අසත්‍ය ප්‍රචාර පලකරන මාධ්‍යවලට ඇමති අකිලගෙන් පිළිතුරක්

පාසැල් සිසුන් පාසැල් යාවා මියගියහොත් සුරක‍්ෂා රක් ෂණයෙන් රුපියල් ලක‍ෂයක් දෙන පණිවුඩය තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ මාධ්‍ය ජාලාවල මුදලට සේවය කරන්නන් විසින් සිදුකරන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කර සිටිනවා.

තමන් දෙදරු පියෙකු වශයෙන් පැවසූයේ එවැන්නක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කර සිටියා.

කුලියාපිටිය පිහිටි ඒ මහතාගේ නිවසේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

තමන් පාසැල් ආරම්භය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාව නිමකොට නික්ම යාමට සැරසුන අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ සුරක‍ෂා රක‍්ෂණය පිළිබඳව තමන් සිදුකළ ප්‍රකාශය මෙලෙස විකෘති කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *