සහරාන්ගේ සමීපතමයෙක් වූ මොහොමඩ් අල්යාර් අත්අඩංගුවට

තව්හිත් ජමාත් සංවිධානයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ මෙන්ම එම සංවිධානයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙක් බවට සැලකෙන පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ, කාන්තන්කුඩිය මෙත්තා පල්ලිය පාරේ පංදිචි 60 හැවිරිදි මොහොමඩ් අල්යාර් නමැති පුද්ගලයෙකි. පොලිස් විශේෂ කණ්ඩායමක් ඔහුගේ ප්‍රශ්න කිරීම් කරන අතර ඔහුගෙන් මෙතෙක් සැඟවී තිබූ තොරතුරු රැසක් හෙළිදරව් කර ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *