ගෝඨාභය රාජපක්ෂ ඉස්ලාමීය ත්‍රස්තවාදයට පිළිතුරක් නොව ඉස්ලාමීය අන්තවාදයේ කොටස් කරුවෙක් – සිවිල් සංවිධාන එකමුතුවේ පූජ්‍ය දඹර අමිල හිමි

21 වන පාස්කු ඉරිදා ප්‍රහාරයට හවුල් කණ්ඩායම් දෙකක් ඉන්න බව ඉතා පැහැදිලිව පෙනෙනවා. වෙච්චි සිදුවීම් දිහා බලපුවාම පෙනෙනවා කණ්ඩයම් දෙකක් මේකෙ චූදිතයන් විදිහට ඉන්නවා. එක කණ්ඩායමක් තමයි මේ අන්තවාදීන්ට පෝෂණය වීමට සරුපසක් නිර්මාණය කරපු කණ්ඩායම. ජත්‍යන්තරයට අවශ්‍ය විදිහට කුමන්ත්‍රණවලට අසුවෙමින් ක්‍රියාකරල තියෙන කණ්ඩායමක් තමයි එක කණ්ඩායමක්. අනිත් කණ්ඩායම තමය මේ මරාගෙන මැරුණු බෝම්බකරුවන්. මේකේ හේතුව සරුපස හදන්නට යෙදුණු පළවෙනි කණ්ඩායම. මේකේ ඵලය තමයි බෝම්බකරුවා කියල කියන්නේ. අපිට ඵලය දෙස නෙමෙයි සුපරීක්ෂාකාරී වෙන්න වෙන්නේ, හේතුව ගැන. තේරීම් කාරකසභා දාන්න වෙන එක වඩාත් වැදගත් වෙන්නේ බෝම්බකරුවා ගැන හොයනවට වඩා පළවෙනි කණ්ඩායම ගැන හොයන එකයි.

දැනට සොයාගෙන තියෙන තොරතුරු අනුව 2005/2006 දි තමයි මේ වහාබ්වාදයට අදාළ තව්හිද් ජමාත් සංවිධානයට අදාළව යටිතල පහසුකම් සලසන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරල තියෙන්නේ. ඒ අය තමයි මේකට අවශ්‍ය මූල ධනය, මූලික පහසුකම්ටික සපයල තියෙන්නේ කියල දැන් පැහැදිලි වෙනව. මේ සංවිධානයට අවශ්‍ය නිල පිළිගැනීමට අදාළ ලියාපදිංචිය දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ රජයෙන්. ඒක බොරුවක් නෙමෙයි ලේඛනවල තියෙනව. ඒක උපකල්පනයක්වත්, සිතුවිල්ලක්වත් නෙමෙයි අතීත සිදුවීමක්.

2013 දි මහින්ද රාජපක්ෂම ගැසට් කරනවා, මේ ෂරියා නීතියට අනුකූලව පාසල් ආරම්භ කරන්න කියල. ඒ ගොල්ලන්ට අවසර දෙනවා, නිල වශයෙන් ගැසට් කරලා තියෙනව. ඒකත් අතීත සිදුවීමක්. 2013 දි තමයි සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මේවා කෙරෙන්නේ. ඒක හරි පැහැදිලියි.

ඒ වගේම නැගෙනහිර, මඩකලපුවේ ෂරියා විශ්ව විද්‍යාලය 2013 දි තමයි ඒ ඉඩම් දීම හා අවසර දිම කරලා තියෙන්නේ හිස්බුල්ලාට. ඒක හිස්බුල්ලා කොම්පැණියක් හැටියට ආරම්භ කරනව තමන්ගේ සහෝදරයොත් දාගෙන ආරාබියෙන් මුදල් අරගෙන කරන වැඩක් හැටියට ඒක ස්ථාපිත කරල තියෙනව. විශ්වවිද්‍යාලයකට අවශ්‍ය විශාල සංකීරණයක් දැනටමත් ඉදිකරලා තියෙනව. මහින්ද රාජපක්ෂ තමයි මේකට අවශ්‍ය කරන අවසරය සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ.

ත්‍රස්තවාදී නායකයන් වන අබ්දුල් රාසික්ට හා සහරාන් කියන මේ දෙන්නට බුද්ධි අංශයට ගෙවීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශයට අයත් මුදල් වලින්, (රහසිගත ගිණුමක් කියලයි ඒකට කියන්නේ. ඒ ගිණුම නීත්‍යානුකූලයි.) ඒ ගිණුමෙන් මාසිකව පඩි ගෙවල තියෙනව මේ දෙන්නට. මේ දෙන්නා ඇතුළු 26 දෙනෙකුට ගෙවල තියෙනව කියල තොරතුරු ලැබිලා තියෙනව. ඒවා ලේඛන ගතව තියෙන අතීත සිදුවීම්. ඒවා බොරු කියලා කාටවත් කියන්න බෑ. 2013 දි තමයි මේ සිද්ධි ඔක්කොම වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වුණාට පස්සේ, ඔහුගේ කල්කිරියාව ඒ හා සමානවම යනවා.

2015ට පෙර ඔබලා දන්නවා බොදුබල සේනා, රාවණාබල, මහසොන් බලකා ඇටෙව්වා. ඒකත් අරකට සමපාතව තමයි කළේ. ගෝඨාභය රාජපක්ෂ ඒ සංවිධාන පිටුපස්සේ හිටියා කියන එක කවුරුත් පිළිගන්න දෙයක්.

මහින්ද රාජපක්ෂ රජය තියෙද්දි බොදුබල සේනාවේ ඥාණසාර ඇතුළු හාමුදුරුවරු ආරක්ෂක භටයන් පිරිපරාගෙන ප්‍රාඩෝවල යමින් අමාත්‍යාංශවලට කඩා පනින හැටි, මාධ්‍යහමු තියෙනකොට කඩා පනින හැටි මතක ඇති. ආණ්ඩු හදන ආණ්ඩුවක් හැටියට නැත්නම් ආණ්ඩු ඇතුළෙ ආණ්ඩුවක් හැටියට තමයි බොදුබල සේනා ත්‍රස්ත ජාලය ක්‍රියා කෙරුවේ. මම එදා පැහැදිලිවම කිව්වා, මේ කරන්න හදන්නේ මුස්ලිම් හා සිංහල ජනතාව අතර තියෙන මිත්‍රත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා සනාතනික අරගලයකට අපිව ගෙනියන්න තමයි හදන්නෙ කියලා.

මම කිව්වා අයි.එස්.අයි.එස්. වගේ සංවිධාන නැත්නම් තලේබාන් වගේ සංවිධාන මේකට බහින එක අනිවාර්යෙන්ම වෙනව කියලා. ඒ වගේම මම කිව්වා, ඔය කොට්ට පැදුරු අරන් අමාත්‍යාංශවලට යන, දර්ගා නගරයට ගහන, දිගනට ගහන ඔය කිසිකෙනෙක් ඉස්සරහට එන්නේ නැහැ එතකොට කියලා. අද ඒ අය හොයාගන්නත් නැහැ. මොකද රිටර්න් එක දීලා තියෙන්නේ මරාගෙන මැරෙන උපාය මාර්ගය පාවිච්චි කරලා. අද මහජනතාවත් රටත් වන්දි ගෙවනව. සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා, ආයෝජන ඇනහිටලා ඒ ඔක්කොම වෙලා තියෙනව. ඒදා මම කිව්වා ඔන්න ඔතෙන්ඩ තමයි එන්න වෙන්නේ කියලා.

හිටපු ඇමරිකන් තනාපති ගෝඨාභය රාජපක්ෂව වර්ණනා කරනවා නියම බුද්ධි අංශය ක්‍රියාත්මක කළේ එයා කියලා. මොකද ඇමරිකාවට අද තියෙන  ප්‍රධානම ප්‍රශ්නය, චීනය ආසියාවේ නැගිටීම පිළිබඳ ප්‍රශනය තමයි තියෙන්නේ. ඒ නිසා ලංකාව ඇතුළේ මරාගෙන කල්ලි මතුකරවලා ප්‍රතිප්‍රහාරයට අවශ්‍ය අවි ආයුධ අනික් පැත්තෙන් දීලා ඇමරිකාවට අවශ්‍ය විදිහට ලංකාව අතට ගැනීමේ ක්‍රියාවලියට ඔවුන් සමපාත වෙනව.

ගෝඨාභය රාජපක්ෂගෙ බුද්ධි අංශ දන්නේ නෑ, මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂගෙ ආප්පේ කාලා එළියට එනකම්ම. පිත්තල හන්දියෙදි එයාට බෝම්බ තියෙනවා එයාගේ බුද්ධි අංශ දන්නේ නෑ. ඇමරිකාව මේ එන්න හදන්නේ චීන ව්‍යාප්තියට එරෙහිව ලංකාව පාවිච්චි කරන්න කියලා හොඳට හිතලා බැලුවොත් පේනවා. ඊශ්‍රායලය බිත්තිය දෙපැත්තේ පුහුණු කරනව, අපේ හමුදාවයි, එල්.ටී.ටී.යි. දෙකම. එකම කට්ටිය විසින්. ඒක තමයි මොසාඩ් එකේ උපාය මාර්ගය. ඒ වගේ බොදු බල සේනාවටත් සල්ලි දුන්නා. අබ්දුල් රාසික්ටත් සල්ලි දුන්නා. රාවණා බලයටත් සල්ලි දුන්නා. තව්හිත් ජමාත්ටත් සල්ලි දුන්නා. මේ මරාගෙන මැරෙන කණ්ඩායම මේ තත්ත්වයට ගේන්න ඒ ගොල්ල තමයි වැඩේ කෙරුවේ.

සමහර ෆේස් බුක් වල තියෙනවා. සමහර හාමුදුරුවරුත් කියනවා, ගෝඨාභය මැතිතුමා තමයි මේකට උත්තරේ කියලා. ‘ඉස්ලාමීය ත්‍රස්තවාදය නැති කරන්න නම් ඔයා තමයි නියම දේවතාවා කියලා’. එයත් හාමුදුරුවරුන් කියන ඒවා ඇඳගෙන එනවා ඉස්ලාමීය අන්තවාදය පරාජය කරන්නනම්, මට ඡන්දෙ දෙන්න කියන්න තමයි හදන්නේ. ගෝඨාභය රාජපක්ෂ යනු ඉස්ලාමීය ත්‍රස්තවාදයට පිළිතුරක් නොව, ඔහු ඉස්ලාමීය අන්තවාදයේ කොටස් කරුවෙක්.

ඔවුන්ට මතවාදය හදන්න පහසුකම් දුන්නා නම්, ඔවුන්ගේ පාසල් ඇති කරන්න අවසර දුන්නා නම්, සහරාන්ට, අබ්දුල් රාසික් ට මුදල් දුන්නා නම්, තව්හිද් සංවාධානයේ කොළඹ කාර්යාලය හදන්න ඉඩම දුන්නා නම්, හාමුදුරුවරු කියන්නේ කොහොමද ඉස්ලාමීය ත්‍රස්තවාදයට බැටේ දෙන්න හොඳම උත්තරේ ගෝඨාභය කියලා? එයා ඒකට උත්තරයක් නොව කොටස් කරුවෙක් කියන එක කියන්න ඕනේ. මෙහෙම තමයි මේක ගොඩනඟාගෙන ආවේ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *