අල්ලපු ලියුම් මගේ – ඒවා නීති විරෝධී නෑ : කිරිඇල්ල කට අරියි !

ජනාධිපතිට අපහාස කර ඇති බව සදහන් කරමින්  පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ලිපි 600 තම අමාත්‍යාංශයේ සකස් කළ ඒවා බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිගෙන ඇති බව වාර්තා වෙයි.

ගුවන් විදුලි මාධ්‍යයක් විසින් සිදුකළ විමසීමකදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පිළිගෙන ඇති අතර අදාළ ලිපිය වෙබ් අඩවියකින් උපුටා ගත් එක්ක බවත්, එහි කිසිඳු රාජ්‍ය විරෝධී තොරතුරු ඇතුළත් නොමැති බවත් එහිදී පවසා ඇති බවත් වාර්තා වෙයි.

එසේම හැකිනම් එම ලිපිය මාධ්‍යයට මුදා හරින ලෙස ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදි පොලීසියෙන් ඉල්ලීමක් ද කර ඇති බවද වාර්තා වන අතර කෙසේවෙතත් මතභේදාත්මක මෙම ලිපියේ ඇතුළත් කරුණු හෝ ලිපිය බෙදා හැරීම පිළිබඳ තමන් දැනුවත් නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති සඳහන්ය.

LNW

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *