කාටහරි බොලේ පාස් කරල තමන් බේරෙන්නයි හුඟක් අය උත්සාහ කරන්නේ – සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

ආරක්ෂක අංශ කියන විදිහට මේකෙ ගැටළුව දැන් හුඟක් අඩුයි. මාසතුනක් ඇතුළත හරියට කළමණාකරනය කරයි. ඊට පස්සේ මේ තව්හිද් ජමාත් කියන මතවාදය මොළයට දාගත්ත යම්කිසි පිරිසක් ඉන්නවා. ඒක මාස තුනකින් නතර කරන්න හම්බවෙන්නේ නැහැ. ඒකට වසරක් දෙකක් යයි. ඒක හරි කළමණාකරනයකින් කළොත් නතර කළ හැකියි කියන කාරණය අපි දන්නවා.
ඒ වගේම ජන ජීවිතය යථාතත්ත්වයට පත් කරන ඕනැ. පාසල් විවෘත කරන්න ඕනැ. ඇතැම් හාමුදුරුවරුත් කියනව පාසල් විවෘත කරන්න ඕනෙ නැහැ කියල. කාදිනල් තුමත් කිව්වා කතෝලික පාසල් විවෘත කරන එක පස්සට දාන්න කියල. එහෙම කරල මේ ප්රලශ්නයෙන් ගොඩඑන්න බෑ. මේ ප්රලශ්නය මේ විදිහටම තියාගත්තොත් රට අනාරක්ෂිතයි, රටේ ජනජීවිතය තාම යථා තත්ත්වයට පත්වෙලා නෑ. එහෙම කිව්වොත් එහෙම කිසිදු සංචාරකයෙක් මේ රටට එන්නේ නැහැ. කිසිදු විදේශ ආයෝජනයක් මේ රටට එන්නෙත් නැහැ. මේ රටේ මිනිස්සු ත්ර ස්ත බියෙන් ඇලලිලා ඉන්නවා මිසක් සාමාන්ය් ජන ජීවිතයක් ගොඩ නගාගන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම උණොත් රට යන්නේ ගැටුම්කාරී මානසිකත්වයකට. ආරක්ෂිත ක්රි යාමාර්ග අනුගමනය කරමින් සාමාන්ය් ජනජීවිතය යථා තත්ත්වයට පත් කරන්න ඕනැ.
පාසල් අරින්න කිව්වේ ප්ර්ථමික පන්ති වලින් ඉහළට පටන් ගන්න කියල. පළවෙනි දවසෙ පැමිණීම අඩු වුණත් දවසින් දවස වැඩි වුණා. රැකියාවලට පැමිණීමත් එහෙමයි ටික ටික වැඩි වුණා.
විමල් වීරවංශත් කියන්නේ පාසල් වහන්න. වීමල් වීරවංශලට ඕනැ පාසල් වහන්න තමයි. 88/89 පාසල් වැහුවා. දිගටම වහලා තියන්න තමයි ඕන වුණේ. පාසල් වැහුවාම මොට්ටයො හැදෙන්නේ. මොට්ටයන්ගේ උඩ දේශපාලනය කරන්න ලේසියි. ඉස්කෝල වහන්න කියන අය එහෙම කියන්නේ මෙවැනි තත්ත්වයක් දිගටම පවත්වාගෙන යන්න. හරියට මාළුන්ට වතුර ඕනැ වගේ. මේ තත්ත්වය දිගටම පවත්වාගෙන ගියහම මේ‍ක ඇතුළේ වීරයන් හැදෙනව. ඒ ගොල්ලන්ට ඕන විධායක නෙමෙයි රට කළමණාකරනය කරන්නේ අපියි කියන එක ඔප්පු කරන්න.
පාසල් වහන්න කිව්වට ටියුෂන් ඇරලා. ඒවට දහස් ගණන් ළමයි යනව. එහෙනම් ටියුෂනුත් වහන්න කියල කියන්න එපායැ. මේ හදන්නේ ආණ්ඩුව අසාර්ථකයි කියල පෙන්නන්න. ආණ්ඩුවෙ වැරදි තියෙන්න පුළුවන්. ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණත් රජයක් තිබිය යුතුයි. ඒ නිසා ඒකට වැරදි බලපෑම් කරන්න එපා කියල තමයි අපි මේ කණ්ඩායම් වලට කියන්නේ.
ජනාධිපති වරයා, අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැඳෙව්වේ නෑ. පොලිස්පතිවරයා කැ‍ඳෙව්වෙත් නෑ. මේ වගකීම දරපු එය ඒවා නොසලකා හැරීම පිළිබඳව ප්රයශ්නකාරි තත්ත්වයක් තියෙනව. අද කාටහරි බෝලේ පාස් කරල තමන් බේරෙන්න තමයි හුඟක් අය උත්සාහ කරන්නේ. ආරක්ෂාව පිළිබඳ වගකීම තියෙන්නේ ජනාධිපතිට. ආණ්ඩුවේ තිබිය යුතු නීතිය හා සාමය අමාත්ය් ධුරය තියාගෙන ඉන්නේ ජනාධිපති. ත්රි.විධ හමුදාව, පොලීසිය තියෙන්නේ ජනාධිපති අතේ. ආරක්ෂක මණ්ඩලය කැඳවන්නේ ජනාධිපති, තින්දු තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ ජනාධිපතිට. මේකෙ පළමුව වගකීම යන්නේ එතෙනට. ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂයක් වන ශ්රීේ ලංකා නිදහස් පක්ෂයේ සභාපති වරයා. පොදු ජන පෙරමුණත් එක්ක එකතුවෙන්න අදත් සාකච්ඡා තියෙනව. ජාතික හා සාමාය අමාත්යං.ශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්යංකශ තියෙන්නේ විපක්ෂකයේ කියල කාට හරි තර්ක කන්න පුළුවන්.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා යම් පමණකට එකඟතාවයකින් වැඩ කරනව. ආරක්ෂක හමුදා සිය සුපුරුදු දක්ෂතාවයෙන් වැඩ කරමින් ඉන්නව. හැමෝම එකතුවෙලා ජාතික වගකිමක් ලෙස මේක ඉටු කරන්න ඕනැ.
ගෝඨාභය කිව්වා මම සතියකින් කියන්නම් කියල, සතියකින් කිව්වා, මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව කියල. මට තමයි මේක විසඳන්න පුළුවන් කියල. එයාට කරන්න පුළුවන් වෙන්න පුළුවන්. එයා තමයි මේක හැදුවේ. හදපු අයට, රටට ඕන විදිහට නෙමෙයි ඒ ගොල්ලන්නට ඕන විදිහට කළමණාකරනය කරන්න පුළුවන්.
මේක හැදුවේ 2005/2006 අරාබි මුදල් එක්ක. මේ රටේ දේශපාලන අත් උදව් එක්ක. ඝාතනය කරල ස්වර්ගයට යන්න පුළුවන් කියන විවිධ කල්ලි කණ්ඩායම් හදාගත්තා. ඒකෙ අන්තයට ගියපු අය තමයි මීනි මරන්න පටන්ගත්තෙ. අයි.එස්.අයි.එස්. එක්ක සම්බන්ධ වුණා. ඒක හොඳටම ගැලපෙනවා. ඊට පස්සේ මෙහෙ මිනී මරන්න පටන් ගත්තා. ඉතාම පැහැදිලියි මේක පෝෂණය කෙරුවෙ කවුද කියල. 26 දෙනෙකුට පඩි දුන්නා කියල රජයේ ප්රඅබල කැබිනට් අමාත්යිවරයෙක් තමයි කිව්වේ. තව්හිඩ් ජමාත් 26 දෙනෙකුට පඩි ගෙවලා තියෙනව. ඒක පෝෂණය කරල තියෙනව. 1500කට කණ්ණාඩිදෙන ව්යෙපෘතියක් හම්බන්තොට ක්රි්යාත්වක කළා. ඒකට දුන්නේ ආරාබිකරයේ සල්ලි. නාමල් රාජපක්ෂ මහත්තයත් එක්ක එකතුවෙලා තමයි මේක කෙරුවෙ. මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් පෝෂණය කෙරුවෙ කවුද කියන එක ඉතාම පැහැදිලියි.
ඊළඟට ෂරියා විශ්ව විද්යාමලය ගැන ලොකුවට චෝදනා කරන්න පටන් ගත්තා. කවුද වගකිවයුත්තා කියලා හෙළි වුණාම දැන් ඒ ගැන වැඩිය කතා කරන්නේ නෑ. ෂරියා විශ්ව විද්යා ලය පටන් ගත්තේ හිස්බබුල්ලා. ආරාබිකරය් මුදල්. මේකට දුන්නේ මහවැලි ඉඩම් 2013 දී. අක්කර 34ක් අවස්ථා හතරකදි. 2018 දෙනවා ලිඛිතව. ඉඩම් දීම නීත්යාටනුකූල කරන්නේ ජනාධිපති වරයාගේ අත්සනින් අවුරුදු 30කට. ඒක පෙර දාතම කරනව 2013 ට. ආශුබෝධ මාරසිංහ මනත්රිූවරයා ලිපි ලේඛනත් එක්කම ඉදිරිපත් කළා. එහෙම තමයි ෂරියා විශ්ව විද්යා ලය හැදිලා තියෙන්නේ.
ඒ වගේම කාන්තාවක් සමාජ ජාලා මාධ්ය‍යකට කියල තිබු‍ණා. ඇගේ පවුලේ හතර දෙනෙක්ම මේකට සම්බන්ධ වුණා කියලා, ලිපි ගොණුවක් බාර දුන්නා කියලා, ඒත් මොකුත් වුණේ නෑ කියල. ලිපි ගොණු තියෙන හින්දා තමයි, උදේ 9.00ට ගැහුවා. දෙහිවල හවස 2.00ට බෝම්බ පුපුරපුවාම හවස 4.00ට දෙමටගොඩින් අත්අඩංගුවට ගන්නේ. වඩාත්ම තොරතුරු දීලා තියෙන්නේ මුස්ලිම් ජාතිකයන් විසින් මයි. ඒ නිසා සාමාන්යේ මුස්ලිම් ජනයා මේකට ගාවගන්නේ නැතුව මේ වැඩේ ඉවර කරගන්න ඕනෙ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *