උතුරට හමුදා ආරක්ෂාව ඉල්ලයි

උතුර පළාතට පුමාණවත් හමුදා ආරක්ෂාවක් ලබාදෙන්නැයි දෙමළ ජාතික සංධානයේ මාවෙයි සේනාධිරාජා මහතා ආරක්ෂක අංශ වෙතින් ඉල්ලා තිබේ.

මීට පෙර උතුරෙන් හමුදා ඉවත් කරන්නැයි ඉල්ලාසිටි දේශපාලඥයන් අතර මාවෙයි සේනාධිරාජා ද ප්‍රමුඛස්ථානයක සිටියේය. ඒ මහතා එසේ ඉල්ලාසිටීමට හේතුව පසුගිය 21 වනදා පාස්කු ප්‍රහාරයෙන් පසු ව ඇති වූ තත්ත්වය නිසා සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවත් සෙසු දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා සාමාන්‍ය ජනතාව උතුරේ ජනජීවිතය ආරක්ෂා කිරීමට රජයේ හමුදා සිටිය යුතුයැයි හඬක් නැගීම නිසායැයි උතුරේ ආරංචි මාර්ග පවසති.

පසුගිය දා කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුරින් අපදා තත්ත්වයක් ඇති වූ අවස්ථාවේ ආරක්ෂක හමුදා ක්ෂණිකව විපතටපත් උතුරේ ජනතාවට පිහිට වූ නිසා හමුදාවෝ උතුරේ වැසියන්ගේ ආදරයට මෙන්ම ගෞරවයට ද පාත්‍රව සිටිති.

උතුරට බෝම්බ පිරවූ ලොරි කීපයක් පැමිණ ඇති බවට ආරංචි ලැබීමත් සමඟ උතුරේ ජනතාව වසර ගණනාවකට පසු ත්‍රස්ත වී සිටිති. ඔවුන් අයි.එස්. අයි.එස්. ත්‍රස්තවාදී සොයා කරන මෙහෙයුම් වලට හමුදාවට සිය උපරිම සහය ලබාදෙන බවට ආරංචි මාර්ග පවසයි.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *