රැකියා වීසා බලපත් නොමැති සියලු දෙනා රටෙන් පිට කරනවා – ඇමති වජිර

රැකියා වීසා බලපත් නොමැති සියලු දෙනා රටෙන් පිටකරලීමට අවශ්‍ය විධිවිධාන යොදවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

රැකියා වීසා බලපත්වලින් තොරව පුද්ගලයන් ගණනාවක් ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු අණාවරනය වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත.

අග්‍රාමාත්‍යවරයා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා සමඟ මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත් වූ බවද ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ ඇති විදේශිකයන් පිළිබඳ කරුණු සොයා බලා ඔවුන් රට තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධව එහිදී අවධානය යොමු වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *