මද්‍රසා පාසැල් නියාමන කමිටු වාර්තාව හලීම් අතින් අගමැති අතට

මද්‍රසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද (06 වන දා) තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාව සැකසීමේ දී වෙනත් රටවල දැනට ක්‍රියාත්මක වන නීතිරීති මෙන්ම ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන පණත ද අධ්‍යයනයට ලක් කෙරුණු අතර, වාර්තාවට අනුව ඉදිරියේ දී සියලු මද්‍රසා පාසැල් නියාමනයට හා පොදු නීති රීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක වීමට නියමිතය.

නීතිපතිවරයාගේ හා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ නිරීක්‍ෂණ ලබා ගැනීමෙන් අනතුරුව වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව නව නීතිරීති කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කර සිටියි.

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද, කමිටු සාමාජිකයෝ ද සහභාගී වී ඇත.

adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *