පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් ඕනෑ – සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

අප්‍රේල් 21 පාස්කු ඉරිදා රටේ ඇති වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සැලකිය යුතු ප්‍රමාණයකට ආණ්ඩුව විසින් කළමණාකරනය කරල තියෙනව. ඒ ගැන ධනාත්මක අදහසක් අපිට තියෙනව. එදා ඉඳන් මේ දක්වා සැලකියයුතු පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනව, ඒ වගේම විශාල ආයුධ ප්‍රමාණයක්, උපකරණ අත්අඩංගුවට ගනිමින් තියෙනව. අපි දැක්කා ඊයේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ දී ඒ බව තහවුරු කළා. ඒ වගේම හමුදාපතිවරයා වැඩබලන පොලිස්පති වරයා ආදී සහභාගිවෙලා කරපු මාධ්‍ය ප්‍රකාශ වලදීත් ඒ අදහස ප්‍රකාශ කළා. ඒ අදහස් ප්‍රකාශකිරීම විතරක් නෙමෙයි, මේ මොහොත වෙනකොට මහ පොළොවේ යථාර්ථය විදිහට ගත්තාම 21 වෙනිදායින් පස්සේ ත්‍රස්තවාදීන්ට යම් කිසි මැදිහත් වීමක් කිරීමට අපොහසත් වීම කියන කාරණාව අපිට ප්‍රයෝගිකව ඔප්පු වෙමින් තියෙනව. ධනාත්මක කළමණාකරනයක් සිද්ධ වෙනව කියල අපිට හිතෙනව. ඒක රටක් විදිහට රටේ පුරවැසියො විදිහට වැදගත් කාරණයක් කියල අනිවාර්යෙන්ම කියන්න ඕනැ.

අපි තේරීම් කාරක සභාවක් ඉලන්නේ ඇයි? පාස්කු ඉරිදා ප්‍රහාරය කවුද කළේ? තව්හිද් ජමාත් කියන සංවිධානය කොහොමද හැදුනේ? කවුද ඒකට උදව් කළේ? මේ මොහොතේ කවුරුහරි උදව් කරනවා නම් ඒ කවුද? ඒ ගොල්ලන්ගේ තත්ත්වය කුමක්ද? කොයිතරම් අත්අඩංගුවට අරන් තියෙනවද? තව මොනවද ඒ ගොල්ලන්ට කරන්න පුළුවන්? වගේ කාරණා අපි එළිදරව් කරගත යුතුයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මීට කලින් අවස්ථා කිහිපයක දී ම අපි කතා කළා, ඉන්දියා ආරක්ෂක අංශ ඒ පිළිබඳව පැහැදිලිවම ලංකාවට වාර්තා කර තිබුණා. ලංකාවේ බුද්ධි අංශ වාර්තා ඉදිරිපත් කරලා තිබුණා. ජනාධිපතිවරයා දැනුවත් කරලා තිබුණා. පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් වරයා දැනුවත් කරලා තිබුණා. ඇයි එහෙම නම් ඒක වළක්ව ගත්තෙ නැත්තේ? කියන ප්‍රශ්නෙ අපිට එදත් තිබුණා. අදත් අපි අහනව.

මේ ප්‍රහාරය ගැන කමිටුවක් පත්කරල තියෙනව ජනාධිපතිවරයා. පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ සහභාගිත්වයෙන්, ජනාධිපති කොමිසමක්. ඒක ජනාධිපති වරයා පත් කළ කොමිසමක්. එහෙමත් නැත්නම් කමිටුවක්. මේ කාරණාවෙදි විවිධ කණ්ඩායම් වලට චෝදනා එල්ල වෙනව. පොලිස්පතිවරයට චෝදනා එල්ල වුණා. ආරක්ෂක ලේකම් වරයාට චෝදනා එල්ල වුණා. ඒ දෙන්නම දැන් තනතුරුවල නැහැ. ජනාධිපතිවරයාටත් චෝදනා එල්ල වුණා. දැනගෙන හිටියට මේකට මොකුත් කළේ නැහැ කියල. චෝදනා එල්ලවන පුද්ගලයෙක් කොමිසමක් පත්කළාම ඒක නිවැරදි විදිහට ක්‍රියාත්මක වෙයිද කියල සැකයක් ඕනම කෙනෙකුට ඇති වෙනව. මොකද චූදිතයෙක් තමයි කොමිසම පත්කරන්නේ. ඒක සත්භාවයෙන් වෙන්නෑ කියන ස්ථාවරයක් තමයි අපේ තියෙන්නේ. ඒ නිසා එක්ට වඩාත්ම සුදුසු පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාවක් පත්කරන එක. ඒනිසා අපි අගමැතිවර‍යාගෙන්  ලිඛිත ඉල්ලීමක් කළා, මේ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරල, නිශ්චිත කාලයක් ඇතුළත වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කරන්න කියල. මොකද අපි එහෙම ඉල්ලීමක් කළේ මේ ගැන සොයල බලන්න සුදුසුම තැන තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තමයි සියලුම පක්ෂ නියෝජනය කරන්නේ. පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජිකත්වයෙන් මේ තේරීම් කාරක සභාව පත්කරපුවම යම්කිසි මට්ටමක සාධාරණ මධ්‍යස්ථ වාර්තාවක් ලැබෙයි කිල අපි විශ්වාස කරනව. ඒකට එක්සත් ජාතික පක්ෂය ඉන්නව, ජනාධිපතිවරයා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. පොදු ජන එක්සත් පෙරමුණ ඉන්නව, ටී.එන්.ඒ. එක ඉන්නවා, ජේ.වී.පී. එක ඉන්නවා, මුස්ලිම් පක්ෂ ඉන්නවා. ඒ ආදී වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයක්ම ඉන්නවා. ඒ අයගේ නියෝජිකත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරපුවම එක පාර්ශ්වයකට වාසි වෙන විදිහට හෝ එක පාර්ශ්වයකට අවාසි වෙන විදිහට ඒ වාර්තාව ලැබෙන එකක් නෑ කියන විශ්වාසය උඩ තමයි අපි මේ තේරීම් කාරක සභාවක් ඉල්ලන්නේ. අපි අගමැතිවරයාට, පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ වලට අවධාරණය කරනවා අනිවාර්යෙන්ම මේ වාර්තාව නිශ්චිත කාලයක් තුළ වාර්තාව ඉදිරිපත් කරන්න. වාර්තාවේ තත්ත්වය බලලා ඒක මහජනතාවට එළිදරව් කරන්නත් ඕනෙ. ඒ වගේම එකේ නිර්දේශ තියෙනව නම් ඒක ක්‍රියාත්මක කරන තැනකට රට ‍පත්කරන්න ඕනෙ. අපි දැකල තියෙනව, ජනාධිපති කොමිෂන්, පාර්ලිමේන්තු කොමිෂන්, සමහර වාර්තා, කොප් වාර්තා, ඒවා වාර්තා වලට විතරක් සීමා වෙලා තියෙනව. වාර්තා‍ව ගැන රටේ කතා බහ කළාට අවසාන තීන්දු දක්වා යන්නේ නැහැ.

දූෂණ හා වංචා පිළිබඳ වාර්තා දෙකක් තියෙනව ජනාධිපතිවරයා අතේ. ඒ දෙකයි, බැඳුම්කර වාර්තාවයි තුනයි. තුනම ගැන නීතිමය තත්ත්වයන් මේ මොහොත වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා නිකම් තමන්ගේ දේශපාලනය කරන්න, සමාජයට අදහසක් ගන්න උත්සාහයක් ද කියල ප්‍රශ්නයක් තියෙන නිසා තමයි කියන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරලා නිශ්චිත කාලයක් තුළ ඒ වාරතාව අරගෙන ඒකට අදාළව ක්‍රියාත්මක වෙන්න කියල.

සමන් රත්නප්‍රිය මහතා ඉහත සඳහන් ප්‍රකාශය කෙළේ ඊයේ (9) දින රාජගිරියේ දී පැවති සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවේ දී ය.

මනෝජ් රූපසිංහ

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *