අපේ එකා හදාගත්තේ නැත්නම් පාරේ මිනිස්සු ගහනවා – ගාමිණි වියන්ගොඩ

වර්තමාන තත්ත්වය ගැන කියනවා නම් මුලින්ම කියන්නට  ඕනේ ජනවාරි 8 වෙනි දා සහ අගෝස්තු 14 වෙනි දා තීන්දුව ගැන.  මිනිස්සු කිසි වෙනසක් නැතිව එකම තීන්දුවක්, නැත්නම් එකම විනිශ්චයක් තමයි දීලා තිබෙන්නේ.  ඒ දක්වා මිනිස්සු ගත වූ කාලය තුළ, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ, ඒකෙනුත් දෙවෙනි පාලන කාලය තුළ, එම ජනතාව අත්වින්ද තත්ත්වයන් පිළිබඳව සිතා බැලීමෙන් තමයි ඒ තීන්දුව දීලා තිබෙන්නේ. දැන් ඒකේ දී මිනිස්සු දැක්කා රටේ ඇහැට පෙනෙන එක්තරා සංවර්ධන ක‍්‍රියාවලියක්. ඒක  ඕනේ කෙනෙකුට පෙනෙන්නට තිබූණු  දෙයක්. ඒවා තමයි පාරවල් හැදෙනවා, අධිවේගී මාර්ග හැදෙනවා, කොළඹ වගේ නගර  සෝභනය කෙරෙනවා, විශාල කුලූණු හැදෙනවා. මිනිස්සුන්ට මේ වගේ ස්පර්ෂණීය භෞතික විපර්යාශය ගැන අත්දැකීමක් තිබුණා. ඒක හොඳයි කියලා, මිනිස්සු ඒක සාදරයෙන් පිළිගත්තා.  රටකට මහා මාර්ග තිබෙන්නට  ඕනේ, අධිවේගී මාර්ග තිබෙන්නට  ඕනේ.  නැත්නම් අපිට රටක් වශයෙන්, ආර්ථික වශයෙන් ඉදිරියට යන්නට පුළුවන් කමක් නෑ.

නමුත් ඒ සමඟ ම  මිනිස්සු එකේ පිටුපස ඇති ප‍්‍රශ්න දෙකක් මූලික වශයෙන් දැක්කා. එකක් තමයි, ඒ සංවර්ධනය සඳහා අති විශාල නාස්තියක් වෙනවා කියන මිනිස්සුන්ට ක‍්‍රමක් ක‍්‍රමයෙන් තේරෙන්නට පටන් ගැනීම.  නාස්තියක් ඒ ආකාරයට වෙනකොට, එම නාස්තිය ආරක්ෂා කරගැනීම සඳහා පාලකයින්ට අවශ්‍යකළා ඒකට ගැලපෙන දේශපාලනික පද්ධතීන් ගොඩනගන්නට. ඒ අනුව තමයි දෙවෙනි කාරණය  ඉස්මත්තට එන්නේ. දෙවැනි කාරණය කියලා කියන්නේ දේශපාලනික වශයෙන් රටේ ඉතාමත්ම පීඩාකාරි තත්ත්වයක් ගොඩනැගීම. ඒකෙන් කියන්නේ මේ මිනිස්සුන්ව සුදු වෑන් වලින් ගෙනයන එක පමණක් නොවේ. ඊට එහාට ගිය, මිනිස්සුන්ට නිදහසේ ප‍්‍රකාශනයේ යෙදෙන්නට හා  අදහස්, කියන්නට කලින් දෙවරක් සිතාබැලිය යුතුයි කියලා හිතෙන ගතියක් ටිකෙන් ටික රටේ වර්ධනය වේගන ඇවිල්ලා, ඒක උච්චස්ථානයකට පැමිණියා 2014 පමණ වනවිට. එතකොට අර ඉස්සෙල්ලා   කියූ සංවර්ධනය පිළිබඳ ව ප‍්‍රසාදයෙන් සිටි මනුෂ්‍යාට  අවශ්‍ය කරනවා ඒ සංවර්ධනය ඇතුලේ නිවි සැනහිල්ලේ ඉන්නට අවශ්‍ය බවක්.  ඒක මුලදින් ඇතිවෙන්නේ නෑ. නමුත් අරවිදියේ තත්ත්වයක් ඇතුලේ  ඊළග අදියර තමයි මිනිස්සු නිදහසේ ඉන්නට ආස කරන්නේ. දැන් ඒක තමයි මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධූරකාලය ඇතුලේ නොලැබුණේ. දැන් ඒක යුක්ති සහගත කරන්නට පුළුවන්ව තිබුණු  සාධකත් මේවන විට අහෝසි වී තිබුණා.

උදාහරණයක් ලෙස 2005 සිට 2009 දක්වා එහෙම පොදු  මහජන අවකාශය අහුරගෙන ඉන්නට යම්කිසි විදියක යුක්ති සහගත හේතු පාලකයාගේ පැත්තෙන් තිබුණු බවට කෙනෙකුට තර්ක කරන්නට  පුළුවන්. මක්නිසා ද යත්, යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය ඇතුලේ යම්  යම් අයිතින්, නිදහස් දේවල් මැඩලන්නට, වාරණය කරන්නට සාමාන්‍යයෙන් පාලයෝ පෙළඹෙති. ඒක ඒ විදියට මිනිස්සු තේරුම් ගන්නවා. ඇත්ත වශයෙන්ම ඒ පාලකයා ඒ මර්ධනය ගෙන එන්නේ ඒ සඳහා නොවූවත්,  මිනිස්සු හිතනවා  ඒක සඳහා තමයි මේක කරන්නේ, ඒක නිසා ඒකට අපි යම් අවසරයක් සැපයිය යුතුයි කියලා.

දැන් මෙන්න මේ අවසරයත්, මහින්ද රාජපක්ෂගේ දෙවෙනි ධූර කාලයේ දී  මහින්ද රාජපක්ෂට නැතිව ගියා. එතකොට මිනිසුන්ට මොන විදියකින්වත් ඔරොත්තු දෙන්නේ නැහැ,  තවදුරටත් අර විදියට,  පාලකයාට හෝ පාලක කුළකයට පරාධින විදියට ඉන්නට. එහෙම මිනිස්සුන්ගේ ඒ මනෝභවය ඇතිවෙන විට තමයි අර සංවර්ධනය පිටුපස තිබූ මහා නාස්තිය  ¥ෂණ්‍ය වංචාව  ඒ වගේ දේවලූත් දැනෙන්නට පටන් ගන්නේ. දැන් එතකොට ජනවාරි 08 මිනිස්සු කළේ, අන්න ඒක අපිට එපා කියන එකයි. මෛත‍්‍රීපාල සිරිසේ ජනාධිපති වෙන්නේ ඒ මත ය.

එතකොට අද අපි ඒවා දැන්  ලබා ගන්නට  ඕනේ. එක පැත්තකින් අර සංවර්ධනය අපි ඉස්සරහාට ගෙනියන්නට  ඕනේ. එහෙත්,  ඒකේ පිටිපස්සේ තිබුනු ¥ෂණය, වංචාව සහ මගඩි වලින් තොරව. අනික් පැත්තෙන්  ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක තිබිය යුතු මූලික නිදහස යළි ස්ථාපනය කරන්නට   ඕනේ. එසේ කිරීමට ආයතනික වශයෙන්  ව්‍යුහාත්මක වෙනස්කම් කළයුතුව තිබෙනවා. එතන දී නීතිය  සහ අධිකරණය  ප‍්‍රමුඛය.  රාජ්‍ය සේවය    වගේ දේවල් හැම එකක් ම දැන් අපි යලි සකස්කර ගතයුතුව තිබෙනවා.  නීතිය හා අධිකරණය වගේ දේවල්  ගත්තාම, ඒවා ගැටගැහිලා තිබෙන්නේ අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය  එක පැත්තකිනුත්  අනික් පැත්තෙන්  විධායක ජනාධිපති ක‍්‍රමය කියන ආණ්ඩුක‍්‍රමය පැත්තෙනුත් ඇති කළ තත්ත්වයක් ලෙසටයි.  එතකොට එහෙනම් අර ප‍්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ ඒ කිව්ව ව්‍යූහාත්මක වෙනස්කම් ඇතිකර ගත්තාට පසුව. එතකොට ඒකේ  මූලික කාරණයක් විදියට අපි 19 වෙනි ව්‍යවවස්ථා සංශෝධනය ගෙනාව,  ප‍්‍රාරම්භක පියවර ලෙසට. ඒ ප‍්‍රාරම්භක පියවරේ දී  අපි රාජ්‍ය සේවය,  අර දේශපාලණිකරණය වෙලා තිබුණු තත්ත්වයෙන් ගලවා ගත්තා. දැන් එතකොට අපිව ආණ්ඩුකරණයට ලක්කරන  මූලික ආයතන එනම්  රාජ්‍ය සේවය,  අධිකරණය,  පොලිසිය,  මැතිවරණ කොමිසම   වගේ ආයතන,  19 සංශෝධනය යටතේ දැන්  අවකාශයක් නිර්මාණය කර තිබෙනවා,  දේශපාලනික නොවන  රාමුවක් ඇතුලේ ගොඩනගන්නට.  අපි කියන  ව්‍යවස්ථා  සභාව මගින්  පත්කරනු ලබන  ස්වාධින කොමිසන් සභා  වගේ දේවල් ආමන්ත‍්‍රණය කරන්නේ ඒ ව්‍යුහාත්මක වෙනසේ එක පැත්තකට.

ඒකෙන් පමණක්  අපිට අර තිබුණ  තත්ත්වයෙන් ගැලවෙන්නට පුළුවන් කමක් නෑ. ඒකට අපි රටේ  ආණ්ඩුක‍්‍රමය තුළ මූලික  පරිවර්තනයක් කරගත යුතුව තිබෙනවා. මේ විධායක  ජනාධිපති ක‍්‍රමය  නිසා තමයි  අධිකරණය  ඔය තත්ත්වයට පත් වූනේ. පොලීසිය ඔය තත්ත්වයට පත්වූනේ.  රාජ්‍ය සේවය ඔය තත්ත්වයට පත්වූනේ.  දැන් අපි ඔය කියන ආයතනවලට විසඳුමේ මූලික පියවර අරන් තිබෙනවා.  හැබැයි ඒක සාර්ථක වෙන්නේ නෑ ඒකට උත්පත්තිය දුන්  මේ මූලික ලියැවිල්ල  වෙනස් කරන්නේ නැත්නම්. ඉතින් ඒක නිසා අරකත් සමග සමගාමීව දැන්  මේ මූලික ලියැවිල්ලත් හෙවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියනක එක  අපි වෙනස් කළ යුතු යි. දැන් ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුත්තේ  මූලික කාරණා දෙකක් ඉෂ්ඨ කරගන්ට.  එකක් තමයි ඔය කියූ  යලි ප‍්‍රජාතන්ත‍්‍රීය පදනමක් මත  ආණ්ඩුකරණය ව්‍යුහගත කිරීම. අනික් පැත්තෙන්  අපි නිදහසෙන් පසු  එක දිගටම  මුහුණ දුන්  ජාතීන් අතර  පවතින ප‍්‍රශ්නයට විසඳුමක්  සොයාගැණීම පිණිස.  හේතුව,  ලංකාවේ  රාජ්‍යය කියන එක  යලි ප‍්‍රතිව්‍යුහගත කිරීම  කළ යුතුව තිබෙන්නේ  ජාතික  ප‍්‍රශ්නයට  තිරසාර දේශපාලන  විසඳමක් සපයා ගැණිම  තුළින්.  ඒ විසඳුම නැතිතාක්  මොන විදියකවත්  ප‍්‍රතිව්‍යුහගත කිරීමක්  රාජ්‍ය කියන එක තුළ කරන්නට පුළුවන් කමක් නෑ.

ඒ නිසා  දැන් අපි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව  වෙනස් කරනවා කියලා කියන්නේ, එක පැත්තකින්  අර කියන අධිකරණය සහ රාජ්‍ය සේවයේ  ස්වාධිනත්වය වගේ දේවල් වල ස්වාධිනත්වය ඇතිකරන අතරේම  අනික් පැත්තෙන්  අපි එක දිගටම යුද්ධය කළ අර කියන ජාතික ප‍්‍රශ්නයටත්  විසඳුමක් සොයා ගැණිම.  ඒ නිසා දැන් මේ මොහොතේ  අපි ඉදිරියේ තිබෙන මූලික වගකීම ලෙස අපි දකින්නේ,  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් හදාගැණිම ය. මේක තවදුරටත් පැලැස්තර අලවා  කරගන්නට පුලූවන්  දෙයක් නොවේ. ඉතා කෙටි කාලයක් තුළ  අපි දැන්  පැලැස්තර 19ක් අලවා තිබෙනවා.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ  මේ විදියට  අවුරුද්දෙන් අවුරුද්දට  කෑලි අලවන, එල්ලන, ගලවන එකක් වියයුතු නෑ. ඉතින් ඒකනිසා  අපි  දැන්වත් තේරුම්ගත යුතුයි  තිරසාර දේශපාලන  අනාගතයක් සඳහා මේ සැරේ  ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව,  අර කියන ලද පදනම ඔස්සේ  නැවත පිහිටුවා ගැණිමට.  ඒක තමයි අද අපිට තිබෙන අභියෝගය.

ඊට  අමතරව ගත්විට  වර්තමාන තත්ත්වය ගැන කථා කරනවා නම්,  අපිට විටින් විට මුහුණ දෙන්නට තිබෙන ප‍්‍රශ්න තිබේ. උදාහරණයක් ලෙස ජිනීවා වල යෝජනාවක් සම්මත වෙලා තිබෙනවා. දැන් ඒ ජිනීවා යෝජනාව අපේ පැත්තෙන් ගත්තාම ඉතාමත්  සාධනිය එකක්.   මේක අපිට හැම වෙලාවේ ම  කට්ටි පැන පැන යන්නට පුලූවන් එකක් නොවේ.  අනික් එක කට්ටි පැන යායුතුත් නෑ.  අපි යම් විදියකින් වරදක්  කරලා තිබෙනවා නම්, අපිට පුලූවන් වෙන්නට  ඕනේ  ඒ වරද සකස් කරගන්නට.  එහෙම උනොත් විතරයි  අපිට මේ  අපි කථා කරන දේශිය  ස්වායත්තතාවය  ආරක්ෂා කරගන්නට පුලූවන් වෙන්නේ.  එහෙම නැත්නම්  ඒකට නොයෙකුත්  විදියේ බාධක  පැමිණෙනවා ජාත්‍යාන්තර  ප‍්‍රජාවෙන්.  ඒක නිසා අපි  දැන් අවස්ථාවක් ලැබිලා තිබෙනවා  අපි අතින් වූ  වැරදි පිළිබඳව  ආපසු හැරී බැළිමකට  යන්නට.  මේක මේ කාගෙන්වත් පලිගැණිම සඳහා කරන දෙයක් නොවේ.  අනික් එක අපි සිතියයුතු නෑ,  අපේ ඒවා ගැන කථා කරන්නට අනික් අයට අයිතියක් නෑ කියලා. ඒක මහා අමනොඥය කමක්.  ඒක ඉතිහාස විරෝධි වැඩක්.  ලෝකය ගෝලීය   වෙන්නට ඉස්සෙල්ලාත්,  අපි වෙනත් රටවලට, වෙනත් රාජ්‍යයන්ට  යම්යම් ආකාර වලින්  ඒ බලපෑමට යටත් වී තිබේ.  හොඳම උදාහරණය බුද්ධගම. ලංකාවට බුද්ධාගම එන්නේ කොහොම ද? අශෝක අධිරාජ්‍යාගේ  බලපෑමෙන්.  එයා අධිරාජ්‍යයක් ගොඩ නගලා,  ඒ බලය යට ඉන්න  රටක් හැටියට තමයි ලංකාව තිබුණේ.  ඒ නිසා එයා එවනවා එයාගේ  නියෝජිතයාව මෙහාට බුද්ධාගම සමග. අපි අරගනනවා ඒක.  අපි එතකොට කිව්වෙ නෑ, මේක මේ විදේශිය එකක්. අධිරාජ්‍යවාදීන්ගේ එකක් මේක කියලා. අවුරුද් 2500ක් අපි ඒක ආරක්ෂාකරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල්  අද විතරක් නොව එදත් තිබුණා.  ලෝකයෙන් ගතහැකි හොඳ දේවල්  ගැණිම නරකක් විදියට  දැකපු රටක් නෙවෙයි ලංකාව.  එහෙම දැකීමේ කිසි තේරුමක් නෑ. ඒක හොදයි වාචාලයින්ට වාචාල කථා කියන්නට. අපේ පෞඩයි ස්වාධිනයි. කියලා කියන්නට. නමුත් එහෙම යන්නට නොහැක.  ඒ නිසා බටහිර ලෝකයෙන්,  ජාත්‍යන්තර ප‍්‍රජාවෙන්  අපිට හොඳයි කියලා හිතෙන දේවල්, අපේ යහපැවැත්මට හේතුවෙන දේවල් විය හැකි සියළු දේවල් අපි භාරගත යුතු යි. ඒ අනුව ජිනීවා යෝජනාව අපේ යහපැවැත්මට අදාල දෙයක්.  අපිට පුලූවන් කම තිබුණා ඔය තත්තවයට නොගිහින්  ඒක බේරා ගන්නට. නමුත්  අපි ඒක කළේ නෑ,  මහින්ද රාජපක්ෂගේ යටතේ  චන්ඩි කථා කිය කියා හිටියා මිසක්. කරපු නැති නිසා තමයි මේක වෙලා තිබෙන්නේ. මම උදාහරණයකින් කියනවා නම්,  මගේ ළමයට මම ගහලා  හදාගත්තේ නැත්නම් පාරේ ඉන්න මිනිසුන්ගෙන්  පාරෙදි ළමයා ගුටි කනවා.  එතකොට මම කියලා හරියන්නෙ නෑ, මගේ ල\ළමයාට ඔයගොල්ලන්ට ගහන්ට අයිතියක් නෑ කියලා.  එහෙම නැත්නම් මගේ ළමයාට තරවට්ටු කරන්න ඔයලාට අයිතියක් නෑ කියලා කියන්ට. මට අයිතියක් නැත. මොක ද මම හදාගෙන නෑ ළමයාව  ගෙදරදී.  ඒක නිසා  අපි එක්කෝ ළමයාව ගෙදරදී හදා ගන්නට  ඕනේ.  එහෙම නැත්නම් ළමයාට හැදෙන්නට හරින්නට  ඕනේ  පාරේ වුන්ගෙන් ගුටි කාලා.  මම කැමති අර පළවෙනි ක‍්‍රමයට. අපි හැදෙන එකට.  ඉතින් මෙම යොජනාවෙන් කියන්නේ අපිට හැදෙන්නට කියලා. ඒකට ඒ අය උදව් කරන්නම් කියලා තිබෙනවා.  අපි ඒ උදව් අරගෙන  අපි හැදෙන්නට  ඕනේ.

කොහොම උනත් දැන් අළුත් ආණ්ඩුවේ  ජනාධිපතිවරයාත්, අගමැතවරයාත්,  මේ සියළු ප‍්‍රශ්න පිළිබඳව සංවේදීව සහ  දැණුවත්ව ඉන්න බව  පෙනෙන්නට තියෙනවා. ඒක පිළිබඳව සංවේදී කමකුත් අවශ්‍යයි. දැණවත් කමකුත් අවශ්‍යයි. ඒ දෙකම ඒ දෙන්නට තිබෙන බව පෙනෙනවා.  අවශ්‍ය කරන්නේ  දැන් ඒ දේවල්  ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නංවන එක.  ඉතින් ඒකට සිවිල් ව්‍යාපාර විදියට, පුරවැසි ව්‍යපාර ලෙස අපේ වගකීමක් තිබෙනවා  ඒ පවතින ආණ්ඩුවේ  ඒ නිවැරදි ක‍්‍රියා මාර්ග  සඳහා අපගේ  ආධාර හා අනුබලය  සපයන්න. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ  මේ ආකාරයට ඒවා ගැන හිතා බලා  ඉදිරියේ දි කෙරෙන  කටයුතු සම්බන්ධයෙන්  මැදිහත් විය යුතුයි කියලයි මම හිතන්නේ.  පුරවැසි බලය විදියට  අපි තීරණය කරලා තිබෙනවා,  අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය  එළිදක්වන්නට  ලබන මාසේ 3වෙනි දා. ඒකෙන් පසු  මිනිසුන්ට  පුළුවන් සිවිල් ව්‍යවාපාරයක් විදියට මේවාට උදව්වන්නට. අපි කවදාකවත්   පාර්ලිමේන්තුවට යන්නට නොවෙයි  එහෙම කරන්නේ. අපි පාර්ලිමේන්තුවෙන් එළියේ සිට  පාර්ලිමේන්තු අපිව පාලනය කරන දිහා ඇස් ඇරගෙන  බලාගෙන ඉන්න ව්‍යාපාරයක් තමයි අපි ගොඩ නැගුවේ.   ඒ අනුව ඉදිරියේ දීත් මැදිහත්වීම කරනවා. ඒ අවශ්‍ය පරිදි  ආණඩුව යම්කිසි  වැරදි ගමනක් යනවා නම්  කොන්දේසි විරහිතව අපි ඒක  විවේචනය කරනවා. ඒකට විරුද්ධව අපි ඉන්නවා.  ඒ වගේම ආණ්ඩුව හොඳ වැඩක් කරනවා නම්  අපි ඒවාට ප‍්‍රසිද්ධියේ ම සහයෝගය  පලකරනවා.  දෙන්න පුළුවන් හැම ආධාර අණුබලයක්ම අපි  දෙනවා.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *