වඳ පෙති මිත්‍යාව …. – වෛද්‍ය මංජුලා රත්නභාරතී

වඳ පෙති තොගයක් අහු උනා කියලා සංවාදයක් මේ දවස්වල පැතිරෙන නිසා මං දන්න ටික ලියනවා කියලා හිතුවා.

 

මගේ වෛද්‍ය අධ්‍යාපන කාලය තුල හො වෘත්තීය දිවිය තුල කිසිම දිනක වඳ පෙති ගැන අසා හෝ දැක නැත.

උපත් පාලන පෙති කියා දෙයක් කාන්තාවන්ට ඇති අතර එවා වල හෝමෝන විවිධ මාත්‍රාවෙන් ඇත. එක් වරක් කෑමට එක් කර වඳ කිරීමක් හෝ උපත් පාලනයක් කල නොහැකි අතර ඒ සඳහා දිනපතා එකම වෙලාවට එකම මාත්‍රාව ගතයුතුයි.

පැය 72 පෙති ගැනත් කියනවා දුටුවෙමි. ඒ බොහෝ දුරට හදීසි ගැබ් ගැනීම් වලක්වන(emergency contraceptive pill) එක වන අතර postinor 1 සහ postinor 2 යනුවෙන් දෙකක් ඇත. මේවා කලවම් කිරීමෙන් වඳ කල නොහැක. හදිසි ගැබ් ගැනීමක් වැලැක් විය හැක.ඒකත් නිසි වෙලාවට නිසි මාත්‍රාව ගතයුතුයි. නැත්නං වැඩක් නැහැ.

ඊට අමතරව mifepristone සහ misoprostol ගැන සඳහන්ව තිබුනි. මේවා ගබ්සා කිරීම(medical termination of pregnancy) සඳහා භාවිතා වන අතර මම දැනුවත්ව ලංකාවේ තහනම් ඖෂධයකි. මවගේ ජීවිතයට හානියක් වන විටදි හැර ලංකාවේ ගබ්සාව තහනම් වන අතර ගබ්සා කිරීමට තීරනය කිරීම විශේසඥ වෛද්‍යවරු දෙදෙනෙක් විසින් තීරනය කල යුතු වෙයි. අධික මිලකින් යුතු මෙම ඖෂධය කෑමට එක් කරනවාට වඩා suicide kit හදන එක ලාබදායකය.

මීට අමතරව පිලිකා නාශක (cytotoxic drugs) බෙහෙත් වලට තාවකාලික මද සරු බාවයක් (sub fertility)ඇති කල හැකි අතර නමුත් කාලාන්තරයක් ගතයුතුය. මේවාද අධික මිලකින් යුක්තය. තවද මද සරු වීමට පෙර අධික හිසරදය වමනය වැනි ලකෂන පහලවේ. මේවා කෑමට එකතු කිරීමට සිතීම මට නං විහිලුවකි.

මගේ වෝල් එකේ සියයකට අධික විවිධ ක්ෂේත්‍ර වල නිපුණ වෛද්‍යවරු රාශියක් සිටියි. කරුණාකර මම වැරදි නං නිවැරදි කරන්න.

වෛද්‍ය වෘත්තිය යනු ලෙඩ්ඩුන්ට බෙහෙත් කිරීම පමනක්ම නොවේ…නොදැනුවත්කමට හෝ තක්කඩි කමට පිරිසක් විසින් සාවද්‍ය වෛද්‍ය කරැනු සමාජගත කරනවිට එයින් මිනිසුන් මුදාගැනීමද වෛද්‍ය වෘතිකයන් වන අපගේ යුතුකමක් වේ…
මේ අවස්ථාවේ නිවැරදි දේ ජනතාවට අප විසින් ලබා දිය යුතුයි.

– වෛද්‍ය මංජුලා රත්නභාරතී

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *