මීගමුව ගැටුම සමතයකට ඇඳිරිය ඉවතට

ඊයේ (05) හවස මීගමුව පෝරුතොට ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමක් නිසා හටගත් කලබලකාරී තත්ත්වය අද උදේ වන විට තුරන් වී තිබුණ අතර ප්‍රදේශයේ සාමය රැකීමට පොලීසිය හා හමුදාව යොදවා තිබේ.

මීගමුවේ සිට කොච්චිකඩේ පොරුතොට දෙසට හයර් එකක් පැමිණි ත්‍රී රෝද රථයක් පුද්ගලයෙකු ගේ ඇඟේ හැපීම නිසා මෙම ගැටුම ආරම්භ වී තිබේ. රිය ගැටුමකින් ආරම්භ වූ මෙම සිද්ධිය නිසා පිරිසක් තරුණයන් දෙදෙනෙකුට පහර දීමක් සිදු කර ඇත. පසුව එම තරුණයාගේ හිතවතුන් පිරිසක් කඩු පොලු වැනි ආයුධ රැගෙන පිරිසක් විත් තරුණයන් දෙදෙනාට පහර දුන් පිරිසට පහර දීමට පටන්ගෙන ඇත. පසුව එය වැළක්වීමට ප්‍රදේශයේ ජනතාව මැදිහත් වීම නිසා ගැටුම දෙපිරිසක් අතර ඇතිවන ගැටුමක් බවට පරිවර්තනය වී තිබේ.

ගැටුම සමථයකට පත් කිරීමට ප්‍රථමයෙන් පොලීසිය මැදිහත් වු අතර පොලීසියට පිරිස පාළනය කර ගැනීමට නොහැකි වූ නිසා හමුදාව එම ස්ථානයට කැඳවා තිබේ. හමුදාව පැමිණ ප්‍රදේශයේ ආරක්ෂාව තර කළ අතර ඊයේ රාත්‍රියේ සිට අද (6) වනදා පාන්දර වන තෙක් ඇඳිරී නිතිය පනවා තිබුණි.

මේ වනවිට තත්ත්වය සමතයකට පත් වී ඇති අතර ඇඳිරි නීතිය ද ඉවත් කර ඇත.

මනෝජ්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *