ගෝඨාගේ ත්‍රස්ත මර්දන යෝජනා විහිළුවක්: හමුදා ප්‍රධානීන්ට හිනා ගිහින් !

පාස්කු ඉරිදා ප්‍රහාරය වැන්නක් යළිත් ඇති නොවීමට යෝජනා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති සිරිසේන වෙත ඉදිරිපත් කළ වාර්තාව වත්මන් ආරක්ෂක ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම වාර්තාව විපක්ෂ නායක විසින් ජනාධිපති සිරිසේන වෙත ලබාදී ඇත්තේ පසුගිය 03 වනදා වන අතර ඒ සකස්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය නියෝජනය කරන විශ්‍රාමික හමුදා ප්‍රධානීන් විසින්ය.

ගෝඨාගේ වාර්තාව දැක හමුදා ප්‍රධානීන්ට හිනා යයි !

අනතුරුව ජනාධිපති සිරිසේන විසින් එම යෝජනා මාලාව සම්බන්ධයෙන් වත්මන් හමුදාවේ ප්‍රධානි සමග දීර්ග වශයෙන් සාකච්ජා කර ඇති අතර එහි සඳහන් ඇතැම් කරුණු සම්බන්ධයෙන් හමුදා ප්‍රධානීන් හාස්‍යයෙන් යුතුව අදහස් දක්වා ඇති බවත් දැනගන්නට ඇත.

ජාතික ආරක්ෂාව වෙනුවට අපරාධ ආරක්ෂාව ගැන හිතලා !

එහිදී විශේෂයෙන් අවධානය යොමුවූ කරුණක් වී ඇත්තේ විපක්ෂ නායකයා විසින් ලබාදී ඇති එම වාර්තාවේ ප්‍රමුඛතම ඉලක්කය වී ඇත්තේ නව ත්‍රස්තවාදය පරාජය කිරීම නොව රාජපක්ෂ පාලන සමයේ කප්පම් ගැනීම් සඳහා පුද්ගලයින් පැහැර ගෙන ගිය, අතුරුදන් කළ හා මරා දමනු ලැබූ හමුදාවේ හිටපු නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කර ගැනීමට යන්නය.

තවද එම වාර්තාව යල්පැනගිය හා ප්‍රයෝගික නොවන කාරනා රැසක් අන්තර්ගත බවත් එහිදී හමුදා නිලධාරීන් ජනාධිපති සිරිසේන වෙත පෙන්වා දී තිබේ.

මේ වෙන කොට වාර්තාවේ තිබෙන 100%ක් කරලා !

මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ජාවට එක්වූ වත්මන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දීර්ඝ වශයෙන් මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇති අතර ත්‍රස්තවාදය පරාජය කිරීමට අදාලව එම වාර්තාවේ ඇතුලත් කාරනා 100% ක්ම මේ වන විටත් සිදුකර අවසන් බවත්, තවත් එම වාර්තාවේ දක්වා නොමැති තවත් බොහෝ දේ ද මේ වන විටත් සිදුකර ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.

නව ත්‍රස්තවාදය හරියට හඳුනාගෙන නෑ !

එහිදී තවදුරටත් අදහස් දක්වමින් හමුදා ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ අදාල වාර්තාවේ ත්‍රස්තවාදය මර්දනය ගැන තිබෙන පදනම පවා වැරැදි බවය.

වාර්තා වන ආකාරයට ගෝඨාභයගේ විශ්‍රාමික හමුදා ප්‍රධානීන් යොමුකර ඇති වාර්තාව පදනම් කරගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ. පරාද කරපු හැටියට අයි.එස්. පරාද කරවන්න යනුවෙනි.

LTTE විදිහට ISIS මර්දනය කරන්න බෑ !

එහෙත් වත්මන් හමුදා ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ එල්ටීටීඊ සංවිධානය පරාජය කළ ආකාරයට අයිඑස් ත්‍රස්තවාදය පරාජය කරන්න යන්න පදනම් විරහිත ඉලක්කයක් නොමැති අතිශය දුර්වල යෝජනාවක් බවයි.

එසේම අදාල යෝජනා කරන විදියට ත්‍රස්ත මර්දනයට යොමුවුවොත් තවත් අවුරුදු ගණනාවකට යුද්ධය දික් ගැස්සෙන බවත් වත්මන් හමුදා ප්‍රධානීන්ගේ අදහසව ඇත.

තවද එල්.ටී.ටී.ඊ. ය පරාජය කරපු විදියත් සම්පූර්ණ නැති බවත් එය අංශ භාග සැලැස්මක් බවත් මෙහිදී වත්මන් හමුදා ප්‍රධානීන් පෙන්වා දුන් බවත් දැනගන්නට ඇත.

ගෝඨා නඩයේ අංශභාග සැලසුම් !

ඒ බව තහවුරු කරමින් ආරක්ෂක අංශ ප්‍රධානීන් කරුණු පැහැදිලි කර ඇත්තේ එල්.ටී.ටී.ඊ.යේ යුධ ශක්තිය ඉවර කළාට ඔවුන් මතවාදීමය ලෙස පරාජය කරන්නට බැරිවූ බවය. මාධ්‍ය යුද්ධයේ දී ගෝඨාභය ඇතුලු ඔහුගේ හමුදා න්‍යායාචාර්‍යවරුන් සහ ප්‍රචාරක අංශ න්‍යායාචාර්‍යවරුන් පැරදුණ බවත් ඊට හේතුව ඔවුන් ත්‍රස්තවාදය පරාජය කරන හැටි දැනගෙන හිටියේ භාගෙට බවත් එහිදී පෙන්වා දී ඇත.

මේ පිරිස බාගෙට උගත් න්‍යායාචාර්‍යවරුන් බවත් නොදන්න අයට වඩා ඔවුන් භයානක බවටත් එහිදී සදහන්ව තිබේ.

ඒ අර්ථයෙන් ගෝඨාභය යුද්දෙ ඉවර කළෙත් භාගෙට බවත් හමුදා ගැන නම කැත වෙන තත්ත්වයන් ඇති කළේද ඒ භාග දැනුම් නිසා බවත් එහිදී වැඩිදුරටත් සදහන්ව තිබේ.

යුද්ධය ඉවර වුනා විතරයි සේරම වරද්ද ගත්තා !

තවද නීති විරෝධී නියෝග හමුදා නිලධාරීන් ලවා ක්‍රියාත්මක කරවා ඔවුන්ව හිරේ, විලංගුවේ වැටෙන තත්ත්වයට පත් කළේ, ලෝකෙටම එපා වෙලා සිටි එල්.ටී.ටී.ඊ. ලැදි දෙමල ඩයස්පෝරාවට ජාත්‍යන්ත්තර ප්‍රජාව තුළ වලංගුභාවයක් ලබා දී, ශ්‍රී ලංකා රජයටත්, ආරක්ෂක හමුදාවටත් තිබූ ජාත්‍යන්ත්තර පිළිගැනීම විනාශ කර, ප්‍රශ්නය ජිනීවා යන තරමටම සංකීර්ණ කර ගත්තේ ගෝඨා ප්‍රමුඛ හමුදා න්‍යායාචාර්‍යවරුන් ගේ සහ ප්‍රචාරක න්‍යායාචාර්‍යවරුන් ගේ නොහැකියාව සහ නොදැනීම නිසාම බවත් මෙහිදී අවධාරණය වී ඇත.

දැන් නවීන ක්‍රමෝපායන් දියත්කර තිබෙනවා !

නමුත් මේ වන විට ඒ සියලු අඩුපාඩු නැති, ඉතා සම්පූර්ණ, දියුණු, වේගවත් ක්‍රමවේදයන් අනුගමනය කරන බවත් මේ තරමටම වැටලීම්, අත් අඩංගුවට ගැනීම්, බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ ඒ නිසා බවටත් අදහස් ප්‍රකාශව තිබේ.

එසේම විශ්වාසයක් ඇතුව පාසල් අරින්න කියන්න ආරක්ෂක අංශ වෙත හැකියාව ලැබී ඇත්තේ සහ මුස්ලිම් බහුතර ජනතාව ආරක්ෂක අංශ මෙහෙයුම් වලට ඉතා වැදගත් තොරතුරු දෙන්නේද ඒ දියුණු උපාය උපක්‍රම නිසා බවත් ආරක්ෂක අංශ ප්‍රධානීන් වැඩිදුරටත් පවසා ඇත.

ගෝඨා ක්‍රමයට නම් මුස්ලීම් සේරම මරාගෙන මැරෙන බෝම්බකරුවන් වෙනවා !

තවද සිය දිවි නසා ගත් ත්‍රස්තවාදීන්ට අවසන් ආගමික වතාවත් කිරීමටවත් මවුලවිතුමෙක් ඉදිරිපත් නොවෙන්නේද මේ නිසා බවත් එහිදී අවධාරණය වී ඇත. නමුත් ගෝඨාභය ක්‍රමයට කළා නම් මුස්ලිම් ප්‍රජාවම සිය දිවි නසා ගන්නා ත්‍රස්තවාදීන් බවට පත්වීම වලක්වා ගැනීමට නොහැකි බවත් එහිදී සදහන්ව තිබේ.

එසේම මේ වන විට විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා සිදුකරන තවත් කටයුතු කිහිපයක් සම්බන්ධවද මෙහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශවී තිබේ.

ගෝඨා පාර්ශවයේ අපේක්ෂාව මෙන්න !

එහිදී අවධාරණය වී ඇත්තේ ආරක්ෂක අංශවල මෙහෙයුම්වලට සම්බන්ධ නියෝග ගෝඨාට හිතවත් පාවාදෙන ආරක්ෂක අංශ නිලධාරීන් හරහා මාධ්‍ය වෙත නිකුත් කරවා, තොරතුරු එලියට දී, සතුරා කොටුකර ගැනීම වළක්වා, යුද්ධ මෙහෙයුම් ගැන ජනතා විශ්වාසය දුර්වල කරලා මෙහෙයුම් කඩාකප්පල් කරන්න හදන්නේත්, ජාතිවාදය අවුස්සා සිංහල – මුස්ලිම් කෝලාහලයක් ඇතිකරවා යුද්ධය ජනාධිපතිවරණය දක්වා දික් ගස්සගන්න හදන්නේත් ගෝඨා ගේ ළගම සිටින ප්‍රචාරක න්‍යායාචාර්‍යවරුන් වන සගයන් ගෝඨා වෙනුවෙන් ම බව බව රහසක් නොවන බවය.

ඔය විකාර සැලසුම් අපට එපා !

ඒ වගේම ඉහත මත තමන් යටතේ තියෙන රූපවාහිනී ආයතන මගින් සමාජගත කරවන්නේත්, තමන්ගේ යටතේ තියෙන ප්‍රචාරක ආයතනවල පඩි ගෙවා ගත් සේවකයන් යොදවා සමාජ මාධ්‍ය හරහා මිනිස්සු බය කරනනේද, ත්‍රස්තවාදීන්ට තවම හොදින් පණ තියෙනවා කියන්න හදන්නේද, ජාතිවාදී මත සමාජගත කරවා ගැටුමක් නිර්මාණය කර මේ ප්‍රශ්නය තවත් සංකීර්ණ කර, දික් ගස්සන්න හදන්නේ ද ගෝඨා හිතවත් ප්‍රචාරක න්‍යායාචාර්‍යවරුයෙක් සහ කණඩායමක් බවත් ඒ නිසා ඔවුන්ගේ වාර්තාව අසම්පූර්ණ පමණක් නොවෙයි, ඔවුන්ගේ චර්‍යාව දේශදෝහී එකක් කියා හමුදා නායකයින් වාර්තාව බලා තරහින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

[News Tube]

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *