බෝම්බ ප්‍රහාර පිළිබඳව ජනපති කළින්ම දැනගෙන සිටියා – සුමන්තිරන්

පාස්කු ඉරු දින සිදුකරන ලද ප්‍රහාර පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළින්ම දැනගෙන සිටී බවත් නමුත් ඒ පිළිබඳව කිසිඳු පියවරක් නොගෙන පිටරට සංචාරයේ යෙදී සිටීම තමා තරයේ හෙළා දකින බව දෙමළ ජාතික සංධානයේ පා.ම. එම්.ඒ. සුමන්දිරන් මහතා තමන්ගේ යාපන නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පවසා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති යන අය මේ පිළිබඳව ජනපතිට කළින්ම අනතුරු ඇගවීමක් සිදුකළ බව තමන්ගේ ස්ථාවරය හැකි ඉක්මනින් ප්‍රසිද්ධියේ හෙළිකරාවී යන්න තමන් විශ්වාස කරන බවත් එතුමා පවසා ඇත.

ජනපති විදෙස්ගතවී සිටී අවස්ථාවේදී ද මේ බව දැනුම් දුන් බවත් තොරතුරු හෙළි වී ඇති බවත් නමුත් කිසිඳු පියවරක් නොගැනීම පිළිබඳ තමන් දැඩිව හෙළා දකින බවත් පවසා ඇත.

තවද, එල්ටීටීඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වෙන බව බොරු මිත්යාවක් ඇති කරමින් ඒ හරහා තමන්ට සමීප අයව පාලන බලයට ගෙන්වීමට හමුදා බුද්ධි අංශයේ සිටින ඇතැම් පිරිස් ජාතික තව්හීද් ජමාත්ව යොදාගෙන ඇති බවත් එයින් එක් කොටසක් වශයෙන් මහවිරු දින වකවානුවේදී වවුනතීවු ප්‍රදේශයේ පොලීසිය ඝාතනයට ලක්කළ බවත් සුමන්දිරන් මහතා චෝදනා කර ඇත.

ප්‍රහාරයට සම්බන්ධ අයගෙන් වැඩිපිරිසක් කාත්තාන්කුඩි ප්‍රදේශයේ අය බවත් එම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයා හිස්බුල්ලා බවත් කළකට පෙර හිස්බුල්ලා මුස්ලිම් ත්‍රස්තවාදී අදහස් ප්‍රසිද්ධියෙන්ම් පැවසූ බව පා.ම. එම්.එ. සුමන්දිරන් මහතා අද යාපන තම නිවසේ පැවති මාධ්‍ය හමුවේදී පවසා ඇත.

මේ සම්බන්ධව සොයාබැලීම් කටයුතු සිදුකළ යුතු අතර ජාතික තව්හීද් ජමාත් සංවිධානය බොහෝ පිරිස් මුදල් ලබාදී පෝෂණය කර ඇති බවත් පැවසූ එතුමා වැඩිදුරටත් පවසා සිටියේ මා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව පෙන්වා දුන් අතර ජාතික තව්හීද් ජමාත් සංව්ධානය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් අතර සම්බන්ධකම් තිබූ බවත් වක්‍රව පැවසූවා. යැයි සඳහන් කළා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *