මධුෂ් වාමාරයි

ඩුබාහි දී තරු හයේ හෝටලයක සාදයක් පවත්වමින් සිටිය දී පසුගිය පෙබරවාරි 4 වන දා රාත්‍රි අත්අඩංගුවට පත් පාතාල නායකයකු වන මාකඳුරේ මධූෂ් මාස තුනකට පමණ පසුව ඩුබායි රාජ්‍යෙයෙන් පිටුවහල් කරනු ලදුව දිවයිනට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළ රහස් පොලිස් අංශය විසින් (5) පස් වනදා පාන්දර අත්අඩංගුවට ගන්නා ලදී.

ගුවන්තොටුපළ රහස් පොලිස් ආරක්ෂ අංශ විසින් පැය හතරක පමණ වේලාවක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව රහස් පොලීසිය භාරයට පත්කර තිබේ. රහස් පොලීසියේ විශේෂ ඒකකයක් විසින් මේ වන විට මධූෂ් ගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර ඔහු විසින් කරන ලද අපරාධ පිළිබඳ විස්තර මේ වන විට හෙළිදරව් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අපරාධ අතර ඔහු ඍජුව සම්බන්ධ වූ අපරාධ මෙන්ම ඔහු විසින් සිය ගෝලයන් ලවා සිදුකරවන අපරාධ රැසක් ද වේ.  ඔහු ඩුබාහි සිට මෙහෙයවන ලද අපරාධ රැසක් ද හෙළිදරව් වෙමින් පවතී.

ඔහු ඩුබාහි සිට මෙහෙයවන ලද අපරාධ අතර රිස්වාන් නමැති ව්‍යාපාරිකයා මරා දැමූ කොස් මල්ලී නැමැත්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මරා ඔහුගේ හිස කඳෙන් වෙන්කර ගෙන පැමිණ රිස්වාන් මරා දැමූ ස්ථානයේ දැමීමට සැලස්වීම, මහරගම මැණික් ව්‍යාපාරිකයාගේ කෝටි 500 කට අධික වටිනාකමකින්යුත් දියමන්තියක් හොරකම් කිරීම මෙහෙයවීම, කළුතර එතනමඬල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස්රථයකට වෙඩි තබා සමයං ඇතුළු සිර කරුවන් කිහිප දෙනෙකු ද බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුද මරාදැමීම, පිළියන්දල දී පොලිස් පරීක්ෂක රංජීවට මාරින්තික තුවාල සිදුකිරීම, (එම අවස්ථාවේ දී දැරීයක් මියගියාය)  ඇතුළු සිද්ධීන් ගණනාවක් ඔහු විසින් මෙහෙයවන ලද බවට සැක කෙරේ.

මනෝජ්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *