සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ඇමැතිකම දෙන්නේ නෑ – ජනපති දැඩි තිරණයක

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය හෝ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ලබා නොදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැඩි තීරණයක සිටින බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික‍්‍රම ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු පස් දෙනෙක් පසුගියදා ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබුණි. එහිදි ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරයාට පවසා ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යාංශය හෝ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සරත් ෆොන්සේකාට ලබාදෙන ලෙසය.

එසේ ආරක්ෂාවට අදාල අමත්‍යාංශයක් සරත් ෆොන්සේකාට ලබාදුනහොත් ආරක්ෂාව සම්බන්ධයෙන් යහපත් තත්වයක් ඇතිකරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල දැනුම්දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මෙම යෝජනාව ජනාධිපතිවරයා තරයේ ප‍්‍රතික්ෂේප කර තිබේ. කුමන තත්වයක් යටතේ හෝ සරත් ෆොන්සේකාට එවැනි අමාත්‍යාංශයක් ලබාදීමට නොහැකි බව පවසා ඇති ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ එසේ එම අමාත්‍යාංශය ලබාදුනහොත් සරත් ෆොන්සේකා තමාද හිරේ දමනු ඇති බවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *