තවුහිත් ජමාත්හි තවත් පුහුණු කඳවුරක් නුවරඑළියෙන් වටලයි

නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කඳවුරක් නුවරඑළිය පොලීසිය සහ යුද හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය.

අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙන්  ප්‍රශ්න කිරිමේදි ඔහුගෙන්  ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කඳවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වි ඇත.

මෙම පුහුණු කඳවුර තුළ 38 දෙනෙකු පුහුණුව ලැබු බවත්, මෙම පුහුණු කඳවුරට සහරාන්ද සහභාගි වි ඇති බවත්, දිවයිනේ ස්ථාන කිහිපයකම සිදු කල මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම්   අප්‍රේල් 17 වෙනි දින සහරාන්ගේද සහභාගීත්වයෙන් සිදු කල ඇති බවයි දැනට සිදු කර ඇති මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත  ලබාගත් දෙමහල් නිවසකයි  මෙම පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් ඇත්තේ.

එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු  නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය කොට්ඨාස පොලිස් අධිකාරි ආර්.සුගතපාල මහතාගේ සහ නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරි මේජර් අසිත රණතිලක, නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන බස්නායක යන මහතුන්ගේ අධික්ෂණය යටතේ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

hiru

Leave a Reply

Your email address will not be published. Required fields are marked *