉතාමත් කොල්ලකාරී, දූෂිත පළවා හැරපු මහින්ද රාජපක්ෂව එක රැයින් අග්‍රාමාත්‍ය වරයා බවට පත් කරල දූෂිත අග්‍රාමාත්‍ය වරයා බවට පත් කරල රට අරාජික කළා. රට සම්පූර්ණයෙන්ම දුර්වල කෙරුවා විතරක් නෙමෙයි. කතානායකට මඩ ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ව්‍යවස්ථා සභාවකට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. රට දිගින් දිගටම දුර්වල වුණා. ඒ නිසා ත්‍රස්තවාදීන්ට පුළුවන්කම ලැබුණා. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව හොයන කෙනෙක් නැති තත්ත්වය අයි.එස්.අයි.එස්.ලට මේක සරුපසක් වීමේ වේගවත් බවක් ඇති වෙන්නට පටන්ගත්තා.

ඊට පස්සේ ඔහු ආරක්ෂක මණ්ඩලය සම්පූර්ණයෙන්ම හෑල්ලුවට ලක්කෙරුවා. ආරක්ෂක මණ්ඩලයට අගමැතිවරයාව කැ‍ඳෙව්වේ නෑ. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාව කැ‍ඳෙව්වේ නෑ. පොලිස්පතිවරයාව කැ‍ඳෙව්වේ නෑ. ඒ වෙනුවට ඔහු එක එක ජාතියේ අය කැඳවන්න පටන් ගත්තා. ඔහු ඒකට කිව්වේ ‘මම ආරක්ෂක මණ්ඩලය පුළුල් කෙරුවා,  කියලා. ඔහු කාදිනල්තුමා කැ‍ඳෙව්වා. කාදිනල්ලා කොහොම ද ආරක්ෂා ගැන දන්නේ. ඔහු විපක්ෂ නායක කැ‍ඳෙව්වා. විපක්ෂ නායක හැම තිස්සේම ඉන්නේ ආණ්ඩුව කොහොමද ගන්නේ කියලා. එහෙම කෙනෙක් ආරක්ෂක මණ්ඩලයට කැඳවනවද?

මහින්ද රාජපක්ෂ ආරක්ෂක අංශවල පැන්ෂන් ගිය අය කැඳවලා මේ තත්ත්වය ගැන වාර්තාවක් සකස් කරන්න කියලා කිව්වා. ඒකේ ඉන්නේ ළමයි පැහැරගෙන ගිහිල්ලා කප්පම් ගත්තා කියලා චෝදනා තියෙන අය. ආයුධ පෙන්නන්න ගිහිල්ලා සැක කරුවන් ඝාතනයට ලක්වෙන්න සලස්වපු අය. එ‍්කෙ ඉන්න ඔක්කොම හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ගෝලයෝ. ඔහුට අඩුවෙන් අත්දැකීම් තියෙන අය. එහෙම අයගෙන් උපදෙස් ගන්නවා. අත්දැකීම් තියෙන හිටපු හමුදාපතිගෙන් උපදෙන් ගන්නෙ නෑ. එයාලා පත්‍රිකාවක් මහින්දට දෙනවා. මහින්දත් එයාලා එක්කම ගිහින් ඒක ජනාධිපතිට දෙනවා. ඒකෙ තියෙන්නෙ හමුදාවල අය දණ්ඩමුක්තිය දෙන්න නීති ගෙන්න කියලා. මොකද ඒයාලට විවිධ චෝදනා චෝදනා තියෙන නිසා. ඒ ගොල්ල දන්නවා, මේක දේශීය වැඩක් නෙමේ ගෝලීය ත්‍රස්තවාදයේ අතක් බව. ඒ වගේම එයාලා දන්නවා මේ ත්‍රස්තවාදීන්ව පෝෂණය අංශවලින් මුදල් දුන්න හැටි, වහාබ් වාදය පතුරන්න විශ්ව විද්‍යාල හදන්න ඉඩම් දුන්න හැටි. ඒවා ලියාපදිංචි කරපු හැටි, මන්ද්‍රසා පාසල් හදන්න ලියාපදිංචි කරපු කරන්න 2005 ඉඳලා කටයුතු කරපු අය එයාල බව. මහින්ද රාජපක්ෂ දන්නවා, ගෝඨාභය දන්නවා. ඔය විශ්‍රාම ගිය සෙට් එකම දන්නවා. ඒ ගොල්ලො තමයි ඒවා කළේ කියලා.

මනෝජ් රූපසිංහ   

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *